Saturday, July 11, 2020

පනාමුරේ...

පනාමුරේ.... පනාමුරේ...
පනාමුරේ ඇත් රාජා
පනාමුරේ ඇත් රාජා
අභීත නද පා
හස්‌ති රජා ඒ//

කළේ සටන් පා තේජා
පනාමුරේ ඇත් රාජා

සොහොයුරු කැල සොයනා වූ නිදහස
සඳහා පණදුන් ආලේනී...
ජාතිය උදෙසා ජීවේ පුදලා
සිහිවේ සිහිවේ නාමේ ඔබගේ
කළේ සවන් පා තේජා
පනාමුරේ ඇත් රාජා

පනාමුරේ.....

තිරිසන් භවයේ උපනත් ඔබගේ හෝ...
සැමදා සිහිවේ එඩිතර භාවේ
රුදු මිනිසාගේ ඒ වෙඩි පහරින්
එඩිපා ළය දී ගියේද සුරලෝ
පනාමුරේ කැලයේදී...

පනාමුරේ.

1950 අගෝස්තු මස 09 දින වෙඩි පහරකින් මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් රට පුරා මහත් අනුකම්පාවක් ඇති විය.   

අලි පරපුරේ විමුක්තිය උදෙසා එම හස්තියා දිවි පූජා කළ නිසා ජනතාව තුළ ගෞරවාන්විත භක්තියක් ඇත් රජු කෙරෙහි ඇතිවිය.   

භාරතයේ මහා සංගීතඥ නවුෂාඩ්ගේ සංගීත නිර්මාණයකට අනුව බිහි වී තිබූ ගීතයක තනුවකට අනුව “පනාමුරේ ඇත් රාජා” ගීතය සුගතපාල මලලසේකර විසින් රචනා කරන විට පනාමුරේ හස්තියා මිය​ගොස් මාස තුනක් හෝ ගත වී නොතිබිණි.  

සුගතපාල මලලසේකර “පනාමුරේ ඇත් රාජා” ගීතය ලියා එම ගී පද පෙන්වූයේ මහා කවි ආනන්ද රාජකරුණා මහතාටය. රාජකරුණා මහතා එම ගී පද පරීක්ෂා කර බලා ඉමහත් සතුට පළ කළේය. මෙම ගීතයේ “ගණ” පිහිටීම අනුව හස්තියාගේ මරණයට වගකිව යුතු අයට මහත් අපල ගෙන දෙන බව ද රාජකරුණා මහතා අවධාරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්‍ෂ ධුරය දැරූ ඩී.එම්. කොළඹගේ මහතාගේ ද අනුග්‍රහය ඇතිව 1951 ජනවාරි මුල්භාගයේදී තමාම ලියූ ගීතය සුගතපාල මලලසේකර මහතා විසින් ගායනා කරනු ලැබූ අතර සංගීතඥ මොහොමඩ් ගවුස් එය සංගීතවත් කළේය. එදා ​කොළොම්බියා තැටිගත කළ එම ගීතය ගුවන් විදුලි සංස්ථාවේ තවමත් සුරක්ෂිතව තිබේ. ගුවන් විදුලියෙන් ගීතය ප්‍රචාරය වී දින තුනකට පසුව 1951 ජනවාරි 21 දින පනාමුරේ හස්තියාට වෙඩි තබන්නට අණ කළ හිටපු කතානායකවරයකු වූ ශ්‍රීමත් ප්‍රැන්සිස් මොලමුරේ මහතා කතානායක පුටුවේ දී හෘදයාබාධයක් සැදී මියගියේය.

        
  



දුරක පාවී ගියා ...

දුරක පාවී ගියා 
නෙතක ආරාධනා ...
සිතක වේදනා සදා 
පැතුම පාවෙලා ගියා ...

සොඳුරු රෑ කාලයේ
සුරත දී යාවෙලා
දෙදෙන තෙපලූ කතා
නොමැත ගොළුවී ගියේ ....

පැතුම වී ජීවිතේ
මගේ මනෝරංජනී
සසර සරණා තුරා
ඔබම මට වාසනා .......

අසූව දශකයේ අග හරියෙ නැත්නම් අනූව දශකයේ ඔබට මතක ඇති ඒ නම ඇන්ටන් සේනානායක. මහ විශාල ගීත ප්‍රමාණයක් ගායනා කරල නැති උනාට ඔහු ගැයූ බොහෝම ගීත හරි ඉක්මනට ජනප්‍රිය උනා.

ඒ කාලේ ගුවන් විදුලියේ උදෑසන එකොළහේ ඉඳල දොළහ වෙනකන් ප්‍රචාරය උන මධු රසාංග ගීත වැඩසටහනෙහි අනිවාර්යයෙන්ම යන ගීතයක් තමයි මේ. කුලරත්න ආරියවංශ රචනා කරපු මේ ගීතය සංගීතවත් කලේ ප්‍රියා සූරියසෙනයන් විසිනුයි.

ආසිරි කියන්නෙ මේ ගීතය ගැයූ ජනප්‍රිය ගායකයානන්ගේ එකම පුතා. ඔහු ආසිරි සේනානායක. කවදත් දයාබර සහෝදරයෙකු උන ආසිරි සිය පියාණන් විසින් ගැයුව මේ ගීතය ගැන සිහිපත් කලා ..

තාත්තා කියපු ගීත වලින් ගොඩාක්ම ජනප්‍රිය උනේ ඔය ගීතය. ඒ කාලෙ වගේම අදත් සෑම දෙනා අතරෙම ඔය සින්දුව ජනප්‍රියයි. ඔය සින්දුව තාත්තා කිව්වෙ අපේ අම්මට. ඕකේ තියනව 'මගෙ මනෝරංජනී' කියල කොටසක්. මනෝරංජනී කියන්නෙ අපේ අම්මා.

ඒ වගේම ඇන්ටන් සේනානායකයන් ගයපු තවත් ජනප්‍රිය ගීයක් තියනව ' ඉන්දීවරී ඔබ හා ' කියල. ඒ ගැනත් ආසිරි සිය මතකයන් අවදිකලා..

මේ සින්දුවෙත් තියෙන්නෙ අපේ අම්මව බලන්න තාත්‍ත ගිය අවසථාවන් වල සිදු උන විස්තරයන්. මෙහි තිබෙනවා

" වියලි විසල් හද මන්දිර මිදුලේ
රෝස මලක් සේ ආදරෙන්
කටු අකුලා ඔබ වට කරලා
මා එන මග අහුරා ..."
කියල කොටසක්. 

අපේ අම්ම ජීවත් උනේ ටිකක් විශාල නිවසක. ඒ කාලෙ බංගලාවල් කියල කියන්නෙ. ඉතිං තාත්ත අම්මව බලන්න ගියාම ඒ පාර්ශ්වයෙන් තාත්තට බාදාවල් කරල තියනව අම්මව හමුවෙන්න නොදී. ඉතිං පස්සෙ කාලෙක ඒ අතීත අත්දැකීම් ඔස්සේ තමයි ඉන්දීවරී ගීතය ලියැවුනේ ....

ඇත්තෙන්ම මේ වගේ ගීත අදටත් එක වගේ ජනප්‍රිය වෙන්න මේ අත්දැකීම්ම සාධකයන් වෙන්න ඇති.

මේ වගේ බොහොමත්ම ගීත ඇන්ටන් සේනානායකයන් විසින් ගයා තිබෙනවා. ඒ වගේම ඔහු අපට සිටිය හොඳ ප්‍රසංග සංවිධායක වරයෙක්. ඒ ගැනත් ආසිරි කතා කලා.
තාත්ත බොහෝ විට සංගීත ප්‍රසංග සංවිධානය කලා. ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල අය ප්‍රසංග ඉල්ලගෙන අපේ ගෙදර ආවා. මේරියන්ස්, ගැලැක්සීස්, බ්ලූ ෂැඩෝස්, සන්ෆ්ලවර් ඒකාලේ තාත්ත එක්ක බොහොම ලඟින් ඇසුරු කලා. ඒත් දැන් ඒ අයට ඒව මතකද දන්නෙත් නෑ. 

තාත්තා සින්දු කියන නිසා බොහෝ ගායකයො ඒ කාලෙ අපේ ගෙදර ඇවිත් යනව. හරිම සුන්දර අතීතයක් ඒ කාලෙ තිබුනෙ. ඒවගේම තාතත හදපු music tracks ගොඩාක් මා ගාව තියනව. ඉදිරියෙදි ඒවට වචන යොදල ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නව...

1951 පෙබරවාරි 05නි දා මෙලොව එළිය දුටු මේ මේ ජනප්‍රිය ගායකයානෝ 2007 ජනවාරි 17නි දා මෙලොව හැර ගියා. ඒ උනාට ඔහු ඉතිරිකරල ගියපු ඒ මතකය හැමදාමත් අපේ සිත්වල ජීවමානව පවතිනවා.



නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...