Saturday, August 1, 2020

ඔබ අසා සිටි නම් ...

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

අපාර මහ සාගරේ..
අපාර මහ සාගරේ නැගෙන රැලි තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

අපරිමාණ අම්බරේ..
අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

වනන්තරේ නිරන්තරේ..
වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම්
ඔබට තිබෙන ආදරේ..
ප්‍රියේ ඒ තරම්…

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ඔබ අසා සිටි නම්, මම මෙසේ කියන්නම්
මගෙ හිතෙ ඔබට තිබෙන ආදරේ තරම්..

ගායනය - නෙලූ අධිකාරී
පද රචනය - මහින්ද දිසානායක
සංගීතය - රෝහණ වීරසිංහ 

මෑත භාගයේදී අතිශයින්ම ජනප්‍රිය වූ නෙලූ අධිකාරී ගායනා කරන මේ ගීතයද මහින්ද දිසානායකයන් ගේ තවත් අපූරු අත්දැකීමකි.

මම සති අග පත්තර කියවනවා වගේම කාන්තා පත්තරත් කියවනවා. දවසත් මම දැක්කා කාන්තා පුවත්පතකට අර්නස්ට් වඩුගේ කියන මාධ්‍යවේදියා ලිපියක් ලියලා තියෙනවා. ඒකෙ තිබුණා පුරුෂයෙකුට ආදරය වැදගත් වෙන්නේ ඒක ලබාගන්න තෙක් පමණයි. නමුත් කාන්තාවකට ආදරය කියන එක ඇගේ ජීවිතය තරම්ම වැදගත් කියලා. ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අත්දැකීම් ගත්තත් ඊට සමානයි. මගේ බිරිඳ වුණත් පෙම් කරන කාලේ කරපු ආදරය හැමදාමත් බලාපොරොත්තු වෙනවා නේද කියලා මට දැනුණා. ඒ ඇසුරින් තමයි මම “‘ඔබ අසා සිටී නම්" ගීතය ලිව්වේ. සමහරු ඉතින් මට දොස් කිව්වා මහින්ද ඇයි "ඇසට අසුවන මායිමේ" වගේ ගීතයක් ලියලා ඇයි මේවගේ බොළඳ ගීතයක් ලිව්වේ කියලා. ඔය කවුරු කොහොම කුමන ආකාරයකින් කිවුවත් ආදරය කියන තැනදී කවුරුත් බොළඳයි තමයි. හිට්ලර් මහා අධිපතිවාදියෙක් වුණත් ඊවා ළඟදි පූස් පැටියෙක් වගේනේ. ඒ නිසා ආදරය කොහොමත් බොළදයි තමයි.





නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...