Friday, January 29, 2021

මොහොතක සුවදෙන ...

මොහොතක සුවදෙන

චංචල ලෝකයේ

රූපිකාවන් සොයා මා

ගියේ නෑ

සෙනෙහසේ සුව සොයා

ඔබ පතා එන්නෙමි

මා ප්‍රියේ //


සිත දුක් වේවි

විටකදී ඔබගේ

සැලෙනු එපා මගෙ

රන් තරුවේ

ලොවම ඉදිරියේ

ඔබ මට රුසිරුයි

තැවෙනු එපා

මගෙ සුදු මැණිකේ

සැනසිලා අපි ඉමු ලංවෙලා


මොහොතක සුවදෙන..


ගලන රුහිරු මෙන්

දැනෙනා හැඟුමන්

ඔබගෙයි මාගෙයි

එක වාගේ

ලොවම ඉදිරියේ

ඔබ මට රුසිරුයි

තැවෙනු එපා

මගෙ සුදු මැණිකේ

සැනසිලා අපි ඉමු ලංවෙලා


මොහොතක සුවදෙන//


ගායනය - ප්‍රියා සූරියසේන 

පදරචනය - රූකාන්ත ගුණතිලක 

තනුව - අර්නස්ට් සොයිසා 


ප‍්‍රියා සූරියසේන මහත්මයා ගයන ”මොහොතක සුව දෙන චංචල ලෝකයේ” එහෙම බලෙන් වගේ ලියාගත් ගීතයක් නේද?


රූකාන්ත ගුණතිලක මහතා මේ පිළිබඳව සිය මතකය අවදි කරමින් ඒක ලිව්වෙත් කුලරත්න ආරියවංශ අපේ ප‍්‍රවීණ ගීත රචකයාගේ මහත් බලකිරීම මත. මම නිකං ස්ටුඩියෝ එකට ගියේ. යනකොට ලොකු පටිගත කිරීමක් අපේ මේ ප‍්‍රවීණ ගායක ප‍්‍රියා සූරියසේන මහත්මයාගේ. මම ගියේ මගේ මිත‍්‍රයා දයානන්ද පෙරේරා මුණගැහෙන්න. යනකොට හුඟක් අය එතන හිටියා. ඒ ඔක්කොමල්ලා මගේ යාළුවො. මං කුඩා කාලයේ ඉඳලා ක්ෂේත‍්‍රයේ හිටපු හින්දා මට වැඩිමල් අයත් මට මචං කියන්නේ. අපි තාම ඒ වගේ. ලොකු මිත‍්‍රයෝ. ඉතාම කුළුපගයි. අපිට ලොකු අතීතයක් තියෙනවා කුඩා කාලයේ ඉඳන් හමුවෙලා. එතකොට දයාත් එහෙමයි. දයා හම්බවෙන්න මම ගිය වෙලාවේ මාව දැකලා කුලේ ”ආ මේ ආවේ, මෙන්න ආවා, මචාං මේ මෙන්න මූට දෙන්න සිංදුවක් ලියන්න කියල” කියලා ඒ තාලේ මට දුන්නා. මං කිව්වා අනේ මට ලියන්න බෑ බං පිස්සුද කියලා. ඒ ගමන් ”පිස්සුද බං ඔන්න ඔහේ ලියපන් ඉඳගෙන” කියලා මට පුටුවකුත් දීලා මේසෙකුත් දීලා කොලෙයි පෑනයිත් දීලා මාව ඒ කාමරේට දාල දොර වැහුවා. මොකද එළියේ සද්ද ඇහෙනවා. කට්ටිය කෑ කෝ ගහනවා. සිංදුවක් පටිගත කරලා එළියට එනවනේ මහන්සි අරින්න. දැන් මං මේක ලියන්නම ඕන. අර්නස්ට් සොයිසා මහත්මයා ඇවිල්ලා මචං මෙන්න මේකයි සිංදුව කියලා ටන ටන ටන නන කියලා තාලේ කිව්වා. මං ඉතිං එවේලේ බොරු වචන ටිකක් ලියා ගත්තා. ඊට පස්සේ මගේ මනෝ ලෝකයට ගිහිල්ලා ගීතය ලිව්වා. දැන් මේ කතා කරද්දී මට තේරුණේ ඒකත් අර ‘මාවතේ’ වගේ. රූපිකාවන් සොයා මා ගියේ නෑ කියලා තමා මේ ගීතයේ ලියැවිලා තියෙන්නේ. මේකෙයි මුල් ගීතයෙයි ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. කොහොම හරි එක පාරට හදිසියේ ලියන්න වෙච්ච ගීතයක් තමයි මේ.

* මේ ගීතය එවෙලේම පටිගත කළාද?

ඒක මං දන්නේ නෑ. මම සිංදුව ලියලා දුන්නා. සිංදුව කියලා බැලූවා, තාලෙට හරිද කියලා. සංගීත අධ්‍යක්ෂවරයා හරි මචං කිව්වා, ඉවරයි. වෙලාව ? නවයට දහයට විතර ඇති. මං ඉතිං නුවර හරි මොකක් හරි බස් එකක එල්ලෙන්න ඕන කෑගල්ලේ එන්න. ඒ නිසා මං පිටවුණා. ඒක එච්චරයි.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)




නිල් නුවන් පෙඟෙන ...

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා

නුරාවෙන් වෙළී

මල් පිපෙන සුළඟ නීල වලා

තුළට ගුලි වෙවී

සඳ හොරෙන් සිනා වී

නිල් දිය මතට පාවෙමින්

හදේ දොරටු විවර කළෙමි

සොඳුර නුඹෙ නමින්


අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා

සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා

කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්

මගෙ සිත ගොළු වෙලා


නිල් නුවන් පෙඟෙන අඳුර ගලා

නුරාවෙන් වෙළී


ළැම හසුන් රැඟුම් පා මන මත් කළා දෝ

රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ

සිත සතුට ගෙනාවේ ඔබමය

මගේ හිතත් ඔබ ළඟ නැවතිලා


නිල් නුවන් පෙඟෙන අඳුර ගලා

නුරාවෙන් වෙළී

මල් පිපෙන සුළඟ නීල වලා

තුළට ගුලි වෙවී

සඳ හොරෙන් සිනා වී

නිල් දිය මතට පාවෙමින්

හදේ දොරටු විවර කළෙමි

සොඳුර නුඹෙ නමින්


ගායනය - එඩ්වඩ් ජයකොඩි

පද - අමරසේන කංකානම්ගේ

තනුව - රෝහණ වීරසිංහ


”නිල් නුවන් පෙෙඟන අඳුර ගලා නුරාවෙන් වෙලී ගීතය පිළිබඳව එහි පදරචක අමරසේන කංකානම්ගේ මහතා අදහස් දක්වමින්

ජී.බී.සේනානායකගේ අර නිශ්ශබ්දතාවය වගේ හිතේ තමයි තාමත් එයාගේ ආදරය තියෙන්නේ. මං හදවතේ දොරටුව දැන් ඔබ නමින් විවෘත කරලා තියෙන්නේ. ඒ වුණාට තවම ඔබගෙන් ඒකට කිසිම ප‍්‍රතිචාරයක් නෑ. ඊළඟට මේ පෙම්වතාට කල්පනා වෙනවා මේ ආදරය මොනතරම් පරිසරයත් එක්ක බද්ධ වෙනවද සමපාත වෙනවද කියලා. අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා, පරිසරය කොයිතරන් සශ‍්‍රික වෙලා තියෙනවද? දැන් අඩුවෙලා තියෙන්නේ මේ තරුණියගේ ආදරය විතරයි. 


ඔන්න ඔහොම ලියනකොට හැබැයි මට පොඩි අදහසක් ඔළුවට ආවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ තියෙනවනේ අර වල්මත් වී හසරක් නොදුටුමි කියලා නවකතාවක්. ඒකෙ එක තැනක තියෙනවා කපක් මුළුල්ලේ මුහුදු දියෙන් සේදුනු සක් පබලූන් සේ යනුවෙන්. අන්න ඒකෙන් තමයි මම ගත්තේ කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින් මගේ හිත ගොළුවෙලා කියන එක. පේ‍්‍රමය කියලා කියන්නේ ජීවිතයට ඉතාමත්ම සතුට දනවන අවස්ථාවක්නෙ. අනික අපි ළඟ ආදරය තියෙනවනේ. කා ළඟද ආදරය නැත්තේ. ඒක හින්දා විශේෂම කාරණයක් නැති නමුත් අපි අවංකව කතා කළොත් ලස්සන තරුණියන් යනකොට බලනවනේ. ඒ තරුණියන් බිම බලාගෙන ගියාට අපි බලනවනේ. ඒකනේ ඇත්ත. ඉතිං අපි ඒ බලන්නේ ඒ සෞන්දර්යය විඳින්න මිස වෙන දේකට නෙමෙයිනේ. එවැනි අවස්ථාවලදී අපේ හිතේ ඇතිවෙනවා නොයෙකුත් සංකල්ප රූප. මං හිතන්නේ එවන් අවස්ථාවක හිතේ මතු වෙච්ච සංකල්ප රූප තමයි මේ ගීතය තුළ තියෙන්නේ.

අමරසේන කංකානම්ගේ නම් ගුරුවර ගේය පද රචකයාගේ ගී සංකල්පනාව ඊටම ඔබින ගායන මාධූර්යයකින්, තාරුණ්‍යයයේ හඬකින් ගායනා කළ යුතු වේ නම් ඒ හඬ සතු වූයේ එඩ්වඩ්ටම පමණක් බවයි හැඟීම වූයේ. 

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ගීයෙන් ශ්‍රාවක අප වෙත ළං කෙරෙන අත්දැකීම ප්‍රේමයේ චමත්කාරය, සුන්දරත්වය අප හදට සමීප කරවන්නකි.


ළැම හසුන් රැඟුම් පා මන මත් කළා දෝ

රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ

සිත සතුට ගෙනාවේ - ඔබම ය

මගේ හිතත්

ඔබ ළඟ නැවතිලා...


කව්සිළුමිණෙහි මධුපානෝත්සව වැණුමෙහි බස අපට සිහිගන්වන අමරසේන කංකානමගේ ගේය පද රචකයාගේ ගීතයෙහි බස ගීතවත්ය. ව්‍යංගාර්ථ පිරි සංකල්පනා සහිතය. ප්‍රේමයේ සුකුමාරත්වය, චමත්කාරය එහි වදනක් වදනක් පාසා විඳින්නට හැකිය. ළැම හසුන් රැඟුම් පා මන මත් කළා දෝ....ළැමෙහි වෙසෙනා හංසයෝ රැඟුම් පාමින් සිත අවුල් කරයි. මහගම සේකර කවියා ඈත කඳුකර හිමව් අරණේ ගීතයෙහි දී පවසන්නේ රනින් කළ වන් පුළුල් උරයෙන් - හසුන් ළමදේ මුස කරන්නේ යනුවෙනි. සේකරගේ ගීයෙහි නිර්මිත කතුන්ගේ ළමැදෙහි හසුන් මුසපත් වන්නේ නල කුමරුගේ රනින් කළ බඳු පුළුල් උරයට වශීවීමෙනි.

එහෙත් සාමාන්‍ය ජීවිතයෙහි දී සිදුවන්නේ කාන්තාවකගේ පියයුරු නමැති හංසයන් විසින් පිරිමියකුගේ මනස කැලඹවීමයි. අවුල්වීමයි. ගීත රචකයා මෙහිදී මනා සංයමයකින් යුතුව පිරිමි සිත අවුල් කළ පියයුරු පමණක් නොව, ඇගේ දෙතොල් පිළිබඳව ද මහත් රුචියකින් පවසයි. රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ කියායි කවියා අසන්නේ. ගීයෙහි අරුත කුළු ගන්වන්නේ එඩ්වඩ්ගේ යෞවන හඬ පෞරුෂයයි.


(උපුටා ගැනීම දිවයින/දිණමිණ)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...