Thursday, January 14, 2021

ගයන ගැයුම් ..

ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හෙළයි

සෝක සුසුම් .....//


නිදන ලොවෙන් දවස උදාවී

සිහින මැදින් සතුට සිනාසේ

නුරා දෙතොල් පුරා එයින්

සුරා බඳුන් පුරා දෙමින්


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හළෙයි

සෝක සුසුම්


හිරු ඇහැරී බලන වෙලාවේ

පෙණ බුබුලේ සතුට නිමාවේ

හෙට උදයේ

හිරු එළියේ

සිහින ලොවේ

සැපත නිවේ


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හෙළයි

සෝක සුසුම්


ගයන ගැයුම් (ආ....

නටන නැටුම් (ආ....

ඉවත හළෙයි (ආ....

සෝක සුසුම්


මන්ද රැඳෙනු තවත්

මෙන්න උදය ඇවිත්

නින්ද නොලබන අන්ධ අඳුරෙන්

කැන්දු විදුලිය මෙන්


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හළෙයි

සෝක සුසුම් .....///.


ගායනය - ලොස් කබෙයියෙරෝස්

පද - මහගම සේකර

තනුව හා නාද සිත්තම - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


1966 වසරේදී තිරගතවූ "දෙලොවක් අතර" සිනමා කෘතියට නිර්මාණය වූ ගීයකි.


ලොස් කබෙයියෙරෝස් ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය


ලොස් කබෙයියෙරෝස් 1964 න් ඇරඹූ සිංහල ගී ගායනය, වසර දෙකක් වැනි කෙටි කාලයකදී බොහෝ දෙනා අතර මහත් ජනප්‍රියත්වයක් අත්කර ගත්තා පමණක් නොව, ප්‍රවීණයන්ගේ ද සිත් ඇද බැඳගත් බවට ඉහත ගීතය මනාවූ නිදසුනකි. මහගම සේකරයන්ගේ විශිෂ්ඨ ගී පද රචනයද ගීතයේ ජනප්‍රියත්වයට ඉමහත් ලෙස බලපා ඇත.


ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ඒ වන විට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් තුළ යම් ලකුණක් හදාගෙන තිබුණි. එය මනාව වටහා ගත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා නෙවිල් ඇතුළු පිරිසට තම සිනමා කෘතියට එක්ව ගීයක් ඉදිරිපත් කරන්නට ඇරයුම් කරයි. 


අමරදේවයන් ද, ලොස් කබෙයියෙරෝස් ලකුණ, නෙවිල් ඇතුළු කණ්ඩායමේ ගමන් මඟ හා ඔවුන්ගේ ඇඟේ ඇති සංගීතය හොඳින් කියවා අධ්‍යනය කර තිබූ බව, මේ ගීතයේ තනුවෙන් ද, නාද සංකලනයෙන් හා යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ආදියෙන් ද මනාව පසක් වේ.


නෙවිල් ප්‍රනාන්දු , අමරදේවයන්ගේ මේ ගී නිර්මානයට මහත් අභිරුචියකින් එක්වූවාට සැකයක් නැත. "දෙලොවක් අතර" චිත්‍රපටියට ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම "ගයන ගැයුම් නටන නැටුම්" ගායනය ඉදිරිපත් කරමින් පෙනී සිටියේය. එය ඔවුන්ගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තියයි.


උපුටා ගැනීම - ගී අරණ












චන්දෝ මා බිලිඳේ ...

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්

ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්


පතර බළැති සිරි කුන්ද විදාරණ

විතර බළැති සිරිධර පංචපාලන

බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ

නාඬන් දැන් එන්දෑ


දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා

චන්දන කුංකුමයෙන් සැදි රූපා

රන්ගිර'ගින් පායයි මුළු දීපා

මන්මද දැන් දරු සුන්දර රූපා


චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්

ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්


පැන පැන අතු දිග සොඳ දළු කන්නා

ඉඟි බිඟි කරමින් බැම නටවන්නා

වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා

ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා


චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්

ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්


අවර වෙන්න පෙර ගසට නගින්නා

උදා වෙන්න පළමුව හඬලන්නා

සදා පැටවු වට සාරා කන්නා

ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා


චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්

ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් ...//  (බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ)


ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග බෙංගාලි ගායිකා සචිත්‍ර මිත්‍ර

පද රචනය - ජන ගීයකි

ස්වර රටා - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


පසුකාලිනව අමිතා වැදිසිංහ, සමිතා මුදුන්කොටුව ආදී විවිධ ගායිකාවන් සමඟ අමරදේවයන් මෙම ගීතය ගයා ඇත.


ඉපැරණි වැදි ජන ගීයක් ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච මේ ගීතය අවුරුදු තුන්සීයක, හාරසීයක තරම් ඈත ඉතිහාසයකට අයිති වෙන ගීතයක්. දෙවන රාජසිංහ කියන්නෙ සෙනරත් රජුගෙත් කුසුමාසන දේවියගෙත් පුත් වුණු, කන්ද උඩරට රාජධානිය පාලනය කළ ශ්‍රේෂ්ඨ රජෙක්. රජවීමට පෙර මහා අස්ථාන සහ දේවරාජසිංහ යන නම් වලින් හැඳින්වුණත්, සිය පියාගෙන් අනතුරුව කිරුළ හිමිකරගැනීමෙන් පසු ජනයා අතර වඩාත්ම ප්‍රචලිත වුණේ “රාසිං දෙයියෝ” යන නාමයෙන්.


දෙවන රාජසිංහ ඈත සංචාරයන්හි යෙදෙද්දී ඔහු ප්‍රියකරන බිසවක් තමා හා ‍රැගෙන යෑම හෝ, එම ප්‍රදේශයෙන් තාවකාලික බිසෝකමට ස්ත්‍රියක් පාවාගැනීම සිරිතක් වී තිබුණේ ලු. අලුත් බිසව තමාට ඉතා ප්‍රිය නම් ඈව මාළිගාවට කැඳවාගෙන ඒමත්, අන්තඃපුරයේ ඉඩ මදි වන විට පැරණි බිසෝවරුන් නිදහස් කොට යටත් නිලධාරීන්ට පාවා දීමත් ඔහුගේ සිරිතක්ව තිබුණු බව කියැවෙනවා. බලවත් පාලකයෙක් මෙන්ම, කඩවසම් රූපයක් ද හිමිව තිබූ බව කියන ඔහුට පෙම් සබඳතා වලින් අඩුවක් නොතිබූ බවයි ජනප්‍රවාදයන්හි පැවසෙන්නේ. මේ, එවන් එක් ජනප්‍රවාදයක්. 


රාජසිංහ රජු රූමත් වැදි තරුණියක් සිය අන්තංපුරයට කැඳවා ගෙන ඇවිත් බිසවක් ලෙස තබාගෙන ඇත. ඒ වැදි බිසව තමන්ට දරුවන් නැති නිසා කතරගම දෙවියන්ට බාරයක් වූ බව සඳහන් වෙනවා පුතකු තමන්ට ලැබුනොත් තමන්ගේ කොණ්ඩේ කපලා දෙනවා කියලා කතරගම දේවාලේ අතුගාන්න. ඉතින් ඒ ආකාරයට ඇත්තටම ඇයගේ බාරය සපල කරමින් ඇයට පුතකු ලැබුනා. ඒ පුතා නලවපු ගීතය තමයි මේ චන්දෝ මා බිලිඳේ කියන ගීතය. මේ ගීය වැදි ජන ගී ආශ්‍රයෙන් තමයි නිර්මාණය වී තියෙන්නේ. ඇය වැදි බිසවක නිසයි ඇය මේ ගීය ගයා තම දරුවා නැලෙව්වේ. 


සියළුම මවුවරුන් සේ ඇයද තම දරුවා නැළවීමට නැළවිලි ගීත ගැයුවාය. තමා නිතර දකින ලද වන වදුළු තුල වූ පරිසරය තම නැලැවිලි ගීයට නගා එහී අලංකාරත්වයත් රජුගේ තෙදවත් බවත් එක්විටම පැවසෙන සේ ඇය තම දරුවා නැළවූයේ ඉහත ලෙසටය. මේ බිසවට රජු විසින් ගරු නම්බු නාමයක් දී ඇත. කුංකුම ආදි අබරණ ලබාදී ඇත. එනිසා ඇගේ රැහැට හිරූ පැයූ සේ ආලෝකයක් ඇති වී තිබේ. මේ සියල්ලම ලක පතල බල ඇති රජු නිසාය. මා ඔහු සමීපයේ නිසා නොහඳා නිදියා ගන්නා ලෙස මේ මව දරුවාට කියයි.


අනතුරුව ඇය වනයේ රිලවුන් සැරිසරන අයුරු තම දරුවාට කියා දෙන්නීය. රිළවුන් පිළිබඳ විස්තරය චිත්‍රයක් මෙන් මනාව ගලපා ඇති'යුරු බලන්න. රිළවා අතු අග සිට බුදින ආකාකය, උසුළු විසුළු ස්වභාවය හා අනතුරකදී පැටවුන් ලං කර ගන්න අන්දම සිද්ධි දාමයක් ලෙස මවා පෙන්වීමට කවියා සමත් වෙයි. අනතුරුව කුකුළන් ගේ දින චරියාව ලෙස පැටවුන් සමග සාරමින් අහුලමින් කෑම, රාත්‍රියේ ගස් මත නිදා ගැනීම හා උදෑසනට හැඬලීම එලෙසම මනාව චිත්ත රූප ජනනය වන අන්දමින් පෙන්වා ඇත.


මේ ගීය මුලින්ම අපට අහන්න ලැබුනේ “සංස්කෘති සඟරාවට (1953 දී පල කිරීම ආරම්භ කළ) කිරිහාමි මොහොට්ටාල කියලා එක මහත්මයෙක් සැපයෙව්වට පස්සේ. ඉන් අනතුරුවයි අමරදේවයන් මේ ගීය තමන්ගේ නාද මාධ්‍යයෙන් අර්ථකථනය කරලා ගායනා කරන්නට යෙදුනේ. අමරදේව ගායනා කරන මෙම පද වැල කටවහරෙන් ආපු වැදි නැළවිලි ගීයක් ආශ්‍රයෙන් බිහි වූවක්.


(උපුටා ගැනීමකි)







මගෙ පුතු හරි හපනා ...

මගෙ පුතු හරි හපනා

හෙට කොළඹ ට යනවා

පනම් තුනක් ලබ ලා

මටත් එකක් දෙනවා

මගෙ පුතු හපනා...


මගේ උකුළු යහනේ

අද සුව නැති හින්දා

ඒ නැළවිලි ගීයෙන්

පුතු නළවන්නට බෑ

වැවිලා දැලි රැවුලූ

උරතල වේ පුළුලූ

කටහඬ මොළකැටි නෑ

තුරුණු ය මා පුතණූ...


මගෙ පුතු හරි හපනා

හෙට කොළඹ ට යනවා...


ආශා ගී නුහුරූ

මා පුතු රවටයි දෝ

සවන් නොදෙනු පුතුනේ

ඒ ගී නැත මියුරූ..

පෙර මඟ අද ඔබගේ

පියතුම නැතැයි කියා

වෙනස් නොවනු පුතුනේ

ඔබෙ හද වෙසෙයි පියා...


ගායනය : රූපා ඉන්දුමතී

පදරචනය - දයා ද අල්විස්

තනුව සහ සංගීතය - ටී. ෂෙල්ටන් පෙරේරා


මගේ පුතු හරි හපනා ගීතය පිළිබඳව දයා ද අල්ව්ස් මහත්මිය අදහස් දක්වමින්.....

 

මගේ පුතා පුෂ්ප තරංග ඉතාම හොඳ දරුවෙක්. මාත් එක්ක අතේ එල්ලිලා ගුවන් විදුලියට එනවා. ළමා පරීක්ෂණයෙනුත් සමත්වෙලා කරු අයියගේ වෙළෙඳ දැන්වීම් වලටත් හඬ දීලා තියෙනවා. ඒ කාලේ කුසුම් පීරිස් ලියපු නාට්‍යයක මගේ පුතා හිටියා. පුතාගේ නමත් තරංග. චරිතයේ නමත් තරංග. ඔහොම ඉන්නකොට ජනප‍්‍රිය වෙලා දවසක් මම ගෙදර එනකොට තරංගට ලියුමක් ඇවිත් තිබුණා. කවදාවත් පුතාට එහෙම ලියුම් ඇවිත් තිබුණේ නැහැ. ඉතිං මගේ ටිකක් හිත ගැස්සුනා. ඒ වුණාට මං ලියුම කැඩුවේ නෑ. ඇවිල්ලා එයා ලියුම් කඩලා එහෙම්ම දැම්මා මෙසේ උඩ. ඒ ලියුම් කවරය කඩන්න මට හිතුනේ නැත්තේ ගොඩක් ලස්සන මලක් ඇඳලා බඹරෙක් ඇඳලා එතන කඩන්න බැරිවෙන විදිහට ඇඳලා තිබුණා. ඒක තමයි මගේ හිත ගැස්සුනේ. එයා ඒක කඩලා දාලා ගියාට පස්සේ එදා හැන්දෑවේම මං ඒක බැලූවා. ගෑණු ළමයෙක් ලියලා තියෙන්නේ. එයාගේ රඟපෑම් හරි හොඳයි. පත්තරේ ලිපියත් දැක්කා. ඔයා හරි ලස්සනයි. ඔයත් එක්ක ආශ‍්‍රය කරන්න මං කැමතියි, එහෙම කියලා ලියලා තිබුණා. මට ඉතිං හරි බයයි මේ ළමයාගේ ඉගෙනීම කඩාකප්පල් වෙන තත්ත්වෙකට එයිද කියලා. මේක දිගට යනවට මං බයවුණා. මං ඉතිං ඔය ගීතය ලියලා තිබ්බ මේසේ උඩ. එයා ඒක දකින්න ඇති. රූපා ඉන්දුමතීගේත් ලොකු පුතෙක් හිටියා. ඉතිං එයා මගෙන් ගීතයක් ඉල්ලපුවම මං ඕක දුන්නා. ඒ ගීතය ඉතාම හොඳ ගීතයක් කියලා පත්තර වල පවා ගියා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...