Tuesday, August 4, 2020

දෑස පියාගත් කල ...

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ..//
කුමාරියේ...අමතක නොවේ....ලස්සන රුවේ...
සිත සැනසුවේ.....//

අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ...//
සිත කැළඹුනේ - ඇයි නොම දැනේ...
කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී..

දෑස පියාගත් කල..

රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා...//
මතකය මගේ - අවදි වුනේ..
ඒ එදා‍ය මේ මෙදාය මට සිතාගන්න නොදී...

දෑස පියාගත් කල...

පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය : ජැක්සන් ඇන්තනි/ ජෝර්ජ් සේනානායක 

70 දශකයේදී චිත්‍ර කතා පත්තර පාඨක ජනතාව අතර ජනප්‍රිය මාධ්‍යයක් විය. එම මාධ්‍යය යෞවන යෞවනියන් අතර ජනප්‍රිය කරලීම සඳහා සතුට චිත්‍ර කතා පත්තරයට සම්බන්ධ වී නිර්මාණකරණයේ යෙදුණ ජනක රත්නායක නම් විශිෂ්ට චිත්‍ර ශිල්පියා විසින් මහඟු මෙහෙවරක් ඉටු කර ඇති බව අවිවාදිතය. සංවේදී ආදර කතාන්දරයක් කේන්ද්‍රගත කරමින් ඒ වටා නිර්මාණය කරනු ලබන චරියන්ගේ හැඩ තල තත්කාලීන සමාජයේ ජීවත් වූ චරිතයන්ට වඩා එයට දශකයකට පමණ ඉදිරියේදී දැක බලා ගත හැකි චරිතයන් බවට නිර්මාණය කිරීමට ජනක සැම විට උත්සාහ ගෙන තිබීම, ඔහුගේ ප්‍රතිභාවේ අනන්‍යතාවය විය. එබැවින් ඔහු මැවූ චරිතවලින් සර්වකාලීන බවක් විශද විය. ජනක විසින් සතුට චිත්‍ර කතා පත්තරයට නිර්මාණය කරන ලද සුසීමා චිත්‍ර කතාව පාදක කරගෙන ‘සුසීමා’ ටෙලි නාට්‍යය නිර්මාණය කරන ලද්දේ ෆයින් විෂන් රූපවාහිනී නිෂ්පාදන ආයතනයේ අධිපති රොහාන් වැලිවිට විසිනි. විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන ලද ප්‍රවීණයන්ගේ පළමු රූපවාහිනී ආගමනය සිදුවන්නේ ද මේ ටෙලි නාට්‍ය නිර්මාණය තුළිනි. ජැක්සන් ඇන්තනි සහ ක්ලැරන්ස් විජේවර්ධන ඒ අතුරින් ප්‍රධාන වේ. ටෙලි නාට්‍යය පුරා දිවෙන සංගීත අන්දරය ඖචිත්‍ය වශයෙන් ගීත සහ සංගීත ඛණ්ඩ යොදා ගැනීම පිණිස ක්ලැරන්ස් දැක් වූ දක්ෂතාවය අද පවා එම ටෙලි නාට්‍යය ජනතා ආකර්ෂණය දිනා ගැනීමට හේතු ප්‍රත්‍ය වන ප්‍රධාන සාධකය බව අවිවාදිතය. ජැක්සන් ඇන්තනි සහ ජෝ්ර්ජ් සේනානායක විසින් ටෙලි නාට්‍යයේදී ගායනා කරනු ලබන ‘දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව’ යන ගීතයට දශක තුනක ආයු කාලයක් ගත වී තිබුණ ද වර්තමානයේදී පවා ඕනෑම සම්භාෂණයකදී ගැයෙන ගීතයක් බවට එය ජනප්‍රිය වී ඇත. එයින් විශේෂ වන්නේ ක්ලැරන්ස්ගේ නොමියෙන ප්‍රතිභාවයි.

(උපුටා ගැනීම - අනුර මාධව ජයසේකර)



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...