මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දිවයින පුවත්පතේ ඔහු විසින් රචිත ගී වලට පසුබිම් වූ කතා පිළිබඳව කරන ලද විවරණයක්.
එහිදී එතුමා ලියූ පේ‍්‍රම ගීතාවලියේ කැමති ගීතය ලෙස ”මීන නුවන් යුගින් බලන් මීනා” කියන ගීතය බව කියා ඇත.
මීන නුවන් යුගින් බලන්
මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා ...//
බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ
මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා
ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත් බෑ
අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ
බණ්ඩාරේ
මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා
අත් වැල් බැඳ කෝවිල් යමු
පෝයදාට පන්සල් යමු ..//
මෘදංග නද ගැටබෙර හඩ
අපගේ දෙසවනට එකයි
මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා
බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල ඇති බණ්ඩාරේ
බණ්ඩාරේ
මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් ..
මීනා
ගායනය - නිරංජලා සරෝජිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
මේ ගීතය මං ලිව්වේ යාපනයේදී. යාපනයේ විශ්වවිද්‍යාලය ආරම්භ කරනකොට ආරම්භක කථිකාචාර්යවරුන් හැටියට පත්වීම් ලබලා ගියේ මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ සහ මම. මම ජීවිතේ පළවෙනි වතාවට තමයි යාපනේට ගියේ. ඊට කලින් වන්දනා ගමනකටවත් මම යාපනේට ගිහිං නැහැ. ඇත්තටම අපි යන කාලේ යාපනේ හුඟක් කලබලයක් තිබිච්ච් කාලයක් නෙමෙයි. දෙමළ භාෂාව සම්බන්ධයෙන් මට උනන්දුවක් ඇතිවුණේ මම යාපනේ හිටපු නිසා. බොහෝ දේවල් සිද්ධ වුණා යාපනේ හිටපු අවුරුදු කිහිපය තුළ.
අපේ විශ්වවිද්‍යාලයේ පාලන අංශයේ හිටියා හිතවතෙක් සිංහල කෙනෙක්. එතුමා පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගත්තා යාපනේ ඔහුගේ යටතේ සේවය කරපු සේවිකාවක් සමග. ඉතාම සුරූපී තරුණියක්. ඉතිං මේ පේ‍්‍රම සම්බන්ධයට දැඩි විරෝධයක් එල්ල වුණා ඔහුගේ පාර්ශ්වයෙනුත්, ඇය ගේ පාර්ශ්වයෙනුත්. හරිම සුන්දර ජීවිතයක් අපි ඔවුන් එක්ක ගත කළා. අපි ඔවුන් එක්ක නාගදීපේ ගියා, කැශුරිනා බීච් ගියා අපිත් එක්කම තමයි ඔවුන් ගේ පේ‍්‍රමය වැඩුණේ. ගම්ලත්, පතිරාජ සහ මම සමග අපේම තව සහෝදරයෙක් වගේ තමයි ඒ මිතුරා හිටියේ. මේ පේ‍්‍රම සම්බන්ධය තමයි මේ ‘මීන නුවන් නෙතින් බලං මීනා’ කියන ගීතය ලියන්න හේතු වුණේ.
මේ ගීතය සිංහල දෙමළ ජාතික සමගිය පිළිබඳ ලියැවුණු පළමු ගීතය නේද?
ඇත්තෙන්ම සිංහල දෙමළ ජාතික සමගිය සම්බන්ධයෙන් ලියවෙච්ච පළවෙනි ගීතය විදිහට මේ ගීතයට වෙනම තැනක් ස්ථාපිත වෙනවා ගීත සාහිත්‍යයේ. ඊට කලින් කුන්ඩුමනී කියලා ගීතයක් ලියවුණා. නමුත් මෙහි කුන්ඩුමනී කියලා දෙමළ චරිතයක් ගැන කියවෙනවා මිසක් එහෙම ජාතික සමගිය පිළිබඳ කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගීතාවලියේ පළවෙනි ගීතය හැටියට මෙහි විශේෂත්වයක් තියෙනවා.
(දිවයින)
No comments:
Post a Comment