Saturday, July 25, 2020

ආශාවේ මල් වැටෙන් එබී ...

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

රෑ නිල් අහසේ
නිදන සඳවතී ...//
අදින සළු.. මිදුලෙ එලූ
අදින සළු.. මිදුලෙ එලූ
සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

පායන සඳ සේ
රුසිරු හසරැළී ...//
දෙතොල වෙලූ.. නයන කළූ
දෙතොල වෙලූ.. නයන කළූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළූ මට කියනු කළූ

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළූ ඔබ මගේ කළූ
නයන කළූ ඔබ මගේ කළූ

ගායනය - විශාරද බණ්ඩාර අතාවුද
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - විශාරද ගුණදාස කපුගේ

විශාරද ගුණදාස කපුගේ මහතාට එවකට තම පෙම්වතිය ප්‍රේමා විතානගේ විවාහ ගිවිස ගෙන තම ප්‍රියාදර බිරිඳ  සිය මිතුරන්ට හඳුන්වා දෙන්නට ගුවන් විදුලියට කැඳවා ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ ඔහුට ප්‍රවීණ ගීපද රචක ඩෝල්ටන් අල්විස් මහතා මුණගැසී ඇත. කපුගේ මහතාගේ අළුත් බිරිඳ දුටු ඩෝල්ටන් අල්විස් මහතාගේ සිත තුළ ජනිත වූ කාව්‍යමය සිතුවිල්ල ගීයකට පබඳා කපුගේ මහතාට මංගල තෑග්ගක් ලෙසින් ලබාදී ඇත. එය අතට ගත් සැනින් කපුගේ ශූරීන් එයට මනරම් තනුවක් ‍නිර්මානය කර ඇත. මේ සියල්ල කපුගේ මහතාගේ ප්‍රිය බිරිඳ  ප්‍රේමා මහත්මිය බලා සිට මෙම ගීය කපුගේගේ හඬින් අසන්නට මහත් ආශාවෙන් සිට ඇත. 

මේ අතර තමාගේ සරල ගී වැඩසටහනට ගීයක අඩුවක් නිසා ගුවන් විදුලි සංස්ථාව තුලදී කලබලවී සිටි තරුණ ගායකයෙකු වූ බණ්ඩාර අතාවුදයන්ගේ කලබලයට හේතුව හඳුනාගන්නා කපූගේ මහතා, නුදුරු දිනකදී තමා විසින් ගයන්නට සිටි "ආශාවේ මල් වැටෙන් එබී" ගීතය නිර්ලෝභීව පරිත්‍යාග කර ඇත්තේ ඔහු තුල ඇති මානුෂිකත්වය හා පරිත්‍යාගශීලීත්වය නිසාය.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...