Monday, July 20, 2020

පොඩි දුවගේ සිනා වැලයි ...

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අදහස් දක්වමින් "ඊළඟට මං කැමතියි කතා කරන්න ”පොඩි පුතුගේ සිනා වැලයි” කියන ගීතය ගැන.

පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු ව‍‍ගේ...//

පොඩි දුවගේ...//

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ...//

පොඩි දුවගේ...//

ගායනය - සෝමතිලක ජයමහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගීපද - සුනිල් ආරියරත්න
 
ඔබ අවිවාහකයි. නමුත් මේ ගීතයේ විවාහයේ සුන්දරත්වය අපූරුවට පද පෙළකට ගැලප තිබෙනවා?
 
මේ ගීතය අහපු හුඟක් දෙනෙක් අහනවා ඔය කතාව. මම අවිවාහකයෙක් වෙලා විවාහ ජීවිතේ සුන්දරත්වය ගැන කොහොමද මෙහෙම ගීතයක් ලියුවේ කියලා. ඇත්තටම මම අවිවාහකයෙක් වුණාට මම දැකලා තියෙනවා මේ පවුල්වල ඉතාම අනුවේදනීය තත්ත්වයන්, ඉතාම අසුන්දර තත්ත්වයන් වගේම ඉතාම සුන්දරතාවයනුත්. ඒ නිසා වරින් වර සමහර ගීතවලට ඒ කාරණා මම විෂය කරගත්තා. මේ ගීතය ලියන්න හේතුවුණේ දැන් අප අතර නැති නමුත් කලා ලෝකයේ බොහෝ දෙනකුගේ හිතවතෙක් වන සෝමපාල
 
හේවාකපුගේ අපේ මිතුරා කියූ දෙයක්. ඔහු විවාහ වුණේ ටිකක් පහුවෙලා. නුගේගොඩ අපේ ගෙවල් දොරවල්වලට ඇවිල්ලා නිතර හම්බවෙලා කතා කරලා යනවා. ඔහු කිව්ව දෙයක් තමයි ඔහු ඉස්සර හවස වැඩ ඇරිලා ? නවයට දහයට ගෙදර යන්නේ, නමුත් විවාහ වෙලා දරුවන් ලැබුණට පස්සේ හැමදාම හැකිතාක් කඩිනමින් ගෙදරට ගියා. ඊට පස්සේ ඔහුගේ කටින් කියවෙච්ච දෙයක් තමයි විවාහ ජීවිතය කියන එක මෙච්චර සුන්දර දෙයක් කියලා දන්නවා නම් මං මීට අවුරුදු දහයකට විතර කලින් තමයි විවාහ වෙන්නේ කියලා. ඔහුගේ කටින්ම පිටවෙච්ච වචන තමයි මේ දරුවොත් එක්ක ගෙට කූඩු වෙන එක හරියට නිවන් ගියා වගේ වැඩක් කියන එක. ඒ වචන මට හුඟක් දැනුනා. ඒ නිසා තමයි ”මගේ නිවන මගේ පැල්පතයි” කියන වචන මගේ අතින් ලියවුණේ. මම හිතන්නේ මේ ගීතයේත් තනුව සහ සෝමතිලකගේ ගායනය නිර්මාණයේ සාර්ථකත්වයට හේතුවෙලා තියෙනවා.

(දිවයින)



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...