Wednesday, July 15, 2020

ඔබ ආයෙමත් ඇවිදින් ...

ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයිතරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ
සිත හදා ගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුණත් කොයිතරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ගායනය - අමරසිරි පීරිස්‌
ගීපද - ධම්මික බණ්‌ඩාර
සංගීතය - ඩැනිස්‌ටර් පෙරේරා

ඔබ ආයෙමත් ඇවිදින්
ගීතයට සවන් දෙන රසිකයෙකුට ගීතයේ අර්ථය තේරුම් ගැනීම එතරම්ම අපහසු වන්නේ නෑ. ගීතයට පාදක වී ඇත්තේ සැබෑ අත්දැකීමක් ගුරුවරයෙකුගේ..!
මේ ගුරුවරයා සේවයේ යෙදී සිටියදී ඔහුගේ සිත ඇදී යනවා එක්තරා සිසුවියකට. ඒ වන විටත් කෙසේ හෝ ඔහු විවාහ නොවී සිටියත් ඔහුට පෙම්වතියක් සිටියා.. ඒ කටයුත්තට දෙපාර්ශවයේම ආශිර්වාදයද හිමි වී තිබුනා. ගුරුවරයාගේ සිතේ සිසුවිය කෙරෙහි හටගත් ප්‍රේම අංකුරය ඒකපාර්ශවීය ප්‍රේමයක් වන්නට හේතු වුනෙත් එයමයි. පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුවිය ගුරු වරයාගේ මානයෙන් ඈතට ඉගිලෙනවා. ටික කලෙකට පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කොට ගුරු පත්වීමක් ලබන ඇය සේවයට පැමිණෙන්නේ පෙර කී ගුරුවරයා සේවය කරන පාසලටමයි. පෙර ගුරුවරයාගෙන් ඈත්ව ගිය සිසුවිය නැවත මෙසේ පැමිණෙද්දී ඔහු විවාහකයි..
 
ගුරුවරයෙක්ම වන ධම්මික බණ්ඩාරයන් අතින් ගීයක් ලෙස ලියවෙන්නේ මේ අත්දැකීමයි. මෙය ඔහුගේම අත්දැකීමක් නොවනවා උනත් පෙර කී ගුරුවරයාගේ සිතුවිලි ඉතා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වා තිබෙනවා...
 
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි...
ඔබ ආයෙමත් ඇවිදින්...
උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස්‌ තිබුනද කොයිතරම්
නුඹ නොදැන සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
 
“ඔබ කෙරේ සිතේ ආදරය අතු උණු පෙර දා නොනිදා ඔබ ගැනම සිතු දින කොපමනනම් තිබුනද..? ඔබ මගේ ජීවිතෙන් ඈත්ව ගිය පසු දුක් වී තවත් පලක් නොමැති නිසා හිතට යාන්තමට ඔබව අමතක කරන්නට හැකි උනා පමණයි. අයෙමත් ඔබ ජීවිතයට ඇවිත්..!!”
 
ඔහුට ඇය ගැන ඇත්තේ සුන්දර වූ වෛරයක්. පද පේලි අතර සඟවා තිබෙන හැංගීම ගෙන බැලුවහොත් අයගේ පුනරාගමනය පිලිබඳ ඔහුට සතුටක් තිබෙනවා වන්නට පුළුවන්. නමුත් දැන් විවාහක ඔහු අහිංසක සතුටක් විඳින්නේ ඇයගේ පැමිණීම පිලිබඳම නොවෙයි. අතීතය ගැන සිහි කරමින්..
 
දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
 
කෙතරම් කාන්තාවන් දැක තිබුනත්, ඇසුරු කර තිබුනත් ඇය තරම් සුවඳවත්, ගුණවත් කෙනෙක් ඔහුට මෙතෙක් හමු වේ නෑ. ඇය ජීවිතයෙන් ඈත් වීම නිසා ඇති වූ දුක අඩු වූවා පමණයි ඇය අයෙමත් ඔහුගේ මානයට ඇවිදින්..!!

ධම්මික බණ්ඩාරයන් එසේ ගීතය තුලින් එක් සංවර පිරිමි චරිතයක් නිර්මාණය කරනවා. ඔහු ආත්මාර්තකාමී නොවන සමාජයේ බැඳීම්, නීති රීති හා සමීපතමයන් හමුවේ සිය සතුට කැප කරන්නෙක්.

මේ සිංදුව පටන් ගන්නේ මියුසික්‌වලින් නොවේ.... "ඔබ ආයෙමත් ඇවිදින්..." කියන වචන පටන් අරන්... සංගීතයට යන්න ඇරලා තමයි "හිත හදාගත්තා විතරමයි..." කොටස ගැයෙන්නේ. සම්ප්‍රදායෙන් ඈත්වූ සංගීත ශෛලියක්‌... සෙක්‌සෙෆෝන් එකෙන් තමයි පටන් ගන්නේ. ගී පද රචකයා ධම්මික බණ්‌ඩාර ගීයේ ආරම්භය සඳහන් කළා.

මේ සිංදුව අමරසිරි පීරිස්‌ටම කියලා නොවේ ලියුවේ. ඔහුට ගීත පහක්‌ කරලා දෙන්න ඇරියුම් ලැබුණා. මගේ පුංචි රෝස මලේ, හන්තානට පායන හඳ, "හිම දියවී හිමාලයේ", "උදම්රළ ඔබ" කියන ගීත හතරත් එක්‌ක මේ ගීයත් මම ඔහුට ලියාදුන්නා. සිංදුව තැටිගත කළාට පස්‌සේ බොහෝ දෙනෙක්‌ කියන්න ගත්තා මේ අත්දැකීමට ඔවුනුත් මුහුණ දුන්නා කියලා.

ධම්මික මේ ගීය ලියා තිබෙන්නේ බැඳීම් සහ සම්ප්‍රදායන් නිසා හිතට වධ දෙන තරුණයෙක්‌ ගැන. කසාදය නිසා ඔහුට ඔහුගේ හිතගත් යුවතියට ආදරය කරන්න බැහැ. ඒත් මෙහි අනෙක්‌ පැත්ත? බැඳීම්, සම්ප්‍රදායන් බිඳ දමා වෙනත් හදවතකට ළං වෙන තරුණයන්ද සිටිනවා. ධම්මික කියන්නේ මේ දෙපැත්තෙන් එක පැත්තක්‌ ගැන විතරයි.... ඒත් මේ දෙපැත්තම ආදරය නමැති සංකල්පය නිසා සිද්ධ වන්නක්‌.



ගල්කිස්සෙ හෝටලෙ ළඟ ...

ගල්කිස්ස හෝටලය ළඟ සිටි ආතර් අයියා එවකට රටම දන්නා පුද්ගලයෙකි. ඔහුගේ රැකියාව ටුවරිස්ට් ගයිඩ් සහ ඩ්‍රයිවර් වැඩේය. ඒ ඔහුගේම රථයෙන්ය. මොහු ඉතා සුන්දර විනෝදකාමියෙක් විය. තමාගේ රැකියාව පිළිබඳවද අති දක්ෂයෙක් බැව් එදා සිටි අයට මතකය. වසරක් පාසා ලංකාවට එන සමහරක් විදේශිකයින් ආතර් අයියාගේ සේවය ලබාගැනීම අනිවාර්ය පුරුද්දක් කරගෙන තිබුණි.

සරමත් ,කමිසයත් ඊට උඩින් කෝට් එකත් ඇන්ද මේ මැදිවියේ මිනිසාට ගල්කිස්සේ කවුරුත් සැලකූහ. ආතර් අයියා චණ්ඩියෙක්, පාතාලයෙක් නොවු අතර ගල්කිස්සේ මුල් පදිංචි කරුවෙක් විය. ඔහුට සැලකුවේ ඔහු ගල්කිස්සට ආභරණයක් වූ නිසා විය යුතුය. බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දුගේ මිතුරෙක් වූ ආතර් අයියා වෙනුවෙන් ඔහු ගීයක් ලිව්වේය. ආතර් අයියාගේ බිරිඳවූ ප්‍රේමක්කා ගැනද ගී ගැයුවේය. ඇයට 'ප්‍රේමා බතික්' නමින් සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන ගිය බතික් සහ වෙස් මුහුණු කඩයක්ද විය. එම්.එස්. 'ප්‍රේමක්කාගේ බතික් කඩේ' ගීතය ඇය වෙනුවෙන්ය.

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඕය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බ්ග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්  ///

පදරචනය, සංගීතය හා ගායනය - එම්.එස්. ප්‍රනාන්දු




පාලු අඳුරු නිල් අහස මමයි ...

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

කැළෑව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි //
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි

පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මහගමසේකර

දිනක් එක්තරා රාත්‍රියක සේකර ගම්පහ ලීලා පොත්හලේ අධිපති කේ.එන්.ඕ.විජේදාස (ඔහු මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ සොහොයුරෙකි) සමඟ මෝටර් රියක නැඟී අස්ගිරිය වෙල්යාය අසබඩින් ගමන් කරමින් සිටියේය. හදිස්සියේම වාහනය නැවැත්වූ සේකර කළුවරේම වෙල දෙසට ගමන් කළේය. ඔහු මඳ වේලාවක් අහස දිහා බලා සිටියේය. 
ඔහු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය ලිව්වේ ඉන් හටගත් අසීමිත චමත්කාරයෙනි. එසේ වුවත් ඒ ගීතයට පාදක වූ එක්තරා අනුභූතියක්ද සේකර සතුව තිබිණි. ගුවන්විදුලි වැඩසටහනක දී සේකර ප්‍රවීණ වැඩසටහන් සම්පාදකවරයකු වූ පාලිත සමරසිංහ සමඟ කියූ ආකාරයට එය ප්‍රේමයේ බිඳවැටීමක් පිළිබඳ වූ අනුභූතියකි.
”පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය මගේ ජීවිතයේ එක්තරා අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. තරුණ වියේදී කාලාන්තරයක් තිස්සේ මම පෙම්කළ යුවතියකගේ අතගන්න බැරිවුණා. කුලමල, සිරිත් විරිත් ප්‍රශ්න නොසිතපු අන්දමට හරස්වුණු නිසා.”මහගමසේකරයන් එසේ පවසා ඇත.

ගීත බවට බොහෝ විට පත්වී ඇත්තේ සේකරයන්ගේ කාව්‍ය සංකල්පනාවන්ය. සේකරගේ කවි ඇසුරු කළ අමරදේවයන් ඒවා ගීත බවට පත්කරන්නට ඇත. මේ ගේය කාව්‍ය රචනය සඳහා ද මුල් වන්නේ “හෙට ඉරක් පායයි” නමැති කෘතියේ සේකර විසින් රචනා කරන ලද කාව්‍ය සංකල්පනාවකි.

ජීවිතයේ බොහෝ පරාජයන් ලැබු පුද්ගලයකු තම පෙම්වතිය හෝ බිරියගෙන් ජීවිතය ජයගන්නට වෙර දැරීමක් මේ අනුභූතියේ අන්තර්ගතය.

බුද්ධිය හා භාවය එක්තැන් කරන ආකර්ෂණීය වූ සංකේත මාලාවක් යොදා ගැනීමට සේකර සතු හැකියාව මෙහිදී කැපී පෙනෙයි. මුළු කාව්‍යයේම අරුත ආරම්භක දෙපදයෙහි අන්තර්ගතය.

පාළු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

ජීවිතයේ අපරිමිත වූ පරාජිත භාවය “පාළු අඳුරු නිල් අහස” නමැති රූපකයේ අන්තර්ගතය. ඒ අඳුරු අහස ආලෝකවත් කළ හැකි තරු කැටයක් ඒ අහසේම දුරින් දිස්වෙයි. ඒ ඔහුගේ ආදරය දිනු තැනැත්තියයි. ඇතැම් විට එවැනි ගැහැනියක ඔහු ළඟ නොඉන්නට පුළුවන.තමාට එළියක් දිය හැකි ආදරවන්තියක පිළිබඳ මනඞකල්පිත හීනයක් පමණක් ඔහු සතුව තිබෙනවා විය හැකිය. එය යුගයෙන් යුගය ඔහුගේ හදවත ඉල්ලන එහෙත් තාමත් ලැබී නැති බලාපොරොත්තුවක් පැතුමක් ද විය හැකිය.

යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි”

තමන්ගේ ජීවිතයේ අසාර්ථක බව රූපණය කිරීමට රචකයා රූපකාර්ථ පිරි සංකේතයක් යළිත් භාවිත කරයි.

අසාර වූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි

තම ජීවිතය සාරවත් ජීවිතයක් නොවේ. එය වියළි පස් සහිත ඉරි හැලුණු මහ පොළවක් බඳු ය. ඒ කටුක පොළව දොවා ගලන සීතල දිය දහර ඇයමය. එසේම තම හඬන හදවත සදාතනිකව නැළවිය හැකි එක ම සැපත ද ඇයමය.

තම අසාර්ථකත්වය පෙන්වීමට සේකර යෙදුම් සොයාගන්නා අයුරු සාහිත්‍ය විද්‍යාර්ථියකු විසින් හැදෑරිය යුත්තකි. ඒවා ආයාසයෙන් තොරව නිරායාසයෙන් ඔහුගේ පන්හිඳ කරා ගලා ආ බවක් හැඟේ. පාළු අඳුරු නිල් අහස, අසාර වූ පොළව, කැලෑව මැද කටු පඳුර තම අසාර්ථකත්වයේ සංකේතයන් වන අතර, “ඈත දිලෙන තනි තරුව“ ගලා බසින දිය දහර” “පිපී වැනෙන මල් පොකුර” ඔහුගේ සුබවාදී අනාගතය ගොඩනඟන ඇය වෙනුවෙන් යොදන්නා වූ සංකේතයන්ය.

එහෙත් ඔහුගේ සිහින දෙව්දුව හුදෙක් කල්පිතයක් පමණක් ද? ඔහුට ලබාගත නොහැකි තැනැත්තියක් ද? යන උභතෝකෝටිකය නිර්මාණය සමාජගත කරන ආකාරයෙන් රසිකයා සිතේ හට ගනී. ඔහු අවසානයේ දී ඇය දකින්නේ, යුගයෙන් යුගයට හදවත් හඬවන, අඳුරු වේදනා කුටියක් ලෙසයි.

යුගයෙන් යුගයට හදවත් හඬවන
අඳුරු වේදනා කුටිය ඇයයි

අභාවප්‍රාප්ත කේ. ජයතිලක ශූරින් වරෙක පැවසූයේ මේ පද මාලාවට එකල දේශපාලන මුහුණුවරක්ද ඇතැමුන් ආරෝපණය කර තිබු බවයි. හැත්තෑව දශකයේ දේශපාලන නායිකාවක් වෙනුවෙන් මෙය ලියු බවට මතයක් තිබේ යැයි එතුමා පැවසුවද මේ නිර්මාණය එබඳු තැනක තැබිය යුත්තක් නොවේ. කෙසේ වෙතත් දුකින් පිරි ජීවිතයක් ගත කරන්නකු සිතේ ඇතිවන ආදරණිය බලාපොරොත්තුවක් මුළු ගීතය පුරාම අන්තර්ගතය.

සංගීත නිර්මාණයේ දී අමරදේවයන්ට වැඩි ප්‍රාතිහාර්යයක් කරන්නට සිදු නොවන්නේ ගේයතා ගුණය නිර්මාණයෙහිම ගැබ් වී ඇති බැවිනි. ඒ නිසා ජන ගී නාද රටා යොදමින් පදමාලාව ඔපවත් කර මනෝහර ලෙස ගායනා කිරීම එතුමා විසින් කර තිබේ.

මම අහස දෙස බලා සිටිමි. අඳුරු ආකාසයේ ඈත කොනක පුංචි තරු කැටයක් දිළිසෙයි. එහෙත් මගේ ජීවිතයේ අඳුර එබඳු තරු කැටයකට දුරු කළ හැකි ද?



අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ...

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳ පානේ... මඳ අඳුරේ...
අත් පටලා යමු ආයේ...

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ...

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌

අසම්මත ප්‍රේමයට සමාජය රකුස් නෙත් හෙළුව ද අසම්මත ප්‍රේම කාව්‍යයන්ට සමාජය තුළ ඇත්තේ ආදරණීය වැළද ගැනීමකි. එහි ගලා එන ප්‍රේමය හා විරහ ව පොදු රසිකයා ගේ හදවත හා අධ්‍යාත්මය අතර එකාත්මීය වන්නේ සමාජ වලංගුභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමකින් තොරව ය. එවන් ප්‍ර‌ේමය හා විරහව කැටිකරගත් අපූර්ව ගේය කාව්‍යයකි පහත ගීතය.
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්‌
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ

වචන සතුව විස්මිත බලයක් ඇත. එනම් මනුෂ්‍යයා ගේ හඳෙහි කැකෑරෙන මේ මේ යැයි බෙදා වෙන් කළ නො හැකි, ගණනය කළ නො හැකි භාවයන් ප්‍රකාශනය යි. කථකයා ගේ හා ඔහු ගේ පෙම්වතිය ගේ හඳෙහි පෙම ඇදි පෙම් සිතුවම් ලොවට විවෘත කළ නො හැක. ඊට එරෙහි වන සමාජ සම්මතයන් බොහෝ ය. එහෙත් ඉන් වියතක් තරම් කොටසකට නිදහස් වීමට මොහොතක් උදා වී ඇත.‘තරමින් වියතක්’ යන්නෙන් ඔවුන් සඟවා සිටින හැඟුමන් කොතෙකුත්  විශාල ද හා ඔවුනට හමුවන ඉඩ කොතරම් කුඩා  ද යන්න ධ්වනිත වේ. සඳ එළිය පෙම්වතුන්ට වෙස්වලාගත් මිතුරෙකි. ඔවුනට ලෝකයෙන් මඳකට හෝ සැඟ වී පෙම් සුව විඳින්නට මං එළි කරයි. හඳපාන සහ මඳ අඳුර පෙම්වතුන්ට අවැසි කරන අවකාශය සකසයි. හඳපාන සහ මඳ අඳුර ශෘංගාරය මතු කරයි. මෙහි එන ආයේ යන යෙදුම ද ගැන අවධානය යොමු කරනු වටී. එයින් අපට හැඟෙන්නේ මෙයට පෙර ද මොවුන් මෙසේ මඳ අඳුරේ හමුව හැඟුමන් විඳි බැව් නොවේ ද?

ඔබ ඔබෙ සෙවණැල්ලෙන් මිදී
මම මගෙ සෙවණැල්ලෙන් මිදී
අවුදින් සෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳුරේ

‘සෙවණැල්ල’ යන යෙදුම බහු අරුත් දනවයි. විවාහක ව සිටින ස්ත්‍රිය හෝ පුරුෂයා,ඇය හා ඔහු වෙළා සිටින සදාචාරය ,නීතිය වැනි බන්ධනයන් ද මෙයින් හැඟවෙයි. මේවායෙන් මිදීම නම් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට පහසු කටයුත්තක් නොව, මොවුන්ට එවන් අවස්ථාවක් හිමි ව ඇත, මේ ඔවුන්ගේ වේලාවයි. ලොවට හොරා හමුව පෙම් සුව විඳිනට කලකට පසුව ඔවුනට පෙම් ලොව සැරිසරන්නට ඉඩ සැලස ඇත. අවුදින් සෙමින් රහසින් මුමුණා-  හඳපානේ මඳ අඳුරේ වැනි යෙදුමන් ශෘංගාරී හැඟුමන් ප්‍රතීයමාන කරවයි.

සිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
යමු වෙන් වී හිමිදිරියේ

හමුවන හැම මොහොතකට  ම වෙන්වීමක් ද හිමි ය. එයට ම වෙන් කළ කදුලක් ද හිමි ය. කදුල සිනාවෙන් දරා ගන්නා මොවුන් වෙන් වන්නේ නැවත මෙම ජන්මයේ මුණගැසෙන බලාපොරොත්වෙන් නොව මතු උපදින ජන්මයක හමු වන බලාපොරොත්තුව සහිත ව ය.  මේ මොවුන්ගේ පෙම් කතාවේ අවසන්  හමුව වන බව තීරණය කළ හමාරය. තවදුරටත් මොවුන්ට කළ හැකි දෙයකට ශේෂ ව ඇත්තේ මතු ආත්මය පිළිබද පැතුමක් පමණි.  එක් වීම සිහිනයක් වන බොහො ආදරණීයන් ගේ ජනප්‍රිය පැතුම මරණින් මතු උරුම වන නව ජීවිතය යි. ගෙවා දමමින් සිටිනා ජීවිතයක බලාපොරාත්තු සිහිනයක් වූ කළ කළ හැකි එකම දෙය ද වන්නේ නව ජීවිතයක බලාපොරොත්තුව යි. මොවුන්ට උරුම රාත්‍රිය පමණි. හිමිදිරියත් සමග එළඹෙන්නේ  වෙන් වන කාලයයි,

වික්ටර් රත්නායකයන් ගේ සුගායනයෙන් මෙන් ම ස්වර රටාවන්ගෙන් ද මෙම ගීතය ඔපවත් වී ඇත. ඔහුගේ ප්‍රේමණීය හඩින් ගිලිහෙන අකුරක් පාසා  හඳෙහි ඇති කරන කම්පනය වචන වලින් ප්‍රකාශ කිරීමට තරම් නොහැකි අසීරු කටයුත්තකි. ඔහුගේ  ප්‍රේමණීය හඩ පෙර කල පිනකට ඔහුට උරුම වූ වා දැයි සිතෙන තරමට ම එය භාග්‍යවන්ත ය. ප්‍රභල ය.

මෙහි සංගීතය ගැන ද වචනයක් දෙකක් නොකියා ම බැරි ය. එය එතරම් ම අපූර්ව වූවකි. ගිටාරය , වයලීනය, තබ්ලාව වැනි සීමිත වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක් ඇසුරු කරගනිමින් මවනා රසභාවයන් අසීමිත ය. අවස්ථානුකූල ව රස දැනවීමට මෙහි නාද රටා සමර්ථ වී ඇත. ‘හඳපානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ ’යන ඛණ්ඩයන් තුළ මතුවන උද්දාමය ,ප්‍රේමය, නිදහස වැනි හැඟුම් දැනවීමට උචිත සංගීතයක් ද එමෙන්ම ‘සිරකර හසරැල්ලෙන් හැඬුම්- අපි හිනහෙමු සපුරා පැතුම්’ වැනි ඛණ්ඩයන් වල දී මතු වන විරහව දැන වීමට උචිත ශාන්ත සන්සුන් ස්වර රටාවන් ද යොදා ඇත්තේ සංගීත ඥාණය මෙන්ම පද රචනයෙන් ද උද්දීපනය වන භාවයන් පිළිබද මනා අවබෝධයකින් යුතුව ය.

ප්‍රේමකීර්ති අල්විස් නම් වූ සොදුරු ප්‍රේමණීය මිනිසාගෙන් බිහි වූ අපූර්ව ගීතයක් ලෙසින් මෙන් ම ඔහුගේ ගීත සාහිත්‍යය නමැති කෙතින් බිහි වූ මහගු ගී අස්වැන්නෙහි තවත් එක් රන් ඵලයක් ලෙසින් මෙම ගේය පද රචනය සඳහන් කිරීම උචිත ය. එමෙන් ම මෙම ගේය පද රචනය තුළ අන්තරගත සෑම යෙදුමක් ද අතිශය වැදගත් ය. හැම වචනයක ම පාහේ සැගවුණු ධ්වනිථාර්ථයන් හා භාවාර්ථයන් බොහෝ ය.



පෙම් කළ වරද ...

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ හිතකින් නොවන නිසා
අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ
ආදරයේ සුව දැනුනු දිනේ

යන එන හමුවන මඟ අහුරාලා
ආදරයක්‌ වැළකිය හැකිදොa...//
නොපෙනෙද ඔහුගේ දෙපතුළ මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳදා...
සැනහෙනු මේ රැකවල් බිඳදා

චිත්‍රාවක්‌ වන්නේ නෑ මා නම්
අයියණ්‌ඩියේ ඔබෙ අණට හොරා...//
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුනු දිනේ
පෙම්වතියක මුණ ගැහුනු දිනේ

පද රචනය - දයා ද අල්විස්‌
තනුව - චන්ද්‍රදාස බෝගොඩ
ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ

සහෝදර ප්‍රේමය හරිම බලවත්. සමහර අයියලා තමන්ගේ නංගිලා වෙනුවෙන් ජීවිතය වුණත් කැපකරනවා. එවැනි සිද්ධීන් අප අසා තිබෙනවා. මේ ආදරය සොයුරු බැම්ම කොතරම්ද කියනවා නම් බොහෝ වැඩිමහල් සහෝදරවරු තම සොහොයුරිය පෙම් රැහැනක පැටලී ඇත්නම් ඉන් මුදා ගන්න හැකි හැම උත්සාහයක්‌ම දරනවා. සමහර අයියලා තමන්ගේ නැගණියගේ ආදර සබඳතාවන්ට එරෙහි වෙන්නේ කිසිම පදනමක්‌ නොමැතිව. ඇතැම් තරුණයන් තරුණියකට ආදරය දක්‌වන්නේ හුදු ආශාවන් සන්තර්පණය කර ගැනීම සඳහා පමණක්‌ය යන්න දන්නේ තරුණයන්ම පමණයි. මේ බව හොඳින්ම දන්නා අයියලා නංගිලාගේ ආදර සබඳතා ගැන සොයා බලන එක එක පැත්තකින් සාධාරණයි.

පෙම් කළ වරදට මට වධ දෙන්නේ
පෙම් කළ සිතකින් නොවන නිසා
අයියණ්‌ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ...

මේ පෙම්වතියගේ ආදරයට හරස්‌ කපන්නේ ඇගේ සොහොයුරුයි. ආදරය කරන එක වරදක්‌ද... අයියණ්‌ඩි... තවමත් ආදරය හඳුනාගෙන නැහැ. අයියගේ හිත කවුරුවත් සොරාගෙන නැහැ. ඒ නිසා තමයි අයියේ ආදරය නොහඳුනන ඔයාගේ හිත ඔතරම් දරුණු. අයියේ මට වධ දෙන්න එපා. කවදාක හරි ඔයාගේ හිතත් ආදරයෙන් පිරී යාවී. ඔයාගේ හිත පෙම් රැහැණින් බැඳුණු දවසක ආදරයේ මිහිර විඳින දිනයක අයියේ මට සමාව දෙන්න.

බොහෝම පැරැණි ගීයක්‌. ඒත් තවමත් නැවුම් සදාකාලික අත්දැකීමක්‌. ඉන්ද්‍රණි බෝගොඩ ශිල්පිනියගේ හඬට මේ පද රචනාව ගෙතුවේ දයා ද අල්විස්‌ ගී පද රචිකාව...

මේකනම් ඇත්තම ඇත්ත අත්දැකීමක්‌. මම ඒ දවස්‌වල ගුවන් විදුලි සංස්‌ථාවේ වැඩ කරද්දී ලද අත්දැකීමක්‌. මා දන්නා හඳුනන ඉතාම හිතවත් තරුණ තැටි වාදකයෙක්‌ අප සමග වැඩ කළා. මේ සිංදුවෙන් කියෑවෙන්නේ ඔහුගේ පෙම් පුවත. දයා ද අල්විස්‌ සොයුරිය ගීයට පාදක වූ කතාව කියන්න පටන් ගත්තා.

ඒ තරුණයාගේ ආදරවන්තියට අයියලා පස්‌ දෙනෙක්‌ම හිටියා. මේ දෙන්නගෙ ආදරේට අයියලා පස්‌දෙනාම විරුද්ධයි. පෙම් සබඳකම නතර කරන්න කියලා ඇයට නිතරම තාඩන පීඩන එල්ල කරනවා. එක හේතුවක්‌ තමයි තරුණිය ඉහළ පැලැන්තියක වීම. අපේ හිතවත් තරුණයා ඒ තත්ත්වයට වඩා පහළින් හිටියේ. ඉතින් මම බොහෝම සංවේදී කෙනෙක්‌ කියලා හිතාන හිටි මේ තරුණයා මගෙන් ඉල්ලා සිටියා "අනේ දයා අක්‌කේ මගේ දුක ගැන ලස්‌සන සිංදුවක්‌ ලියන්න" කියලා.

යන එන හමුවන මග අහුරාලා
ආදරයක්‌ වැළකිය හැකිදො..
නොපෙනෙන ඔහුගේ දෙපතුළ මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳදා...
සැනහෙනු මේ රැකවල් බිඳදා...

අයියලා ඇය නිවාස අඩස්‌සියේ තියලා.... ඔහු හමුවන හැම මඟක්‌ම අවහිර කරලා. ඒත් මේ විදිහට පුළුවන්ද ආදරයට විලංගු දමන්න. බැහැ මම මගේ ආදරණීය පෙම්වතා හමුවෙනවා. හමුවෙලා ඔහුගේ දෙපාමුල මගේ හිත තියලා වැඳ වැටෙනවා. ඔහු නොපෙනුනත් මම හිතින් ඔහු ළඟයි... හිතකට රැකවල් දමන්න බෑ...

ඇය හඬා වැටෙනවා ඈ මේ විඳින දුක ඔහුට ඉවසන්න බැහැ...

මගේ හිතවතා ගීයකට මේ අත්දැකීම පෙරළන්න කිව්වාම මම හා... හා... කියලා කිව්වා. ඒත් ලියෑවුණේ නැහැ. හිතේ තිබුණා. දවසක්‌ ඉන්ද්‍රනි බෝගොඩ සරල ගී වැඩසටහකට ගීයක්‌ ඉල්ලුවා. මගේ හිතේ තිබුණු සටහන මම කොළයකට ලියලා ඇයට දුන්නා. පුළුවන් නම් මේක ගායනා කරන්න කියලා. ඇය ගැයුවා...

චිත්‍රාවක්‌ වන්නේ නෑ මා නම්
අයියණ්‌ඩියෙ ඔබෙ අණට හොරා...
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

ඇයට ඉතිහාසයේ සිද්ධියක්‌ සිහිපත් වෙනවා. උන්මාද චිත්‍රා... දීග ගාමිණී පෙම් පුවත. චිත්‍රා ගාමිණී දෙදෙනා එකිනෙකාට පුදුමාකාර ලෙස ආදරය කළා. චිත්‍රාගේ අයියලා මේ ආදරයට එරෙහි වුණා. ඒත් චිත්‍රා... ගාමිණී දෙදෙනා හමුවුණා. අයියලා... නැගණියව එක්‌ටැම් ගෙයක හිර කළා. ආදරය කොතරම් බලවත්ද එක්‌ටැම්ගේ තුළ සිරගත කළත් ගාමිණී තම පෙම්වතිය චිත්‍රාව හමුවුණා. අවසන චිත්‍රාට දරුවෙකුත් ලැබුණා.

ඒත් අයියේ මම නම් කවදාවත් චිත්‍රාවක්‌ වන්නේ නැහැ. අයියාගේ අණට පිටුපාලා... මම ඔහු හා යන්නේ නැහැ. ඒත් අයියේ කවදාක හරි ඔයාට පෙම්වතියක්‌ හමුවේවි... එදාට ආදරයේ මිහිර වගේම ආදරයේ දුකත් ඔයාට දැනේවි අයියේ....

මගේ හිතවතාගේ පෙම්වතිය අයියලාගේ අණට කීකරු වුණා. ඇය ඔහු හා පැනගියේ නැහැ. ඒත් කලක්‌ ගත වෙද්දී අයිලලාටත් ආදරයේ සුවය විඳින්න ලැබුණා. නැගණියගේ ප්‍රේමයටත් ඔවුන් කැමැත්ත දුන්නා. ඔවුන් විවාහ වුණා. දැන් දරුවන්ගේ දරුවනුත් ලොකුයි. ගීතයේ රචිකාව අත්දැකීම් විස්‌තර කළා...

පෙම්වතුන් අතර තරුණ තරුණියන් අතර සහෝදර සහෝදරියන් අතර මේ ගීය අදත් ජනප්‍රියයි. මේ ගීයේ තියෙන විශේෂත්වය තමයි තනු රචකයා ගීයට තනුව යෙදුවේත් ඉන්ද්‍රනි බෝගොඩගේම අයියා. චන්ද්‍රදාස බෝගොඩ. නැගණියක්‌.... අයියා අමතන ගීයේ තනුව අයියාගේ. ගයන්නේ නැගණිය. ඉන්ද්‍රනි බෝගොඩ. ඒක තමයි විශේෂත්වය.




ජීවන විල මැද ...

ජීවන විල මැද

සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලබන මෙම ගීතය වත්මන් යෞවනියන්ගේ කතාන්දරයම යැයි කීවොත් වඩා නිවැරදිය. 1966 දී තිරගත වූ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" චිත්‍රපටය සදහා ගැයුනු මෙ ගීතය රචනා කරනු ලැබුවේ කරුණාසේන ජයලත් විසිනි. එම්. කේ. රොක්සාමි විසින් සංගීතවත් කරන ලදී.

ජීවන විල මැද වැජඹෙන කැකුළකි 
රූබර වූ යුවති

තී මට තී මට කියමින් බිඟු කැල 
ඇය අවටම රඟති

තරුණ යුවතියකගේ ජීවිතය පිළිබද කතාන්දරය මෙලෙසින් දිග හැරෙන්නේය. ජීවිතය නැමැති විල මැද සිටින්නා වූ ලස්සන කැකුළු මලකි. මෙය තරුණ යුවතියක් සංකේතවත් කරන්නට ගත් අපූරු යෙදුමකි. ජීවිතයද වරෙක විලකි. තෙරක් ගැඹුරක් නොමැති විලක් මැද ඇති යාන්තම් පිබිදීගෙන එන විට කුමක් නම් දන්නවාද? කැකුළු මලක් පිබිදෙද්දී එහි ඇති නැවුම් රොන් වල රසය දන්නෝ මී මැස්සන්මය. ඔවුන් මේ මළට අයිතිවාසිකම් කියන්නට වෙර දරන්නෝය. ඒ මෙම පිපෙන්නා වූ කැකුළු මලෙහි ඇති රොන් ගන්නටය. ඒ ලෙසින්ම තරුණ යුවතියක් පසු පස කොතරම් තරුණයන් සරන්නේද? ඔවුන් සියල්ලෝ වෙර දරන්නේ ඇය තමාගේ කරගැනීමටය.

ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා

හිරු එළිය වැටෙද්දී අලුතින්ම පිපෙන මගෙන් පළමුව රොන් ගන්නා වූ බඹරා එතේ මල වටා කැරෙකෙමින් කී ගීත ගායනය නවත්තල දාල යන්න යනවා. ඒ යන්නේ තමන්ගේ රොන් ගත්තු මල ගැන හිතන්නේවත් නැතිව. ඒ වගේම තමා යුවතියක් තමන්ගෙ ආදරය තරුණයෙකුට පූජා කරනවා. නමුත් ඇයගෙන් ගත හැකි සියළු ප්‍රයෝජන අරගෙන ඔහු ඇයගෙන් ඉවත් වෙලා යන්නේ ඇයගේ සිත ගැන ටිකක්වත් හිතන්නේ නැතිව. ඇය නොදැනුවත්ව රැවටුනා කියන එක ඇය තේරුම් ගන්නේ අයගෙන් ඔහු බවත් වෙද්දී. ඒ වෙද්දී ඇගෙන් ඔහු ඉවත් වීම කෙතරම් වේදනාවක්ද යන්න මෙහි අපූර්ව යෙදුමතකින් කියැවේ. ඒ "පියුමේ හද අඹරා" යන යෙදුමයි. රිදවනවා, තලනවා යන වචන වලට වඩා අඹරනවා යන යෙදුම අතිශය සාධාරණ යැයි මා සිතමි.

නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ
ආ මට කෑමක් ආ මට කෑමක් 
තවකෙක් බදිති සෙනේ

ඇය ඔහු එනතුරු ලතවෙමින් බලා හිදිද්දී තව බඹරෙක් තව කෙනෙක් ඇයට ලංවෙනවා. නමුත් ඒ ලංවෙන්නේ ඇයගෙන් ප්‍රයෝජන ගැනීමට මිසක් ආදරය කරන්නට හෝ ඇය සනසවන්න නම් නොවේ. තරුණයෙකුට රැවටුනු තරුණියකට දෙවනුව අත්වන ඉරණම මෙයම නොවේද? තව තවත් උන් ඇයට පෙම් බදින්නේ ඇයගේ ප්‍රයෝජන ගැන සිතා පමණක්මය. ඇයද අවසානයේ එය රසයක්ම යැයි සිතා තරුණයන් අතතින් අතට යන්නේ ඇයට කල හැකි වෙනත් යමක් නොමැති නිසාවෙන්මය. නමුත් ඇය තවමත් පෙර කල වරද පිළිබද දුක්වේ.

අවරට යන හිරු සවසට බැස යයි 
ගුම් නද දැන් නොඇසේ
රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි
පුන්සද දැක අහසේ

කලක් අතින් අතට යන තරුණිය ගැන දැන් කාටවත් ගානක් නැහැ. ඇයගේ තරුණ විය අවසන් වෙද්දී ඇය වටා සැරිසරන්නා වූ තරුණයන් නොමැත. තරුණයන්ගේ අතින් අතට යෑම පවා කලක් යද්දී නොමැති වෙන්නේ ඇයගේ රූ සිරි අඩු වන නිසාවෙන් විය යුතුය. දැන් ඇයටද කරන්න දෙයක් නෑ. ඇයත් පාඩුවේ පැත්තකට වෙනවා. ඒකට හේුව වෙන්න ඇත්තේ තමා වියපත් වීම හා අලුත් තරුණියන් සමාජයේ ගැවසීම විය යුතුය. එහිදී පුන්සද දැක අහසේ යන යෙදුම ඇයගෙන් ප්‍රයෝජන ගත් තරුණයන්ගේ නව ආදරවන්තියන්ද, ඇයට අත් වූ ඉරණම ම අත් වූ අනෙකුත් තරුණ යුවතියන්ද ආමන්ත්‍රණය කිරීමක් යැයි මා සිතමි.

ඒකයි දෛවය නෙළුමේ ඒකද 
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර 
එය ජීවන මහිමේ

එවිය ඇය සුසුමු හෙලනවා ඒකද යුවතියකගේ දෛවය යැයි සිතමින්. යුවතියකගේ ජීවිතයේ වටිනාකම තියෙන්නේ දවසක් දෙකක් විතරයි. ඒ තමයි යුවතියන්ගේ දෛවය වෙන්නේ. අද සමාජය තුල දකින්නට අසන්නට ලැබෙන දේ සමග මෙය කොතරම් මුහුව පවතින්වාද යන්න ඔබත් නොදන්නවා නොවේ.

ජීවන විල මැද වැජඹෙන කැකුළකි 
රූබර වූ යුවති...//
තී මට තී මට කියමින් බිඟු කැල 
ඇය අවටම රඟති...
ජීවන විල මැද වැජඹෙන කැකුළකි 
රූබර වූ යුවති...

ලහිරු රැසින් පිඹිදෙන පියුමින්
රොන් බී මත්වුන බඹරා..
මියුරු හඩින් කී ගී නවතා යයි
පියුමේ හද අඹරා..
නෑ එන පාටක් නෑ එන පාටක්
ලතැවෙයි පියුම අනේ...
ආ මට කෑමක් ආ මට කෑමක් 
තවකෙක් බදිති සෙනේ...

ජීවන විල මැද...

අවරට යන හිරු සවසට බැස යයි 
ගුම් නද දැන් නොඇසේ..
රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි
පුන්සද දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද 
යුවතියගෙත් දෛවේ..
දාකයි දෙකකයි පමණයි විසිතුර 
එය ජීවන මහිමේ...

ජීවන විල මැද...

ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : කරුණාසේන ජයලත්
සංගීතය : එම්. කේ. රොක්සාමි



හෙට දවසේ අප දෙදෙ ...

ප්‍රියා සූරියසේන මහත්තය සරල ගී වැඩසටහනකට  ගීතයක් ලියාගන්න කෙනෙක් හොය හොයා හිටියා. ඉතින් ඒකට උදව්වක් ගන්න කියලා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ අංශයේ වැඩරපු එල්මෝ ෆනෑන්ඩෝ කියන නිවේදකයාව හම්බ වෙන්න ගියා. එතුමා ප්‍රියා සූරියසේන මහත්තයාගේ හිතවතෙක්.

ඉතින් එතුමාට ප්‍රියා සූරියසේන මහත්තයා  කියනවා තව දවස් දෙකකින් සරල ගී වැඩසටහනක් මට තියෙනවා ඒකට ගීතයක් ලියාගන්න ඕන. ඒ වගේම ඉක්මනින් වැඩේ වෙන්නත් ඕන කියලා.

එල්මෝ මහත්තයා ඉන්න ඉන්න මෙහේ එක්කනෙක් ඉන්නවා කියලා කියලා ප්‍රේමකීර්ති මහත්තයාට කතා කරනවා.

එල්මෝ මහත්තයා ප්‍රේමකීර්ති මහත්තයාට කියනවා මේ මල්ලී මම හොදට අදුරන කෙනෙක් නාත්තන්ඩියේ ගම මම හලාවත ඒ නිසා ඉක්මනින් සිංදුවක් ලියලා දෙන්න කියලා.

ඉක්මනින් කොළ කෑල්ලක් ගත්තු ප්‍රේමකීර්ති මහත්තයා හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ. කියලා ලීවලු.

ඒ වෙලාවේ ගොඩක් කාර්යබහුල වෙලා හිටපු ප්‍රේමකීර්ති මහතා එහෙම පොඩි කෑල්ලක් ලියලා දුන්නේ කට්ටට තිබුනු හදිස්සිය නිසයි.

මේ ටික ලියපු ප්‍රේමකීර්ති මහත්තයා මෙන්න පද පේලියක් ලියලා තියෙනවා ඉතුරු ටික දෙන්න හෙට එන්න කියලා කියනවා .

දැන් ඉතින් මොනවා කරන්නද. ඒ පුංචි පද පේලිය අරගත්තු ⁣ප්‍රියා සූරියසේන මහත්තයා ආයෙත් පහුවදා ගියාලු ප්‍රේමකීර්ති මහත්තයා හම්බවෙන්න.

ප්‍රේමකීර්ති මහත්තයා ඊයේ මම කෑල්ලක් ලියලා දුන්නා නේද. කෝ කෝ දෙන්න ඒක කියලා ඉතුරු පද පේලියත් ලියලා දුන්නාලු.

ඉතින් අර කාර්යබහුල නිසා ඉක්මනින් ⁣ගීතය ලියලා දෙන්න බැරි වෙච්චි නිසයි හෙට දවසේ අප දෙදෙනා .... කියලා ලියවුනේ....

මිහිර කිවේ ප්‍රියා සූරියසේන මහත්තයාට අලුත් ගීතයක් හම්බවෙන එකට. මිහිර හෙටත් ගෙන ආයුතු වේ කියන්නේ ගීතයේ ඉතුරු කොටස ඊලග දවසේ දෙන්න වෙච්චි නිසයි...

ඉතින් මේක තමයි ප්‍රියා සූරියසේන මහතා කියන විදිහට ගීතය ලියවුණු සත්‍ය සිදුවීම. නමුත් 

මෙය පසුකාලීනව මත්පැන් බෝතලයක් මුල්කරගත් සිද්ධියක් බවට වැරදි අර්ථකථනයක් ප්‍රසිද්ධියට පත්ව ඇති බවට ප්‍රියා සූරියසේන මහතා පවසා ඇත.

හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ..

කිසි වෙනසක් නැති
එකම දෙයක් අති
එය මා ලබු ඔබෙ ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි..

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන
ලොවෙහි අළුත් වන
ආදරයම මම ඉඳිමි බලා

සංගීතය හා ගායනය-ප්‍රියා සූරියසේන
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්







නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...