Thursday, January 7, 2021

උගතුන් මැද ...

උගතුන් මැද

උගතෙක් වෙන්නයි

උපන් දැයට

සෙත සලසන්නයි

අපේ පැතුම්

මතු ඉටුවෙන්නයි

පුතා උතුම්

මිනිසෙක් වෙන්නයි


අසූ රියන්‍

උස බුදු රූ බැන්දේ

සුවිසල් වැව්

දාගැබ් ගොඩනැගුවේ

එදා පටන්

පුතු ගැනමයි සිතුවේ

මගේ පුතා

රජ වෙන්නයි පැතුවේ


උගතුන් මැද

උගතෙක් වෙන්නයි...


පුංචි උසස්

අය කීවත් මොනවා

පුංචි පුතුට

මේ ටික පවසනවා

පුංචි මැදුර

තුල අද බිහිවෙනවා

පුංචි අපත්

හෙට රජවරු වෙනවා


උගතුන් මැද

උගතෙක් වෙන්නයි...//


ගායනය - චිත්‍රා සෝමපාල 

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල 

පදරචනය - හේම ශ්‍රී ද අල්ව්ස් 

උගතුන් මැද උගතකු වෙන්නැයි, දිනු දැයට සෙත සලසන්නයි ගීතය පිළිබඳව හේම ශ්‍රී ද අල්විස් මහතා අදහස් දක්වමින් "චිත‍්‍රා සෝමපාලට ලියලා දුන්නේ ඒ ගීතය. ඒක ලිව්වේ පේ‍්‍රමදාස මහත්තයා හින්දා ඡන්ද කාලෙට හැම තැනම රැුස්වීම් තියෙනවනේ. එක එක පක්ෂවලින් කතා කරනවනේ. එක මීටිං එකකදී ආපු මිනිස්සු වගයක් පේ‍්‍රමදාස මහත්තයට දොස් කියනවා ඇහුණා. සෙනඟ අතර ඉන්න කොට ඇහෙනවනේ. පැල් කොටෙන් ආපු එකෙක්, ඉගෙන ගත්තේ නැති මෝඩයෙක් කියලා. එක එක දොස් කිව්වා. මට දැන් හරි හිතට අමාරුයි. වැඩට ආවම චිත‍්‍රායි, සෝමපාලයි දෙන්නත් හිටියා. පස්සේ මට පී.එල්.ඒ. සෝමපාලත් කිව්වා, බලනවකො හේමශ‍්‍රී මේ මනුස්සයට බනින බැනිල්ල, අතු පැලෙන් ආවා, ලැවරියා වික්කා කිය කියා හරියට දොස් කියනවා කියලා. මං කිව්වා ඉන්න සෝමපාල අපි ලියමු ඒකට කියලා, ඒ අදහස තමයි මං ඔය ලියලා තියෙන්නේ ඔය ගීතයේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...