Thursday, January 14, 2021

ගයන ගැයුම් ..

ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හෙළයි

සෝක සුසුම් .....//


නිදන ලොවෙන් දවස උදාවී

සිහින මැදින් සතුට සිනාසේ

නුරා දෙතොල් පුරා එයින්

සුරා බඳුන් පුරා දෙමින්


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හළෙයි

සෝක සුසුම්


හිරු ඇහැරී බලන වෙලාවේ

පෙණ බුබුලේ සතුට නිමාවේ

හෙට උදයේ

හිරු එළියේ

සිහින ලොවේ

සැපත නිවේ


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හෙළයි

සෝක සුසුම්


ගයන ගැයුම් (ආ....

නටන නැටුම් (ආ....

ඉවත හළෙයි (ආ....

සෝක සුසුම්


මන්ද රැඳෙනු තවත්

මෙන්න උදය ඇවිත්

නින්ද නොලබන අන්ධ අඳුරෙන්

කැන්දු විදුලිය මෙන්


ගයන ගැයුම්

නටන නැටුම්

ඉවත හළෙයි

සෝක සුසුම් .....///.


ගායනය - ලොස් කබෙයියෙරෝස්

පද - මහගම සේකර

තනුව හා නාද සිත්තම - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


1966 වසරේදී තිරගතවූ "දෙලොවක් අතර" සිනමා කෘතියට නිර්මාණය වූ ගීයකි.


ලොස් කබෙයියෙරෝස් ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය


ලොස් කබෙයියෙරෝස් 1964 න් ඇරඹූ සිංහල ගී ගායනය, වසර දෙකක් වැනි කෙටි කාලයකදී බොහෝ දෙනා අතර මහත් ජනප්‍රියත්වයක් අත්කර ගත්තා පමණක් නොව, ප්‍රවීණයන්ගේ ද සිත් ඇද බැඳගත් බවට ඉහත ගීතය මනාවූ නිදසුනකි. මහගම සේකරයන්ගේ විශිෂ්ඨ ගී පද රචනයද ගීතයේ ජනප්‍රියත්වයට ඉමහත් ලෙස බලපා ඇත.


ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම ඒ වන විට ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් තුළ යම් ලකුණක් හදාගෙන තිබුණි. එය මනාව වටහා ගත්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා නෙවිල් ඇතුළු පිරිසට තම සිනමා කෘතියට එක්ව ගීයක් ඉදිරිපත් කරන්නට ඇරයුම් කරයි. 


අමරදේවයන් ද, ලොස් කබෙයියෙරෝස් ලකුණ, නෙවිල් ඇතුළු කණ්ඩායමේ ගමන් මඟ හා ඔවුන්ගේ ඇඟේ ඇති සංගීතය හොඳින් කියවා අධ්‍යනය කර තිබූ බව, මේ ගීතයේ තනුවෙන් ද, නාද සංකලනයෙන් හා යොදා ගෙන ඇති සංගීත භාණ්ඩ ආදියෙන් ද මනාව පසක් වේ.


නෙවිල් ප්‍රනාන්දු , අමරදේවයන්ගේ මේ ගී නිර්මානයට මහත් අභිරුචියකින් එක්වූවාට සැකයක් නැත. "දෙලොවක් අතර" චිත්‍රපටියට ලොස් කබෙයියෙරෝස් කණ්ඩායම "ගයන ගැයුම් නටන නැටුම්" ගායනය ඉදිරිපත් කරමින් පෙනී සිටියේය. එය ඔවුන්ගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තියයි.


උපුටා ගැනීම - ගී අරණ












No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...