මොහොතක සුවදෙන
චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා
ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා එන්නෙමි
මා ප්‍රියේ //
සිත දුක් වේවි
විටකදී ඔබගේ
සැලෙනු එපා මගෙ
රන් තරුවේ
ලොවම ඉදිරියේ
ඔබ මට රුසිරුයි
තැවෙනු එපා
මගෙ සුදු මැණිකේ
සැනසිලා අපි ඉමු ලංවෙලා
මොහොතක සුවදෙන..
ගලන රුහිරු මෙන්
දැනෙනා හැඟුමන්
ඔබගෙයි මාගෙයි
එක වාගේ
ලොවම ඉදිරියේ
ඔබ මට රුසිරුයි
තැවෙනු එපා
මගෙ සුදු මැණිකේ
සැනසිලා අපි ඉමු ලංවෙලා
මොහොතක සුවදෙන//
ගායනය - ප්‍රියා සූරියසේන
පදරචනය - රූකාන්ත ගුණතිලක
තනුව - අර්නස්ට් සොයිසා
ප‍්‍රියා සූරියසේන මහත්මයා ගයන ”මොහොතක සුව දෙන චංචල ලෝකයේ” එහෙම බලෙන් වගේ ලියාගත් ගීතයක් නේද?
රූකාන්ත ගුණතිලක මහතා මේ පිළිබඳව සිය මතකය අවදි කරමින් ඒක ලිව්වෙත් කුලරත්න ආරියවංශ අපේ ප‍්‍රවීණ ගීත රචකයාගේ මහත් බලකිරීම මත. මම නිකං ස්ටුඩියෝ එකට ගියේ. යනකොට ලොකු පටිගත කිරීමක් අපේ මේ ප‍්‍රවීණ ගායක ප‍්‍රියා සූරියසේන මහත්මයාගේ. මම ගියේ මගේ මිත‍්‍රයා දයානන්ද පෙරේරා මුණගැහෙන්න. යනකොට හුඟක් අය එතන හිටියා. ඒ ඔක්කොමල්ලා මගේ යාළුවො. මං කුඩා කාලයේ ඉඳලා ක්ෂේත‍්‍රයේ හිටපු හින්දා මට වැඩිමල් අයත් මට මචං කියන්නේ. අපි තාම ඒ වගේ. ලොකු මිත‍්‍රයෝ. ඉතාම කුළුපගයි. අපිට ලොකු අතීතයක් තියෙනවා කුඩා කාලයේ ඉඳන් හමුවෙලා. එතකොට දයාත් එහෙමයි. දයා හම්බවෙන්න මම ගිය වෙලාවේ මාව දැකලා කුලේ ”ආ මේ ආවේ, මෙන්න ආවා, මචාං මේ මෙන්න මූට දෙන්න සිංදුවක් ලියන්න කියල” කියලා ඒ තාලේ මට දුන්නා. මං කිව්වා අනේ මට ලියන්න බෑ බං පිස්සුද කියලා. ඒ ගමන් ”පිස්සුද බං ඔන්න ඔහේ ලියපන් ඉඳගෙන” කියලා මට පුටුවකුත් දීලා මේසෙකුත් දීලා කොලෙයි පෑනයිත් දීලා මාව ඒ කාමරේට දාල දොර වැහුවා. මොකද එළියේ සද්ද ඇහෙනවා. කට්ටිය කෑ කෝ ගහනවා. සිංදුවක් පටිගත කරලා එළියට එනවනේ මහන්සි අරින්න. දැන් මං මේක ලියන්නම ඕන. අර්නස්ට් සොයිසා මහත්මයා ඇවිල්ලා මචං මෙන්න මේකයි සිංදුව කියලා ටන ටන ටන නන කියලා තාලේ කිව්වා. මං ඉතිං එවේලේ බොරු වචන ටිකක් ලියා ගත්තා. ඊට පස්සේ මගේ මනෝ ලෝකයට ගිහිල්ලා ගීතය ලිව්වා. දැන් මේ කතා කරද්දී මට තේරුණේ ඒකත් අර ‘මාවතේ’ වගේ. රූපිකාවන් සොයා මා ගියේ නෑ කියලා තමා මේ ගීතයේ ලියැවිලා තියෙන්නේ. මේකෙයි මුල් ගීතයෙයි ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. කොහොම හරි එක පාරට හදිසියේ ලියන්න වෙච්ච ගීතයක් තමයි මේ.
* මේ ගීතය එවෙලේම පටිගත කළාද?
ඒක මං දන්නේ නෑ. මම සිංදුව ලියලා දුන්නා. සිංදුව කියලා බැලූවා, තාලෙට හරිද කියලා. සංගීත අධ්‍යක්ෂවරයා හරි මචං කිව්වා, ඉවරයි. වෙලාව ? නවයට දහයට විතර ඇති. මං ඉතිං නුවර හරි මොකක් හරි බස් එකක එල්ලෙන්න ඕන කෑගල්ලේ එන්න. ඒ නිසා මං පිටවුණා. ඒක එච්චරයි.
(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා/දිවයින)
No comments:
Post a Comment