Monday, August 10, 2020

සුභා කියා මා ...

 සුභා කියා මා ඔබ අමතන්නද

ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද

මට නම් නොහැඟෙන්නේ

කොහොම ඇමතුවත්

ඒ හා සැසඳෙන ඔබේ රුවින්

භවය පුරා මා සුවපත් වන්නේ


කිඳුරු ඇසින් දඹදිවම වශී කල

කිඳුරු ඇසින් දඹදිවම වශී කල

එදා ඉපදුන සුභා ලෙසේ

මෙදා මෙදියත උපන් සුභා ඔබමයි


සුභා කියා මා ඔබ අමතන්නද

ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද

මට නම් නොහැඟෙන්නේ

කොහොම ඇමතුවත්

ඒ හා සැසඳෙන ඔබේ රුවින්

භවය පුරා මා සුවපත් වන්නේ


ලැම විල රන් පෙති ගෝමර මාලා

ලැම විල රන් පෙති ගෝමර මාලා

නුපුරුදු හැඟුමක් හද කලඹයි

ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්න හිතෙයි


සුභා කියා මා ඔබ අමතන්නද

ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද

මට නම් නොහැඟෙන්නේ

කොහොම ඇමතුවත්

ඒ හා සැසඳෙන ඔබේ රුවින්

භවය පුරා මා සුවපත් වන්නේ


ගායනය - පුන්සිරි සොයිසා

තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු

පද - චන්ද්‍රසේන රංගේ


"සුබා කියා මා" ගීතය පුන්සිරි සොයිසා මහතාගේ අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය කර ඇත.

 

පුන්සිරි සොයිසා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් "ඔය කියන කාලේ තරුණයෙක් විදියට මගේ පුංචි සම්බන්ධයක් තිබුණා. ඒ ගෑනු ළමය ලස්සනයි. 1974 දී ගීතය ලියපු චන්ද්‍රසේන රංගේ මහත්මයට මම දුන්නෙ ස්වර්ණමාලී කියන නම. සුබා තෙරණියගේ රූ සපුව මතක් කරල ඔහු සුභා කියන නමත් යොදාගෙන ගීතය වෙනස්ම විදියකට රචනා කරල තිබුණා. ස්ටැන්ලි එම්. ප‍්‍රනාන්දු මහත්මයාගේ සංගීතයට අනුව මම එය සරල ගී වැඩසටහනකට ගැයුවා. කොහොමහරි ඉතින් බලාපොරොත්තු නොවුණ විදියේ ජනපි‍්‍රයත්වයක් එය ගීතයට ලැබුණා.







No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...