Tuesday, August 11, 2020

මතකය ඇසුරින් ...

 මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි

මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමී

අම්මා

අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමී

පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී


ඉස්සර දවසක උදැසනක ඔබ මා නළවන්න ඇතී

මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී

මගෙ හිස පිරි මැද මගෙ ගත පිරි මැද මුව සිප ගන්න ඇතී

ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී

අම්මා

අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමී

පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී //


ගායනය - ඉන්ද්‍රානි පෙරේරා

පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන

තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

මල්ලිකා - ඉන්ද්‍රානි - අයිරාංගනී කියන මේ අපූරු සොයුරියන් ‘ති‍්‍ර සිස්ටර්ස්. නමින් ගොඩනැෙඟනවා. ඒ ඇරඹුම කෙසේද කිව්වොත්?

අපි තුන්දෙනාම පාසල් කාලයේ තමයි මේ හැමදේටම යොමු වුණේ. ඔය කියන කාලෙ අක්කා ගායනයට යොමු වෙලා ඉවරයි. අමරදේවයන් ළඟ සංගීතය ඉගෙන ගත්තා. මම උඩරට නැටුම් ඉගෙන ගත්තා. නංගි නර්තන කලාවේ ඉහළටම ඉගෙන ගත්තා. ශේෂා පලිහක්කාර,සීතා ගමගේ, මිරැන්ඩා හේමලතා කියන ශිල්පිනියන් යටතේ. මම ඒ කාලේ මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම එක්ක ‘වන දෙව්ලිය තුරුලේ.” ‘දිල්හානී දුවනී. යන කියන ගීත දෙක කරලා ගොඩක් ජනපි‍්‍රය වුණා. ඊට පස්සෙ ‘සීගිරියේ. ගීතය කළා. ඒ තැටි හොඳට අලෙවි වුණා. ඉතින් අපේ දක්ෂකම් දැකලා තාත්තා කිව්වා ඔය තුන්දෙනා එකතු වෙලා සිංදු කිව්වොත් නරක ද කියලා. තාත්තගෙ යෝජනාවක් අනුව තමයි එදා ‘තී‍්‍ර සිස්ටර්ස්. බිහි වුණේ.

‘මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමී. ඔබ ගයන ඉතා සංවේදී ගීතයක්. එය ඔබේ ජීවිතයට සම්බන්ධයි කිව්වොත්?

ඔව්. ඒ සම්බන්ධය තමයි අපි පුංචි කාලෙම තමයි අපේ අම්මා ජීවිතයෙන් සමුගත්තෙ. ඒක අදටත් අපිට අමතක කරන්න බැරි සිදුවීමක්. නමුත් එදා ඒ අඩුව දැනෙන්න අපේ තාත්තා ඉඩ තිබ්බෙ නෑ. ¥වරු තුන් දෙනෙක් වුණාට ඔහු අපේ හැම ඕන එපාකමක්ම සොයා බලාගෙන යාළුවෙක් වගේ තමයි අපිත් එක්ක හිටියෙ. අම්මා නැති වුණාට පස්සෙ අපිට අම්මයි තාත්තයි දෙන්නම වුණේ අපේ තාත්ත. ඇත්තටම මම සමහර අවස්ථාවල තාත්තට දසමාසේ උරේ කත්වා කියලත් වැඳල තියෙනවා. ඔහොම ඉන්න කොට තැටි නිෂ්පාදකයෙකුගෙන් මට අවස්ථාවක් ලැබුණ ක්ලැරන්ස් විජේවර්ධනයන් ලවා ගීත හතරක් කරන්න. ඒ වෙද්දි ඔහු දැනගෙන හිටියා මගේ මව ජීවතුන් අතර නැහැ කියලා. ඔහු මා වෙනුවෙන්ම ඒ ගීතය නිර්මාණය කළා. ගායනා කළාට පස්සෙ එහි තියෙන සංවේදී බව නිසාම රසිකයො ඒක ඉතා ඉහළින් පිළිගත්ත. විශේෂයෙන්ම මවු සෙනෙහස අහිමි වූ අය.

(දිවයින)




    



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...