Thursday, January 14, 2021

මගෙ පුතු හරි හපනා ...

මගෙ පුතු හරි හපනා

හෙට කොළඹ ට යනවා

පනම් තුනක් ලබ ලා

මටත් එකක් දෙනවා

මගෙ පුතු හපනා...


මගේ උකුළු යහනේ

අද සුව නැති හින්දා

ඒ නැළවිලි ගීයෙන්

පුතු නළවන්නට බෑ

වැවිලා දැලි රැවුලූ

උරතල වේ පුළුලූ

කටහඬ මොළකැටි නෑ

තුරුණු ය මා පුතණූ...


මගෙ පුතු හරි හපනා

හෙට කොළඹ ට යනවා...


ආශා ගී නුහුරූ

මා පුතු රවටයි දෝ

සවන් නොදෙනු පුතුනේ

ඒ ගී නැත මියුරූ..

පෙර මඟ අද ඔබගේ

පියතුම නැතැයි කියා

වෙනස් නොවනු පුතුනේ

ඔබෙ හද වෙසෙයි පියා...


ගායනය : රූපා ඉන්දුමතී

පදරචනය - දයා ද අල්විස්

තනුව සහ සංගීතය - ටී. ෂෙල්ටන් පෙරේරා


මගේ පුතු හරි හපනා ගීතය පිළිබඳව දයා ද අල්ව්ස් මහත්මිය අදහස් දක්වමින්.....

 

මගේ පුතා පුෂ්ප තරංග ඉතාම හොඳ දරුවෙක්. මාත් එක්ක අතේ එල්ලිලා ගුවන් විදුලියට එනවා. ළමා පරීක්ෂණයෙනුත් සමත්වෙලා කරු අයියගේ වෙළෙඳ දැන්වීම් වලටත් හඬ දීලා තියෙනවා. ඒ කාලේ කුසුම් පීරිස් ලියපු නාට්‍යයක මගේ පුතා හිටියා. පුතාගේ නමත් තරංග. චරිතයේ නමත් තරංග. ඔහොම ඉන්නකොට ජනප‍්‍රිය වෙලා දවසක් මම ගෙදර එනකොට තරංගට ලියුමක් ඇවිත් තිබුණා. කවදාවත් පුතාට එහෙම ලියුම් ඇවිත් තිබුණේ නැහැ. ඉතිං මගේ ටිකක් හිත ගැස්සුනා. ඒ වුණාට මං ලියුම කැඩුවේ නෑ. ඇවිල්ලා එයා ලියුම් කඩලා එහෙම්ම දැම්මා මෙසේ උඩ. ඒ ලියුම් කවරය කඩන්න මට හිතුනේ නැත්තේ ගොඩක් ලස්සන මලක් ඇඳලා බඹරෙක් ඇඳලා එතන කඩන්න බැරිවෙන විදිහට ඇඳලා තිබුණා. ඒක තමයි මගේ හිත ගැස්සුනේ. එයා ඒක කඩලා දාලා ගියාට පස්සේ එදා හැන්දෑවේම මං ඒක බැලූවා. ගෑණු ළමයෙක් ලියලා තියෙන්නේ. එයාගේ රඟපෑම් හරි හොඳයි. පත්තරේ ලිපියත් දැක්කා. ඔයා හරි ලස්සනයි. ඔයත් එක්ක ආශ‍්‍රය කරන්න මං කැමතියි, එහෙම කියලා ලියලා තිබුණා. මට ඉතිං හරි බයයි මේ ළමයාගේ ඉගෙනීම කඩාකප්පල් වෙන තත්ත්වෙකට එයිද කියලා. මේක දිගට යනවට මං බයවුණා. මං ඉතිං ඔය ගීතය ලියලා තිබ්බ මේසේ උඩ. එයා ඒක දකින්න ඇති. රූපා ඉන්දුමතීගේත් ලොකු පුතෙක් හිටියා. ඉතිං එයා මගෙන් ගීතයක් ඉල්ලපුවම මං ඕක දුන්නා. ඒ ගීතය ඉතාම හොඳ ගීතයක් කියලා පත්තර වල පවා ගියා.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...