Tuesday, July 28, 2020

සීත කඳුරැල්ලේ ...

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

කඳු යායේ හිම සේලේ
නව යව්වන පෙම් අරණේ
ඈ නුවන් මල් විලේ
මුදු මදහාස කැලුම් සැලෙ
ඈ නුවන් මල් විලේ
මුදු මදහාස කැලුම් සැලෙ

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

ඇයගේ සිනා රහස එදා
මා සිතට නොවේ දැනුනේ
ඈත කඳුකරයේ
මල් කැකුළුයි එය දන්නේ
ඈත කඳුකරයේ
මල් කැකුළුයි එය දන්නේ

සීත කඳුරැල්ලේ
සිසිලේ කුසුම් සලා
හිනැහේ
දුර පාවෙවී රුවන් වලා

ගායනය - රෝහණ සිරිවර්ධන 
පදරචනය - කරුණාරත්න අබේසේකර 
සංගීතය - රෝහණ වීරසිංහ 

හැත්තෑව දශකයේ දී සංස්කෘතික වැඩසටහනකට සහභාගි වෙන්න ජෝතිපාල, එම්.එස්. ප‍්‍රනාන්දු, සී.ඞී. ෆොන්සේකා, කි‍්‍රස්ටෝපල් පෝල් සමඟ නුවරඑළියට ගියා. දින හතරක් පහක් එහි සිටියා. එක්තරා යෞවනියක් අපව දැන හඳුන ගත්තා. ඇය මා කෙරෙහි විශේෂත්වයක් දැක්වූවා. අපි ආයෙත් කොළඹ එද්දී මේ යුවතිය කන්දක් උඩ ඉඳලා ලේන්සුවක් වනමින් අපට සමුදෙනවා දැක්කා. මට ඇය ගැන අනුකම්පාවක් ඇතිවුණා. මේ මිහිරියාව නිසා කොළඹට එද්දී මගේ හිතේ තනුවක් නිර්මාණය වුණා. කොළඹ ආ හැටියේ මම කරුණාරත්න අබේසේකර හමුවෙලා මේ කතාව කිව්වා. මල්ලී තනුව මුමුණන්න කියලා ඔහු මට කිව්වා. ඔහු විනාඩි දහයෙන් සිංදුව ලියුවා.
 
මෙම ගීය නිර්මාණය වුණේ ඒ විදිහටයි.

(දිවයින)





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...