Tuesday, February 2, 2021

තැන තැන රවුමට ...

තැන තැන රවුමට ඉඳගෙන

ඉඳහිට එබිකම් කර කර

(තැන තැන රවුමට ඉඳගෙන)

(ඉඳහිට එබිකම් කර කර)

ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා

රවුම වටේ යන විට කවි පද කියවෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා

(කොපර කොපර පිපිඤ්ඤා)

(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)


පැණි මොර මල් පිපුණු රෑට

කජු පුහුලන් ඉදුණු දාට

(පැණි මොර මල් පිපුණු රෑට)

(කජු පුහුලන් ඉදුණු දාට)

පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා

එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා

(කොපර කොපර පිපිඤ්ඤා)

(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)


කුන්දු පැනල නැටුවෙත් අපි

වච්චි කියල දිව්වෙත් අපි

(කුන්දු පැනල නැටුවෙත් අපි)

(වච්චි කියල දිව්වෙත් අපි)

හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා

වෛයිවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා


කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා

(කොපර කොපර පිපිඤ්ඤා)

(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)


තැන තැන රවුමට ඉඳගෙන

ඉඳහිට එබිකම් කර කර

(තැන තැන රවුමට ඉඳගෙන)

(ඉඳහිට එබිකම් කර කර)

ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා

රවුම වටේ යන විට කවි පද කියවෙන්නා


කොපර කොපර පිපිඤ්ඤා

පස්ස බැලුවොත් දෙසඤ්ඤා

(කොපර කොපර පිපිඤ්ඤා)

(පස්ස බැලුවොත් දෙසඤ්ඤා) ....///..


ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ ළමා කැළ

පද - අමරසේන කංකානම්ගේ

තනුව - එඩ්වඩ් ජයකොඩි


"කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලූවොත් දෙසඤ්ඤා,” ගීතය පිළිබඳව අමරසේන කංකානම්ගේ මහතා අදහස් දක්වමින් 


එවකට ජාතික රූපවාහිනීයේ විකාශනය වූ ගායනා වැඩසටහනට නැවත ගීතයක් ලියන්න වූ අවස්ථාවක තමයි මේ ගීතය ලිව්වේ. සාමාන්‍යයෙන් ඉස්සර සාමුහික ක‍්‍රීඩාවලට ළමයි නිතරම පෙලඹෙනවා. ඉස්කෝලෙදි උනත් ළමයි කාණ්ඬේ එකතු වෙලා ඔය ලේන්සු හංගන ක‍්‍රීඩාව කරනවා. එහෙම නැත්නම් ඔය වෙලේ ගොයම් කපලා පාගලා ඉවර උනාට පස්සේ කට්ටිය එකතු වෙලා ඔය සාමූහික ක‍්‍රීඩා කරනවා. සාමූහික ක‍්‍රීඩා කියන එක විතරක්ම නෙමෙයි මට ඕකෙදි කියන්න ඕන උනේ. ළමයින්ට ඔය ක‍්‍රීඩා ඔක්කොම නැතිවෙලා අලූත් අලූත් දේවල්, තුවක්කු අරවා මේවා තමයි දැන් ක‍්‍රීඩාවලට ළමයි පාවිච්චි කරන්නේ කියන හැඟීම තමයි මට ඒ ගීතයෙන් දෙන්න ඕන උනේ. වෛවාරණ සෙල්ලං බඩු ගමට ඇවිල්ලා කියන්නේ ඒකනේ. අපි පොඩි කාලේ ළමයි එකට එකතුවෙලා ඔය ලේන්සු හංගන ක‍්‍රීඩාව කරලා තියෙනවා. හරි සුන්දර ක‍්‍රීඩාවක්. ඒ ආකෘතිය තුළ ඉඳගෙන තමයි දෙමව්පියන් දරුවන්ට දිය යුතු දේවල් මොනවද නොදිය යුතු දේවල් මොනවද කියන එක මතක් කරලා දෙන්න මං මේ විදිහට ගීතය ලිව්වේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා ජන ක්‍රීඩාව 

ගමේ දරු දැරියන් අතර සිදුවන මෙම ක්‍රිඩාවේදී බොහෝ පිරිසකට සහභාගි විය හැක. දරුවන් රවුමට සිට ගනිති. එක්‌ දරුවෙක්‌ අතු කැබල්ලද රැගෙන රවුම වටේ යයි. රවුම වටේ යන අය සහ රවුමේ සිටින අය අතර සංවාදයක්‌ ගොඩනැඟේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

රවුමේ සිටින අය කෝ නෑනෝ පනාව කියන විට වට යන්නා යට ලීයේ පනාව යෑයි පිළිතුරු දෙයි. මේ අන්දමට කීප විටක්‌ කියයි. රවුමේ සිටින්නන් කළ ගෙඩි කළගෙඩි කියන විට රවුම වට යන්නා බෝතල බෝතල කියමින් වට දුවයි. මෙසේ දුවන අතරම අත්ත කෙනෙකු පිටුපස තබයි. වටය ගොස්‌ එතැනට එන්නට පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වට යන්නා ලුහු බඳියි. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට එයින් ගසයි. වට යද්දී වුවද කෙනෙකු පිටුපස බැලුවහොත් පහර වදී. එකිනෙකා මාරුවට දිගින් දිගටම මෙසේ සිදු වෙයි.

(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...