Monday, December 28, 2020

හොඳ හොඳම වේය ලොව ...

ධර්මදාස වල්පොල නම් අසහාය ගායකයාණන් අභාවප්‍රාප්ත වී දෙසැම්බර් 25 වන අද දිනට වසර 37 කි. එතුමා 1983 දෙසැම්බර් 25 වන නත්තල් දින අප අතරින් සමුගන්නා ලදී. එතුමා විසින් ගායනා කරන ලද පළමු චිත්‍රපට ගීතය ඔහුට උපහාර පිණිස අද දින ඉදිරිපත් කරමි.


හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ ...//


බොහො ප්‍රේමෙ පුෂ්ප වියළේ

මව් පියගෙ ප්‍රේමෙ සුදිලේ

ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම් ....//


හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


මා ජීව අර්ධෙ ස්වාමී ස්වාමී 

මා ජීව අර්ධෙ ප්‍රේමී ප්‍රේමී ...//


මල්සරා මගේ ප්‍රේමා ප්‍රේමා

මා පතිනි පියුම් කාන්තා දේවී


ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම්


ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම්


හොඳ හොඳ ම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


හොඳ හොඳ ම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

පද - හියුගෝ ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)

1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.


ලතා, ධර්මදාස වල්පොල සමගින් චිත්‍රපටි යුග ගී ගායනයකට එක්වූ ප්‍රථම අවස්ථාව "ප්‍රේම තරඟය" චිත්‍රපටිය වේ. එපමණක් නොව ධර්මදාස වල්පොලගේ ප්‍රථම සිනමා පසුබිම් ගායනය ද එක්වන්නේ "ප්‍රේම තරඟය" චිත්‍රපටියටයි. 

(ධර්මදාස වල්පොල ලතා සමඟ විවාහ වන්නේ පසු කලෙකයි. මේ අවධියේ ලතා, ලතා වල්පොල නොව, මාතරගේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දුය. කලා ක්ෂේත්‍රයට ඇගේ නම ලතා ලෙස යෝග්‍ය බව කියා ඒ නම ස්ථාපනය වන්නේ සුසිල් ප්‍රේමරත්නයන්ගේ යෝජනාවකිනි.)


ප්‍රේම තරඟය චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන්, ඉන්දීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මුත්තුසාමි මහතා සම්මානයකින් පිදූ බව වාර්තාවේ. මෙම චිත්‍රපටියේ සියලු ගී තනු ස්වතන්ත්‍ර නිර්මාණ වේ.


මෙම ගීතය රචනා කර තිබුණේ හියුගෝ ප්‍රනාන්දුය. සංගීතය ආර්. මුත්තුසාමි මාස්‌ටර්ය. ඒ. බී. රාඡ්. අධ්‍යක්ෂණය කළ එස්‌. එම්. නායගම් නිපදවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටිය වෙනුවෙනි. මෙම ගීතය මුලින්ම ගායනා කරන්නට නියමිතව සිටියේ ධර්මදාස නොවීමද අපූරු කතාවකි. එය ගයන්නට සිටි අරුණ ශාන්ත නම් චිත්‍රපට නළුවා හදිසියේ අසනීප තත්ත්වයට පත්වීම නිසා චිත්‍රපට කණ්‌ඩායමට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය.

 

මුත්තුසාමි මාස්‌ටර්ගේ වාදක මණ්‌ඩලයේ තබ්ලා වාදනය කරමින් සිටි එම්. ආරියදාස ගැටලුවට විසඳුමක්‌ ලබා දුන්නේය. මාස්‌ටර් හොඳට සිංදු කියන්න පුළුවන් හාදයෙක්‌ ඉන්නවා. රේඩියෝ සිලෝන් එකෙත් "ලයිව් සෝන්ග්ස්‌" කියනවා.


කවුරු වුණත් කමක්‌ නැහැ. ඉක්‌මණට එක්‌ක එන්න. එවර කථා කළේ චිත්‍රපටියේ නිෂ්පාදක නායගම්ය. ආරියදාස හනි හනික කඳානේ සිට බස්‌රියක නැඟී මරදානේ සිටි ධර්මදාස සොයා ගියේය. වාසනාවකට ඔහු ගෙදර සිටියේය. "ධර්මෙ ඉක්‌මණට ඇඳ ගන්න. පොඩි වැඩකට කඳානට යන්න තියෙනවා." ආරියදාස කීවේය. මිතුරාගෙන් ආගිය කාරණා නොවිමසා කඳානට ගියේය. එදා ධර්මදාස චිත්‍රපටයකට ගීයක්‌ ගැයීය. එය යුග ගීතයකි. ඔහුගේ සහාය ගායිකාව වූයේ ලතා ජෙනට්‌ ප්‍රනාන්දුය. ඒ අපූරු ගීතය විය. ලතා ධර්මදාසගේ කටහඬ රන් රස සේ පෑහිණ. 1953 ධර්මදාස වල්පොල චිත්‍රපට ගීත ගායනයට අවතීර්ණ වන විට වයස අවුරුදු 26 කි. 


(උපුටා ගැනීම - දිවයින/ ගී අරණ)




සුභ ප්‍රාර්ථනා කියමන් ...

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

මා වටකර සතර දෙසින්

ගිලිහෙන මුත් මුවට මුවින්

ඔබේ මුවින් නැති පැතුමන්

මට නැත අගනේ

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


මා ඈ කර මාල බඳින්නේ

ඔබෙ නෙත් තරු සැලී දිළෙන්නේ

මා ඈ ගත සළු පළඳන්නේ

ඔබෙ නෙත් අග කඳුළු පිරෙන්නේ

ගිගුම් හඬින් මගුල් සිලෝ

පෝරුව දෙදරයි


සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


මධුසමයට මඟට බහින්නේ

ඔබෙ නෙත් පෙර මඟ හමුවන්නේ

රහසින් බැඳි පෙම සිහිවන්නේ

අප මින් මතු නැත හමුවන්නේ

ඔබ අන්සතු ළඳක් කියා

ඇයි මට කීවේ


සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - ලූෂන් බුලත්සිංහල

තනුව - විශාරද ගුණදාස කපුගේ


මෙම ගීතය පිළිබඳව පදරචක ලූෂන් බුලත්සිංහලයන් අදහස් දක්වමින් "මගේ සමීපතම මිත්‍රයෙක් හිටියා. එයා විවාහ වීමට පෙර විවාහක කාන්තාවක් සමඟ අනියම් ප්‍රේමයක් තිබුණා. ඔහුට ඇයව අයින් කරන්නම බැරි තැන වෙනත් කාන්තාවක් සමඟ විවාහ වුණා. එදා ඔහුගේ උත්සවයට පෙර කියූ අනියම් පෙම්වතියත් පැමිණියා.


මිත්‍රයාගේ අනියම් සම්බන්ධතාව දැනගෙන සිටි මමත් ඒ විවාහ මංගල උත්සවයට සහභාගි වුනා. ඒ මොහොතේ මගේ සිතේ ඇතිවුණ හැඟීම මං ‘සුබ ප්‍රාර්ථනා කියමන්’ කියන ගීතයෙන් ඉදිරිපත් කළා. මේ ගීතයේ තවත් විශේෂත්වයක් තියෙනවා. මගේ මිත්‍රයකු වුණ ගුණදාස කපුගේට මං ලියූ ප්‍රථම ගීතය වුණේ මේ ගීතයයි.


(උපුටා ගැනීමකි)




Tuesday, December 22, 2020

ඩැෆඩිල් මලේ ...

හිත මා සොරාගෙන

ගියේ ඇයි ද

ඩැෆඩිල් මලේ

හිම වාගෙ සුන්දර

හස කැන් රඳවා හදේ

මුමුනා කියන්නෙ

නල රැලින්

කඳු මානයේ

ඔබ තාම මාගෙමයි

වසත් කල යෞවනියේ

ඔබ තාම මාගෙමයි

වසත් කල යෞවනියේ


දුර ඈත ගං තෙරේ

සැඩ සීත මාරුතේ

වෙලී ගත ඈ

දෑත ගෙන මා

හීන් වැහි කෝඩයේ

මුව කමල ආදරෙන්

සිපගතිමි සීරුවෙන්

හැඟුම් සොඳුරුයි

රැඳුන නෙතගේ

එවන් සැන්දෑ කලේ


හිත මා සොරාගෙන....


විලෝ තුරු මං පෙතේ

සඳ උවන පිපි රැයේ

කෝල ලෙස ඈ

දෑත සැලුවේ

දෑල වැල් පාලමේ

හද විලම ආදරෙන්

සසල විය මුදු සරින්

හැඟුම් සොඳුරුයි

රැඳුණ මතකේ

එවන් සැන්දෑ කලේ


හිත මා සොරාගෙන...


ගායනය - දයාන් විතාරණ 

පදරචනය - චාමින්ද රත්නසූරිය 

සංගීතය - මහේන්ද්‍ර පැස්කුවල්


මේ ගීතයට පසුබිම් වූ හේතු පිළිබඳව චාමින්ද රත්නසූරිය අදහස් දක්වමින් "මට 1999 දී විතර දයාන් විතාරණ මුණගැහෙන්නේ. කිත්සිරිගේ මම ලියපු ‘නිසල සඳ කිරණේ‘ කියන ගීතය සංගීතවත් කළේ සමන්ත පෙරේරා. ඔහු තමයි මාව දයාන්ට අඳුන්වලා දෙන්නේ. කොහොම හරි අපි අතරේ ලොකු සම්බන්ධයක් හැදුණෙත් නෑ. ඒත් දවසක් දයාන් මට කැසට් කෑල්ලක් තියලා ගිහිං තිබුණා ස්ටුඩියෝ එකේ. දවසක් සුනන්ද මෙත්තසිංහ අපේ සවුන්ඩ් කරන මිත‍්‍රයා කතාකරලා අහනවා අර දයාන් අයියා උඹට දුන්න තනුවට සිංදුවක් ලිව්වාද කියලා. 


මම විලියම් වර්ඞ්ස්වර්ත්ගේ කවි රසිකයෙක්. වර්ඞ්ස්වර්ත්ගේ කවියක් තියෙනවා. ඩැෆර්ඩිල් මල මට අහුවෙන්නේ මේ කවියෙන්. ඒ එක්කම තමයි ‘ඩැෆර්ඩිල් මලේ‘ කියන ගීතය අර මෙලඩියට ලියවෙන්නේ. මේ කවියට අමතරව තව දේවල් ගොඩක් මේ ගීතය අස්සේ තියෙනවා. මගේ යාළුවෙක් හිටියා, ඔය බොස්නියා පැත්තෙන් ඉතාලියට පැන්න. බොස්නියා යුද්ධය එහෙම තියෙන කාලේ ඒ හරහා යනකොට ඔහුට බොස්නියාවලදි, හිතාගන්න බැරි විදිහේ ලස්සන කෙල්ලෙක් හමුවෙනවා. ඔහුට ලංකාවෙදි කෙල්ලෙක් හිටියේ නෑ. ඉතාලියට යන්න වෙනකොට ඔහුට මේ කෙල්ල දාලා තමයි යන්න වෙන්නේ. ඔහු ඒ දුක මට එහේ ඉඳලා ලියුමකින් ලියනවා. ඒකත් මගේ හිත අස්සේ කැරකි කැරකි තමයි තිබුණේ. 


තව මගේ මිත‍්‍රයේ හිටියා ටුවරිසම් කරපු, දවසක් එයා නුවරට ප්‍රංශ කෙල්ලෙක් එවනවා, මචං මෙයාව නුවරඑළියට ගිහිං අරලවපං කියලා. මම මේ කෙල්ල කැන්ඩි ස්ටේෂමෙන් අරගෙන නුවරඑළියේ යනවා. මේ යන අස්සේ අපි දෙන්නා අතර ආදරයක් ගොඩනැගෙනවා. නුවරඑළියේ විලෝ ගස් ගොමුවක් අස්සේදී ඇය මට කිස් එකක් දෙනවා. ඒ කාලේ ප්‍රංශ හාද්දක් කියන්නේ ලේසිද? කොහොම වුණත් මම අමාරුවෙන් එයාව නුවරඑළියේ නතර කරලා කොළඹ එනවා. මේ සේරම කතාවල එකතුවක් තමයි, ‘සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ‘ කියන සිංදුව අස්සේ තියෙන්නේ. මේ සිංදුවට දැන් අවුරුදු 20ක් වෙනවා. ඒත් තාමත් මට මේක දැනෙනවා.

(උපුටා ගැනීම - anidda.lk) 




Monday, December 21, 2020

වද කහ සුදිය ...

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

දවාලෙදී රෑ උන ඒ දවසේ

එමලි ගියා පිලිකන්නට විගසේ

කලුවට සිටි එමලී පැනගෙන දුව ආපී

දෙයියො තමයි දන්නෙ සිද්දිය


ලංකාවට පුදුම දෙයක් බෝ උනා

සීමාවක් නැතුව පැතුරුනා

සුදු වෙන්නට හිතපු දනා

සුදිය නිසා මෝඩ උනා

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය


පරන දෙයක් මතක් කරල දෙන්නද

වදකහ සුදියෙ සුලමුල

සුදු වෙන්නට හිතු එමලී

සුදිය නිසා මෝඩ උනී

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය


තරුන කමේ නියම රසය දැනගෙන

තිරිහන් වෙන්න හදනවා

සුදු කෙස් කලු කරලා

බොරු දත් පෙළ දමලා

අදත් තරුන වෙන්න හදනවා

සුදු කෙස් කලු කරලා

බොරු දත් පෙළ දමලා

අදත් තරුන වෙන්න හදනවා

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

බිව්ව නේද වද කහ සුදිය

අනේ මගේ එමලි පනේ

කියන්නකෝ ඇත්ත අනේ

බිව්ව නේද වද කහ සුදිය


පදරචනය/ තනුව හා ගායනය - වොලී බැස්ටියන් 


1955 සිදුවූ සූර්‍ය්ග්‍රහණය පාදක කරගනිමින්  නිර්මාණය කර ගායනා කරන්නට යෙදුණු, ‘බිව්වා නේද වදකහ සුදිය‘ බයිලා ගීතය, අද වන විට සෑම සාජ්ජයකදීම ඇසෙන බයිලාවක් බවට පත්ව ඇත. මෙම මුල් ගීතය බයිලා රජු වොලී බැස්ටියන් විසින් රචනා කොට ගායනා කොට ඇත. (මෙම මුල් ගීතය සොයාගැනීමට අපහසුය)


මීට අමතරව මොරටුවේ ප්‍රථම ගායක කණ්‌ඩායම පිහිටුවා ගෙන සිටි ජනප්‍රිය ගායකයෙක්‌ වූ සී. එල්. ෆොන්සේකා මෙම සිදුවීම ගැන කල්පනා කරමින් ඔබ-මොබ ඇවිද්දේය. ඔහුගේ මොළයට අදහස්‌ ගලා එන්නට විය. ඔහු තම කාමරයට වැදී දොර වසා ගත්තේය.

"බිව්ව නේද වදකහ සුදිය - සුදු වෙන්නට හිතපු දනා - සුදිය නිසා මෝඩ වුණා - බිව්ව නේද වදකහ සුදිය" ඔහු ප්‍රබන්ධ කළ අතර මෙරිල් පීරිස්‌ එහි අඩුපාඩු සකස්‌ කළේය.


තමාගේ ගායක කණ්‌ඩායම සමග පැදුරු සාඡ්ජවලට යන සී. එල්. ෆොන්සේකා එම සාඡ්ජවලදී මෙම ගීතය ගායනා කළේය. අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ "බිව්ව නේද වදකහ සුදිය" ගීතය ඔහු ගුවන්විදුලි වැඩසටහනකටත් ගායනා කළේය.


(පසුකාලීනව වොලී බැස්ටියන් විසින් ගායනා කල ගීතය විවිධ ගායකයින්, සංගීත කණ්ඩායම් ඔවුන්ට අවශ්‍ය පරිදි ගීතයේ වචන වෙනස් කර ගායනා කර ඇත.)


1955 ජූනි 20 වැනිදා ලංකාවටම අමතක නොවන දිනයකි. ඒ, එදා දහවල රටම මහා රෑ ඝන අදුර මෙන් කරුවල වී ගිය හෙයිනි. එදා ජූනි 20 වැනි සඳුදාවකි. සූර්යග්‍රහණය නිසා ලංකාවේ සියලුම පාසල්වලට රජය නිවාඩු දී තිබිණි. 20 වැනිදා උදේ 8.11 න් ඇරැඹෙන මේ අපූරු සිදුවීම දැකබලා ගැනීමට, විදෙස් රටවල ග්‍රහ විද්‍යාඥයෝ ලංකාවට පැමිණ, පොලොන්නරුව, කදුරුවෙල, හිඟුරක්ගොඩ, සීගිරිය, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට වී කඳවුරු බැඳගෙන, ඒ මොහොත එළැඹෙන තුරු බලා සිටියෝය.


සූර්යග්‍රහණය බැලීමට, වෛද්‍යවරුන් එදා අනුමත කළ කණ්ණාඩි බොහෝ සෙයින් විකිනිණි. ඒ මොහොතේ, රට පුරා විහාරස්ථානවල සෙත්පිරිත් සජ්ඣායනයට සූදානම් කර තිබිණි. සමහරු මන්ත්‍ර ජප කළහ. සෝවියට් සමූහාණ්ඩුව ඉල්ලීම් කළත්, එවකට මෙරට සිටි බලධාරීන් මෙය අධ්‍යයනය කිරීම සඳහා ඔවුන්ට මෙරටට ඒමට අවසර නොදුන් බව පැවසේ.

එවකට සිටි එක්තරා දේශීය වෛද්‍යවරයකු විසින්, සුර්යග්‍රහණ වෙලාවේදී පානය කිරීම සඳහා සුදුසු අපූරු බෙහෙතක්, 1955 ජූනි 19 වැනි දින පළ වූ ඉරිදා ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කර තිබිණි. ඒ, වද කහ යුෂයි. වද කහ සියුම්ව අඹරා, ඒ සඳහා විවිධ අනුපාතවලින් පානය කළහොත්, ශරීරයේ විවිධ ආබාධ දුරු වී, සුවදායක තත්ත්වයක් මතුවන බව, එහි සඳහන්ව තිබිණි.


තැඹිලි වතුරෙන් බී විට බුද්ධිය වර්ධනය වන බවත්, කොත්තමල්ලි වතුරෙන් බී විට රූප ශෝභාව වැඩිවන බවත් ආදී ලෙසින් මාත්‍රා පහකින් වදකහ බීමට නියම කර තිබිණි. වතුර බේසමකට නිල් දිය කර සූර්යග්‍රහණය බැලීමට හෝ කළු කණ්ණාඩියකින් හෝ කළු සෙලෝටේප් පටියකින් හෝ බැලීමට නියම කර තිබිණි. කෙළින්ම සූර්යග්‍රහණය පියවි ඇසින් බැලුව හොත් ඇස් අන්ධ වන බව එදා පුවත්පත්වල සඳහන් විය. හැම වෙද ගෙදරකම වදකහ බෙහෙත නියමිත මාත්‍රාවලින් සකස් කර, ජනයාට ලබා දුනි. බෙහෙත් බඩු කඩෙන් ගත් විවිධ පුද්ගලයන්, තමන්ට සිතැඟි මාත්‍රාවලින් වද කහ සාදා ගත්තේය.


සූර්යග්‍රහණය වෙලාවේ විවිධ මාත්‍රාවලින් වද කහ බීමෙන් රූප‍ශෝභාව වැඩි වීමට, බුද්ධිය වර්ධනයට, කාලාන්තරයක් තිස්සේ පැවැති ලෙඩ රෝග සුව වීමට හා කටපාඩම් හිටීම සිදු වේ යැයි සිතූ අය, වද කහ බීමට යුහුසුලුව බලා සිටියේය.


නියමිත ජූනි 20 වැනි දිනය උදාවූ බව පවසමින්, වටින් ගොඩින් එළි වන්නට විය. එම සඳුදා උදේ ඔර්ලෝසු මත 8.11 සිට 8.15 වේලාව සටහන් වන විට, සූර්යග්‍රහණය ඇරැඹිණි. රටම අඳුරේ ගිලී ගියේය. කපුටන් ඇතුළු කුරුලු රෑන් කෑ ගසමින්, සිය කූඩු කරා නැවත පියඹා යන්නට විය. උදේ දිගෙලි කර වතුවල තණ කමින් සිටි හරකුන්, රාත්‍රිය එළැඹී ඇතැයි සිතා, ගාල් නොකළ බැවින්, බියවී කෑ ගසන්ට විය. රාත්‍රියේ පිපෙන මල්, පිපෙන්නට විය. නැවත එළිය වැටීමත් සමඟ ඈත මෑත පියාඹමින් වල්මත් වී සිටි පක්ෂීන්, කීචි බීචි හඬ නඟමින් මහත් ප්‍රීතියෙන් යුතුව නැවතත් පුරුදු ජීවන රටාවේ නියැළුණු අයුරු, එකල පුවත්පත් මඟින් කියැවුණි. පක්ෂීන් පමණක් නොව, දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි අලි ඇතුන්, ව්‍යාඝ්‍රයන් ඇතුළු සතුන් අමුතු ආකාරයකින් හඬනැඟීමට පටන් ගත් බවද කියැවේ.

බොහෝ පිරිස් විවිධ මාත්‍රාවලින් සෑදූ වදකහ බොන්නට ගත්හ. සමහරු වැරදි මාත්‍රාවෙන් වදකහ බොන්නට වූහ.

වද කහ බිව් බොහෝ දෙනාට වමනය හා බඩඑළිය යෑම ආදී රෝග මතු විය. රට පුරා එකවර වැඩිම පිරිසක් රෝහල්වලට ඇතුළු වූ ඉතිහාසයේ පළමු දවස මෙය විය. රූපශෝභාව වැඩි වීමටත්, බුද්ධිය වැඩි අරබයාත්, බොහෝ පිරිස් නියමිත මාත්‍රාව ඉක්මවා වදකහ බීවෝය.

සූර්යග්‍රහණය බැලීමට ගොස් දෙනෙක් මැරී වැටුණහ. දෙදෙනකුගේ ඇස් අන්ධ විය.

ලංකාදීප පුවත්පත පසු දිනයේදී වමනයට බෙහෙත් ද සඳහන් කර තිබිණි.

රටේම අය වද කහ බී ලෙඩ වීම නිසා, ලංකාදීප පුවත්පතේ වදකහ බෙහෙතට එරෙහිව දිනමිණ ‘වද කහ’ නමින් තීරු ලිපියක්ද පටන්ගෙන තිබිණි. ඉන්පසු එය ටික කලකින් නැවතුණි. ලංකාවට දර්ශනය වූ එම සූර්යග්‍රහණය පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස සටහන් වී ඇති අතර, ලංකාව හැරුණු විට එය දර්ශනය වී ඇත්තේ සියමය, වියට්නාමය, පිලිපීනය යන රටවලට පමණි. විනාඩි 7 යි තත්පර 8 ක් පුරා සිදු වූ මේ සූර්යග්‍රහණය, දර්ශනය වූ විශාලතම සූර්යග්‍රහණයක් ලෙස හැඳින්වේ.


(උපුටා ගැනීමකි) 










Friday, December 18, 2020

මම නම් ආසයි ...

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්

දෙනෙත පියාගෙන කියන්න මුමුණා

එක වදනක් හෝ කෝල ලෙසින්

වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ

ඉර හඳ පමණයි කවදත් උන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා

මා හා හිනැහුණු අහිංසකාවිය

අදත් එදා මෙන් දකින්න ඇත්නම්

මට පෙම් කල මුදු නිසංසලාවිය

මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ

පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන්

ලෝකය යනතක ගමනේ යද්දෙන්

පුංචි දැරිය යුවතියක වුනාදෙන්

මගේ බොළඳ හිත මට තිබුනාදෙන්

ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ

දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ


මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්

දෙනෙත පියාගෙන කියන්න මුමුණා

එක වදනක් හෝ කෝල ලෙසින්

වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ

ඉර හඳ පමණයි කවදත් උන්නේ

මම නම් ආසයි අහන්න නයනා

ඉස්සර වාගේ ඔබේ මුවින්


ගායනය හා සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි 

පදරචනය - මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර 


ඔබේ ආදරණීය බිරිඳට ලියූ ගීයක්ද මම නං ආසයි අහන්න නයනා ගීතය? 

එහෙම ම කියන්නත් බෑ ඉතිං. ඔහේ ලිව්වා. හැබැයි ඇගේ නම නයනා තමයි. අපි පාසල් කාලේ මුණගැහුණේ. ගීතය මං ලියලා තිබුණා. ඒ දවස්වල සනත් අයියලාගේ ගෙදර මගේ පොත් තිබුණා. මං නිතරම සනත් අයියා ඇසුරු කළා. එහෙ යනවා. පොත් අරං යනවා පැය දෙක තුනක් ඉන්නකොට පාඩම් කරනවා. මට වෙනම දීලා තිබණා මේසයක් එහෙම වාඩිවෙලා වැඩ කරන්න, නිදියගන්න, කන්න බොන්න දෙනවා ඉතිං එයාලා. ඉතිං එහෙ මගේ කටු සටහන් පොතක් තිබුණා. ඒක සනත් අයියා දන්නවා. එකේ ලියලා තිබුණ එකක් තමයි සනත් අයියා ඔය මටත් නොකියා රෙකෝඞ් කරලා තිබුණේ. මං කතරගම ද කොහෙද ගිහිල්ලා එනකොට සනත් අයියා ගීතය කරලා තිබුණා. මේක දෙවැනි ගීතය. මට මතක හැටියට උසස්පෙළ කාලේ වගේ ලිව්වේ.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / මීවිත)




වලා අතුල සිරියහනේ ...

වලා අතුල සිරියහනේ

උණුසුම් හිරු කෙඳි පොරවා

ඉන්ද්‍රචාප කුමාරයා

නිදා වැටෙනවා


මල් සුගන්ධයෙන් නැළැවෙන

ලතා මඬුල්ලේ ලැගගෙන

රෑන් රෑන් සියොතුන් ගී

සින්දු කියනවා


ජීවිතය වගේ මුමුණන

ආදරය වගේ දිලිහෙන

දිය තරංග පොකුරක්

එළියෙන් නලියනවා


නොදරුවෙකු අතින් බොඳවුන

සිතුවමක් ලෙසින් සුන්දර

පාට රෑනකින් දස අත

රටා වියනවා


කිරිවැදී නටන ගොයමට

මිහිදුමින් වැටුනු පිණිකැට

රන්දමක් වගේ ගෙල වට

රනින් දිළෙනවා


හෙටක් ගැන යමක් නොදකින

හෙටක් තිබේ දැයි නොසිතන

කෙනෙක් මධුවිතක් තොල් අග

තවරගන්නවා


වලා අතුල සිරියහනේ

උණුසුම් හිරු කෙඳි පොරවා

ඉන්ද්‍රචාප කුමාරයා

නිදා වැටෙනවා


මල් සුගන්ධයෙන් නැළැවෙන

ලතා මඬුල්ලේ ලැගගෙන

රෑන් රෑන් සියොතුන් ගී

සින්දු කියනවා


ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - සුනිල් රත්නායක

තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

දළ රළ පෙළ ටෙලි සිතුවමෙන්


සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ ජනප්‍රිය නවකතාවක් වුණු දළ රළ පෙළ නවකතාව ඇසුරෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍ය​ය පිළිබඳව මතකය තවමත් අපේ ප්‍රේක්ෂකයා තුළ රැඳී තිබෙනවා. ඒකට එක හේතුවක් වන්නේ “වලා අතුල සිරි යහනේ” ටෙලි නාට්‍ය තේමා ගීතය. ඊට අමතරව එහි ප්‍රධාන චරිත නිරූපණය කළ සොමී රත්නායක සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ රඟපෑම. ගැමි පරිසරයක උපත ලබන තරුණියක් තමන් මෙහෙකාරියක ලෙස සේවය කිරීමට පැමිණි නිවසේ ස්වාමියා සමඟ ඇති කරගන්නා සම්බන්ධතාවයක මානුෂික ස්වරූපය මේ ටෙලි නාට්‍යය තුළින් කතාබහට ලක් වුණා.


අපූර්ව සංගීතයකින් හා සිත ස්පර්ශ කරන අයුරින් කරන ගායනය සඳහා සරල බසින් මෙම ගීතය රචනා කර තිබෙන්නේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කල ටෙලිවිව් ආයතනයේ අධිපති සුනිල් රත්නායක මහතා.


(උපුටා ගැනීමකි)






Monday, December 14, 2020

පෙම් ලෝකෙ පුරා ...

පෙම් ලෝකෙ පුරා

ඔබ සෙව්ව සුදා

මල් මාල ගොතා

පළඳන්න ගෙලේ දාලා


ගේ ගාව දොළේ

මල් පිපුණු කැලේ

එනකන් සිටියා

ඔබ කොහෙද ගියේ දාලා


අත ගන්න ඔබේ

මම විඳපු දුකේ

හැටි දන්නෙ මෙමා විතරයි ...//


ඔබ දැක නොබලා

මට ඉන්නට බැහැ

ඒ හින්ද තමා

මම එන්නේ ඔබව සොයා


කවදද මන්දා

ජය කොඩි බන්දා

එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//


ඒ සුබ සිහිනේ

ඇයි එළි නූනේ

පෙම් රජ දහනේ

තනි වේවිද අපි දෙන්නා


කවදද මන්දා

ජය කොඩි බන්දා

එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ...//


ඒ සුබ සිහිනේ

ඇයි එළි නූනේ

පෙම් රජ දහනේ

තනි වේවිද අපි දෙන්නා


පෙම් ලෝකෙ පුරා

ඔබ සෙව්ව සුදා

මල් මාල ගොතා

පළඳන්න ගෙලේ දාලා


ගේ ගාව දොළේ

මල් පිපුණු කැලේ

එනකන් සිටියා

ඔබ කොහෙද ගියේ දාලා


ගායනය - ක්‍රිස්ටෝපර් පෝල්

පද රචනය - බැසිල් එම්. සිල්වා

තනුව - 1960 දී එල්විස් ප්‍රීස්ලි ගැයූ වුඩ්න් හාට් ගීයෙන් උපුටා ගෙන ඇත.


Wooden Heart ගීයේ පද


Can't you see

I love you

Please don't break my heart in two

That's not hard to do

Cause I don't have a wooden heart


And if you say goodbye

Then I know that I would cry

Maybe I would die

Cause I don't have a wooden heart


There's no strings upon this love of mine

It was always you from the start

Treat me nice

Treat me good

Treat me like you really should

Cause I'm not made of wood

And I don't have a wooden heart


Muss i denn, muss i denn

Zum Stadtele hinaus

Stadtele hinaus

Und du, mein Schatz, bleibst hier?


There's no strings upon this love of mine

It was always you from the start

Sei mir gut

Sei mir gut

Sei mir wie du wirklich sollst

Wie du wirklich sollst

Cause I don't have a wooden heart


"බෙල්ලෝ මුතු බෙල්ලෝ" ඒ ගීතයෙන් පස්සෙත් හරි අහඹු විදිහට ගීත කිහිපයක් නිර්මාණය වුණා නේද?


ඔව්. එක ගීතයක් ජනප්‍රිය වෙලා බැහැනේ. ඒ නිසා මට තවත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න ඕන වුණා. ඒ කාලේ සිංහල සංගීතය අහනවා අඩුයි. වැඩිපුර බටහිර සංගීතය තමයි ඇහුවේ. එල්විස් ප්‍රේස්ලිගේ Wooden Heart ගීතය හරිම ජනප්‍රියයි. මම මේක මගේ යාළුවා බැසිල්ට අහන්න දීලා “ඕකටත් සිංහල වචන ටිකක් දාලා දීපන් මම රෙකෝඩ් කරන්නම්.. කියලා දුන්නා. ටික වේලාවකින් බැසිල් 


පෙම් ලොකේ පුරා ඔබ සෙව්වා සුදා

මල්මාලා ගෙනා පළදින්න ගෙලේ මාලා


කියලා ලියලා දුන්නා. ඒකත් ලියවුණේ සල්ගාදු හෝටලේදීම තමයි. ඒකත් හොඳට ජනප්‍රිය වුණා. ඊට පස්සේ මම එතනිනුත් නැවතුනේ නැහැ. බටහිර තනුවකට සිංහල වචන දාලා මුලින්ම ගුවන් විදුලියේ ගීත ගයපු මුල්ම ගායකයා වුණේ මමයි. බොහෝ දෙනා හින්දි තනුවලට ගීත නිර්මාණ කළාට මම බටහිර තනුවලට තමයි වැඩිපුරම ගීත නිර්මාණය කළේ. මේ ගීතයට අම්මෝ පුදුමාකාර ප්‍රතිචාර ලැබුණා. ගුවන් විදුලියෙන් දිගටම ප්‍රචාරය වෙන්න පටන් ගත්තා.

(උපුටා ගැනීමකි)











නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...