Monday, August 10, 2020

රුදුරු තුරු වදුලේ ...

 රුදුරු තුරු වදුලේ

තියුණු කටු අතරේ

දිලෙන සියුමැලියේ

ඔබයි ජීවන සුවඳ දෙන්නේ

‍රෝස කුසුම ‍මගේ

‍රෝස කුසුම ‍මගේ


මහදේ රන් සුමුගේ ඔබ තබලා

නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා

සුවඳ විඳිමින් හිඳිමි සැමදා

දෑස ‍වැසෙන තුරා

දෑස ‍වැසෙන තුරා


රුදුරු තුරු වදුලේ

තියුණු කටු අතරේ

දිලෙන සියුමැලියේ

ඔබයි ජීවන සුවඳ දෙන්නේ

‍රෝස කුසුම ‍මගේ

‍රෝස කුසුම ‍මගේ


මිහිරී රූ සිරි

මිහිරේ ජනනියේ

සිත සැනසේ ඔබ දසුනේ

මුදුමතී මුදුමතී

සිත සැනසේ ඔබ දසුනේ


රුදුරු තුරු වදුලේ

තියුණු කටු අතරේ

දිලෙන සියුමැලියේ

ඔබයි ජීවන සුවඳ දෙන්නේ

‍රෝස කුසුම ‍මගේ

‍රෝස කුසුම ‍මගේ


ගායනය - සුනිල් එදිරිසිංහ

පද - මහාචාර්ය කාලෝ ෆොන්සේකා

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

මේ ගීතයේ උපතද එහි පදවැල සේම අමුතුය. අපූරුය. මෙම ගීතයේ රචක මහාචාර්ය කාලෝ වරෙක එහි උපත ගැන මෙසේ පවසා තිබුණි.

"ඔය මම ලියපු රුදුරු තුරු වදුලේ ගීතය ලිව්වේ කවුරු සඳහා කියලාද මේ අය හිතන්නේ? ඒක මම මුලින්ම ලීවේ එච්.ආර්. ජෝතිපාලයන්ට. අවාසනාවකට එය පටිගත කිරීමට කලින් ඔහු අපට අහිමි වුණා. පස්සේ මම ඒක සුනිල් එදිරිසිංහ මහතාට ගයන්න දුන්නා. මේක මුලින්ම ලියැවුණේ ජෝතිපාලයන්ට නිසා ඔහුගේ ආරයටයි ලියැවී තිබුණේ. පස්සේ මම ඒක සුනිල්ට හරියන විදියට වචන වෙනස් කළා. 

මෙම ගීතය බොහෝ දෙනෙකු සුපුරුදු ආදර ගීයක් බවට සිතනවාට සැක නැත. නමුත් ගීතයෙන් කියවෙන්නේ පියෙක් තම දියණිය වෙත පාන සෙනෙහස සහ ආදරයයි.

තාත්තා කෙනෙක් දුවෙක්ට දක්වන ආදරේ කවදාවත් පෙන්නන්නෙ නැති වුනාට ඒ ආදරේ හිත පතුලෙන්ම එන කිසිම ආදරයකට සම කරන්න බැරි ආදරයක්. දූලගෙ රජ්ජුරුවෝ තාත්තා වගේම හැම තාත්තා කෙනෙක්ගෙම රැජිණ වෙන්නෙ තමන්ගෙ දුව. මේ ගීතය බැලු බැල්මට ශෘංගාරාත්මක ගීතයක් වගෙ පෙනුනත් අැතුළට එබිලා ටිකක් කල්පනා කරලා බැලුවම ගැබ් වෙලා තියෙන්නෙ මේ කියපු ආදරේ ගැන. තාත්තා කෙනෙක් දුවෙක්ට මේ සමාජේ ගැන වගේම එයාලගෙ හිතේ කැකෑරෙන ආදරය ගැන පුදුම විදියට ලස්සන වචන යොදාගෙන මහාචාර්ය කාලෝ ෆොන්සෙකා මහත්මයා ලියනකොට ගැබුරු හඬකින් ඒ ගීතය වර්ණවත් කරන්නෙ තවත් එක් පියෙක්. ඒ වෙන කවුරුත් නෙමේ විශාරද සුනිල් එදිරිසිංහ මහත්මයා.

රුදුරු තුරු වදුලේ – තියුනු කටු අතරේ

දිලෙන සියුමැලියේ – ඔබයි ජිවන සුවඳ දෙන්නේ

රෝස කුසුම මගේ – රෝස කුසුම මගේ

තාත්තා කෙනෙක්ට දුවෙක් හැමවෙලේම මලක් වගෙයි. කොච්චර දඟ වුනත් කොච්චර නපුරු වුනත් තාත්තලා දූවරු පරිස්සම් කරන්නෙ රෝසමල් වගෙයි. එයාලගෙ ජීවිත වර්ණවත් කරන්නෙ එළිය කරන්නෙ සාර්ථක කරන්⁣නෙ වෙන කවුරුත් නෙමෙයි. දූවරු තමයි ඉතින්. ඒ වුනාට මේ සමාජය හරිම කුරිරුයි, හරිම විෂ ගොහොරයි. හරියට ගස් කොළන් වලින් පිරිච්ච මහ වනාන්තර වල දෙපතුල් පසාරු කරගෙන යන්න තරම් කටු හැංගිලා තියනවා වගෙ. ඒ නිසයි තාත්තලා හැමවෙලේම දූවරු පරිස්සම් කරන්නෙ. 

මහදේ රණ්සුමුගේ ඔබ තබලා

නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා

සුවඳ විඳිමින් හිදිමි සැමදා

දෑස වැසෙන තුරා – දෑස වැසෙන තුරා

හැමදාමත් තාත්තලාගෙ හිතේ දූවරු හිටියේ මිලක් නියම කරන්න නොහැකි තැනක. දුවෙක්ට වටිනාකමක් දෙන්න තාත්ත කෙනෙක්ට බෑ. ඒ වගේම දුවෙක්ට කොච්චර ආදරේද කියල තාත්තා දන්නෙත් නෑ. එත් ඒ ආදරේ මහමෙරක් වගෙයි. අැස් දෙක පරිස්සම් කරනවට වඩා තමන්ගෙ දුවව හැම තාත්තා කෙනෙක්ම පරිස්සම් කරන්නෙ මේ නිසයි. දුවෙක් ලැබුනට පස්සෙ මියදෙන තුරාවටම අවශ්‍ය හැමදේම කොහොම හරි ගෙනත් දීලා හොඳින් උගන්නලා රටට වැඩදයී සුචරිතවක් දියනියක් බිහිකිරිමයි හැම තාත්තා කෙනෙක්ගෙම එකම ප්‍රර්ථනාව. එ් සාර්තකත්වයේ සුවඳ මිලින වෙලා යන අැස් දෙකෙන් තාත්තා කෙනෙක් බලාගෙන ඉන්නෙ කියාගන්න බැරි තරම් සතුටකින්.

මිහිරී – රූසිරී

මිහිරී – ජනනියේ

සිත සැනසේ ඔබ දසුනේ

මුදුමතී – මුදුමතී

සිත සැනසේ ඔබ දසුනේ

තාත්තලා කොච්චර දරදඬු වුනත් දුවලා ඉස්සරහ එයලා හරිම සෞම්‍යයයි. කොච්චර තරහ ගියත් දුවෙක්ගෙ අැස් දෙකෙන් කඳුලක් වැටෙනවා දකින්න කිසිම තාත්තා කෙනෙක් කැමති නෑ. ඒ මොකද එයාලට දුවරු හරිම මෘදුයි, සෞම්‍යයයි. හැම තාත්තා කෙනෙක්ටම තමන්ගෙ දුව පෙන්නේ හඳක් වගෙයි. ඇතැම් වෙලාවට නිසොල්මනේ ගලා බසින ගඟක් වගෙයි, එහෙමත් නැත්තන් ලස්සනම ලස්සම ගීතයක් වගෙයි. තාත්තලා කොච්චර මහන්සි වෙලා ගෙදර ආවත්, කොච්චර වැඩ කරලා ගෙදර ආවත් එයාලට සිත සැනහෙන්නෙ තමන්ගෙ දුව හුරතල් වුනාට පස්සෙයි. හැම තාත්තා කෙනෙක්ගෙම වටිනම සම්පත තමන්ගෙ දියණියයි. ඒ වගේම හැම දියණිකගෙම වටිනම දේ තමන්ගෙ තාත්තා. ගීතය ගලාගෙන යන්නෙ ඔන්න ඔය විදියටයි. හැම ආදරයම දෙමාපිය ආදරයට පරාදයි වගේම කිසිම ආදරයක් දෙමාපිය ආදරයට සම කරන්න බැහැ. තාත්තලා වගේම අම්මලත් දරුවන්ට පණ වගේ අාදරෙයි. ඒත් මේ ගීතය ලියවුනෙ තාත්තලා වෙනුවෙනුයි. ඒ නිසාම හැම ආදරණීය පියෙක්ටම මේ ගීතය උපහාරයක් වේවා!

(ගීත විග්‍රහය පමණක් උපුටා ගැනීම - වින්ඩිගේ ලෝකය)





සුභා කියා මා ...

 සුභා කියා මා ඔබ අමතන්නද

ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද

මට නම් නොහැඟෙන්නේ

කොහොම ඇමතුවත්

ඒ හා සැසඳෙන ඔබේ රුවින්

භවය පුරා මා සුවපත් වන්නේ


කිඳුරු ඇසින් දඹදිවම වශී කල

කිඳුරු ඇසින් දඹදිවම වශී කල

එදා ඉපදුන සුභා ලෙසේ

මෙදා මෙදියත උපන් සුභා ඔබමයි


සුභා කියා මා ඔබ අමතන්නද

ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද

මට නම් නොහැඟෙන්නේ

කොහොම ඇමතුවත්

ඒ හා සැසඳෙන ඔබේ රුවින්

භවය පුරා මා සුවපත් වන්නේ


ලැම විල රන් පෙති ගෝමර මාලා

ලැම විල රන් පෙති ගෝමර මාලා

නුපුරුදු හැඟුමක් හද කලඹයි

ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්න හිතෙයි


සුභා කියා මා ඔබ අමතන්නද

ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද

මට නම් නොහැඟෙන්නේ

කොහොම ඇමතුවත්

ඒ හා සැසඳෙන ඔබේ රුවින්

භවය පුරා මා සුවපත් වන්නේ


ගායනය - පුන්සිරි සොයිසා

තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු

පද - චන්ද්‍රසේන රංගේ


"සුබා කියා මා" ගීතය පුන්සිරි සොයිසා මහතාගේ අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය කර ඇත.

 

පුන්සිරි සොයිසා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් "ඔය කියන කාලේ තරුණයෙක් විදියට මගේ පුංචි සම්බන්ධයක් තිබුණා. ඒ ගෑනු ළමය ලස්සනයි. 1974 දී ගීතය ලියපු චන්ද්‍රසේන රංගේ මහත්මයට මම දුන්නෙ ස්වර්ණමාලී කියන නම. සුබා තෙරණියගේ රූ සපුව මතක් කරල ඔහු සුභා කියන නමත් යොදාගෙන ගීතය වෙනස්ම විදියකට රචනා කරල තිබුණා. ස්ටැන්ලි එම්. ප‍්‍රනාන්දු මහත්මයාගේ සංගීතයට අනුව මම එය සරල ගී වැඩසටහනකට ගැයුවා. කොහොමහරි ඉතින් බලාපොරොත්තු නොවුණ විදියේ ජනපි‍්‍රයත්වයක් එය ගීතයට ලැබුණා.







සොමියට වරෙන් පුතා ...

නිහාල් නෙල්සන් විසින් ගීත රචක හේමසිරි හල්පිට කරළියට කැන්දාගෙන එනු ලබන්නේ මෙම ගීතයත් සමගිනි. මෙය හල්පිටගේ ප්‍රථම ගීතයයි. එසේම එවැනි සමාජමය තත්ත්වයකට වත්සුණු තැවරූ එදා ඒ සමාජයට කරළියක් හැදූ තවමත් පවතින ප්‍රථම හා එකම ගීතය මෙයයි.

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ
වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි
තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි එළා ලා
ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

නළු මන්ට් ලා රිලි මන්ට් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නං කොත කුරුස වලට මගෙ ළඟ නෑ ඉඩ
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ගායනය- නිහාල් නෙල්සන්
තනු- නිහාල් නෙල්සන්
සංගීතය- ලාල් තේනබදු
රචනය- හේමසිරි හල්පිට

1954 වර්ෂයේ කොළඹ 12, එනම් පිටකොටුවේ මුහන්දිරම් ලේන් හීදී ගමගේ ගුණපාල නොහොත් ගුණේ අයියා මෙලොව එළිය දැක ඇත. ගුණපාලගේ පියා එකල හෝටල් හිමියෙක් වූ අතර ගුණසිංහ පිළිරුව අභියස පිහිටි සිංහල හෝටලය ඔහුගේ විය. ඔහුගේ සයවැනි පුතා ගුණපාලය. වයසින් වැඩෙත්ම ඔහු නැව් ජීවිතයට යොමු විය. ඒ තුලින් ඔහු වඩාත් සමාජශීලි ජීවිතයකට හුරු වූයේය. මෙම රස්සාවෙන් තෘප්තිමත් නොවූ ඔහු නැව් රස්සාව ඇතහැර පියාගේ හෝටලයේ කැෂියර් පුටුවේ වගකීම භාර ගත්තේ 1978 වසරේදීය. 

ඔහුගේ හෝටලයට පිටකොටුවේ මදාවි ෆ්ලැට් එක හොඳින් පෙනුනේය. එහි සිටි එක් කාන්තාවක් වූ සුසිලා කෙරෙහි ගුණපාලගේ සිත ඇදී ගියේය. ඔහු රුපියල් 5000 කට "මේ ගීතයට පදනම් වූ ගුණේ අයියගේ බජව් දාන කාමරේ" මිලදී ගෙන තිබුණේ සුසිලා නිතරම එම කාමරයට ඇස ගැටෙන නිසාවෙනි. ගෑණු කොතරම් ආශ්‍රය කරලා තිබුනත් ගුණපාලගේ සිත පැහැර ගැනීමට සුසිලා සමත් විය. පසුව ඔවුන් කසාද බැඳ එක් පුතෙකු ලැබුවත් පසුකලකදී සුසිලා වෙනත් පුද්ගලයෙකු සමඟ 1982 දී පමණ දීග ගොස් ඇත. පසුව ගුණපාල නොහොත් ගුණේ අයියා විසින් ගුණසිංහපුර කෙසෙල්වත්ත පිටකොටුව කේන්ද්‍ර කරගනිමින් හැලි අරක්කු ව්‍යාපාරයක් පටන් අරගෙන එයින් ලක්ෂපතියෙකු වී ඇත. ඉන්පස්සේ ගුණපාලගේ විනෝදනාත්මක ජොලි ජීවිතය පටන් අරගෙන ඇත. 

ඔහුගේ විනෝදනාත්මක ජීවිතයට සංගීතය බජව් ඉමහත් කැමැත්තක් වූ අතර ජනප්‍රිය ගායකයින්, සංගීතඥයින්ගෙන් ඔහුගේ කාමරය පිරී ඉතිරි ගියේය. ඔහු සැමට අත දිගහැර වියදම් කරමින් සල්ලි මිටි ගණන් විනෝදාය සඳහා විසි කර ඇත. නිතරම එහි මධූවිත, විවිධාකාර දුම් වර්ග, මස්කට්, පැණිබූන්දි වලින් මෙන්ම බජාර් එකේ අයියලාගෙන්ද පිරී තිබී ඇත. හරූන් ලන්ත්‍රා, නුවන් ගුණවර්ධන, නිහාල් නෙල්සන් එහි යාවජීව සාමාජිකයින් විය. දිනක් මෙම සමාගමට පැමිණි හේමසිරි හල්පිට විසින් කොල කැබැල්ලක ලියා දුන් ගීතය නිහාල් නෙල්සන්ගේ හඬින් රසවත්වී ජනප්‍රිය ගීතයක් බවට පත්විය.

ගුණේ අයියා ගීතය පුරාවටම දුවන විශේෂ ලක්ෂණය නම්, එහි ඇති බජාර් උප-සංකෘතියේ වචන මාලාවයි. ඕනෑම උප සංස්කෘතියක ඊට ආවේනික ගති ලක්ෂණ අඩංගු වෙනවා. ගුණේ අයියාගේ ගීතය ඊට හාත්පසින්ම වෙනස්. මෙහි මුල, මැද, අඟ සියල්ලෙන්ම ඒ උප-සංස්කෘතිය නිරූපණය වෙනවා.

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණේ අයියගේ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගේ කාමරේ

මේ කොටසේ අගුළු දාල නෑ දොරේ කියන එකෙන් ගුණේ අයියගේ තියෙන විවෘත කම, සැමට එක විදියට සලකන ගතිය පෙන්නනවා. මෙහි එන මස්කට්, පැනි බූන්දි යන යෙදුම මේ ගිතයේ වැදගත් කොටසක්. මස්කට්, පැනි බූන්දි වැනි පැනිරස කෑම අවශ්‍ය ගංජා පාවිච්චි කරන අයට. මේ නොකියා කියන්නේ ගුණේ අයියාගේ කාමරේ ගංජා පරිභෝජනය උපරිම ලෙසට සිදුවන බවයි.  හේමසිරි හල්පිට ශූරීන් ගංජා වචනය භාවිතා නොකර වක්‍රාකාරයෙන් එහි ඇති වින්දය වචනයට නඟා ඇති ආකාරය හරිම සුන්දරයි.

මෙහි එන සක්විති සුව යන්නේන් අදහස් වන්නේ ගංජා වලින් ලබන සුවය හැර අන් කවරක්ද?

ගුණේ අයියගෙ කාමරයේ අගුල් දමා නැත. ඕනෑම කෙනෙකුට ඒමටත් පිටව යාමටත් අවසරය ඇත. ඕනෑම තරාතිරමක විවිධ අය බාධාවකින් තොරව ගුණේ අයියා හමුවීමට එති. මෙහි 'දොරේ' යනුවෙන් මුඩුක්කු සමාජයේ තවත් පුද්ගලයෙකුට ආමන්ත්‍රණය කිරීමටද යොදාගනියි.

ගුණේ අයියගෙ කාමරයේ නිතරම 'රියල් කතා' හෙවත් සත්‍ය කතා අහන්න පුළුවන්.

මෙහිදී ගී රචක හල්පිට  මගේ කාමරේ යනුවෙන් සදහන් කරමින් මේ කතාව අපට කියන්නේ ගුණේ අයියා විසින්ම බව හඟවයි.

ගුණේ අයියගෙ කාමරයට පැමිණෙන විවිධාකාර පුද්ගලයන් ගැන හදුන්වාදෙයි. පච්ච සිරාලා, කොච්චි අලාලා, ගුස්පි රොබාලා වැනි මුඩුක්කු සමාජය තුළ විවිධ පුද්ගලයන් හැදින්වීම සදහා ලබාදී ඇති නම් මෙන්ම සලුමන්ලා එලිමන්ලා කමරකටාලා
අලි වන්සෙන් වැඩ පෙන්වන සුපර්මෑන් ලා
බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
ටු තව්සන් ත්‍රි තව්සන් යයි විසි කරලා

ගුණේ අයියගෙ කාමරයේ කාඩ් සෙල්ලමත් යහමින් සිදුවෙයි. එනම් බුරු ගැසීම. පෙර කි චරිත වලට අමතරව තවත් චරිත කිහිපයක් ඔහු හදුන්වා දෙයි. ඒ නම් ඇසෙන විටම ඒ චරිත වල ලක්ෂණ මනාවට විද්‍යාමාන වෙයි.  ගුණේ අයියගෙ කාමරයට පැමිණෙන මේ පොරවල්  ටු තව්සන් ත්‍රි තව්සන් විසිකරනේ බූරු ගැසීමටයි නැත්නම් සුදුවටයි. මෙහිදී ගී පද රචකයා මෙවැනි වචන මාලාවක් යොදාගන්න ලද්දේ ඒ මුඩුක්කු පරිසරයේ හැගීම මනාවට දැනවීමටයි. මේ වචන ඉංග්‍රීසි වචන භාවිතය ඒ සංස්කෘතියේ දැනට ලැබෙන ලක්ෂණයකි.

ටින්කිරි ටින් ඒකෙන් නැත්නම් ටොනික් ඩප්පියෙන්
ෆෙස්ටු ෆේස් එනවානම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක්කෙරුවොත් තෙල්විද ගමෙන්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන් 

මුඩුක්කු පරිසරයක වුවත් ගුණේ අයියා අවංක පරහිතකාමී පුද්ගලයෙකි. කිසියම් සටනකට හෙවත් ගැටුමකට මුහුණදෙන විට සතුරා සතුවන බලය අවබෝදකොටගෙන ඒ අනුව සටන් කරන පුද්ගලයෙකි. ගුණේ අයියා අතින් පයින් ගහගනිමට පැමිණි කෙනෙකුට කඩුවෙන් කොටන පුද්ගලයෙකු නොවෙයි. ඔහුද සටනට බහින්නේ අතින් පයිනි. මුඩුක්කු පරිසරයක ජිවත් වන මිනිසුන්ගේ ඇති ඇතැම් අව්‍යාජත්වය මෙයින් පෙන්නුම් කරයි. හැකි නම් හැකි බවත් බැරි නම් බැරි බවත් කෙලින් ප්‍රකාශ කරන බොරුව නැති පුද්ගලයෙකි. මේ සියලු කරුණු වටහා දෙන්නේ මුඩුක්කු උප භාෂාවේ එන වචන යොදාගනිමිනි. මුඩුක්කු සමාජයේ ජිවත්වන මිනිසුන් පිළිබදව කෙරෙන සමාජ විග්‍රහයක් මේ ගීතය තුළ දැකිය හැකිය.

කොත නං කොත කුරුසවලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගේත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත

මේ කීමක් සිදු වුවත් ගුණේ අයියගෙ මුඩුක්කු පරිසරයේ හෙවත් වත්තේ සියලු දෙනා ගැන තොරතුරු ගුණේ අයියා ඉතාම හොදින් දනියි. එනම් සියලු දෙනාගේ ක්‍රියාකලාපයන් හැසිරීම් ගතිගුණ ගුණේ අයියා ඉතාම හොදින් දනියි. ඒ බව උක්ත පද මාලාවෙන් පෙන්වාදෙයි. මොන කතා කිව්වත් මොන දේ සිදුකරත් ඒ සියල්ල සැමට පෙර ගුණේ අයියාට වාර්තා වෙයි. එමෙන්ම කාගේත් කැරැට්ටුව ගුණේ අයියා දනියි.

දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත

ගීය අවසන් වන්නේ මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ යන වචන මාලවෙන්නි නමුත් ගියේ අවසන් පද මාලාවේ ගුණේ අයියගෙ චරිත ලක්ෂණ මනාවට විග්‍රහ කරයි. දුකට සැපට දෙකටම කා වෙනුවෙන් වුවත් එලියට බහින ගුණේ අයියගෙ හිත බ්ලේඩ් වලින් වත කැපෙන්නෙ නැත.
මේ ගීය සැබවින්ම මුඩුක්කු සමාජයේ එක් චරිතයක් යොදාගෙන ඔහු පිළිබදව විවරණයක් කරමින් සමස්ත මුඩුක්කු සමාජයම පිළිබදව සුක්ෂම ලෙස විග්‍රහයකට ලක්කරන්නකි. ගීතයටම උචිත නාද මාලාවකින් යුක්ත වේග රිද්මයෙන් යුක්ත මේ ගීය අප කාගේත් සිත ඇද ගත්තේ එහි නාද මාලවටයි. ගීතය පුරාවට විහිදුනු සෑම වචනයක්ම මුඩුක්කු පරිසරයට අවේනික වචනයන් ය. මුඩුක්කු සමාජයට ආගන්තුක එකදු වචනයක් මේ පදමාලාවට යොදාගෙන නැත.

නිහාල් නෙල්සන්ගේ මෙම ගීතය 1985 දී "පුතුනි මට සමාවෙන්න" චිත්‍රපටය සඳහා යොදා ගෙන ඇත. මෙම ගීත  ජවනිකාව වෙනුවෙන් නිහාල් නෙල්සන් නටමින් රඟපා ඇත.

(උපුටා ගැනීමකි.)
(ජායාරූප උපුටා ගැනීම - මව්බිම පුවත්පත)










නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...