Tuesday, January 5, 2021

මගෙ දෑසෙ කඳුළු ...

මගෙ දෑසෙ කඳුළු තව දෑසක

සතුටු කඳුළු වෙයි

අද ඇත ඇය මට හිමි නැති

මගුල් පෝරුවේ //


මට ඇය දුන් වේදනා

ඇගෙ දෑසින් තේරුණා //

මිලින කළේ ඇයි මැණිකේ

පරම චේතනා

පරම චේතනා


මගෙ දෑසෙ කඳුළු තව දෑසක...


නොඉඳුල් පෙම මා පැතූ

ඔබ කළ හැටි අන් සතූ //

මට දුන් දුක නොදෙනු මැනවි

ඔහුට මින් මතූ

ඔහුට මින් මතූ


මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //


ගායනය - ටියුඩර් ජයශාන්ත

පදරචනය - හේම ශ්‍රී ද අල්ව්ස් 

සංගීතය - රංජිත් පෙරේරා


මගේ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළ වේ’’ එකල ඔබේ ජනප‍්‍රිය ගීතයක්? 

ගීතයට පසුබිම් වූ කාරණය හේමශ්‍රී ද අල්විස් මහතා පවසමින් "ඉස්සර ගුවන්විදුලියේ ගීත අනුමත කරන මණ්ඩලයක් තිබුණණේ. ඒකෙ හිටියේ ඩෝල්ටන් අල්විස් වගේ මහා දැවැන්තයෝ. ගීත අනුමත නොවණම එයාලා කියනවා අර ඉන්නේ හේමශ‍්‍රී, ගිහිං කියලා ලියවාගෙන එන්න කියනවා. දවසක් ටියුඩර් ජයශාන්ත කියන ගායකයා මට ඇවිත් කිව්වා අනේ හේමෝ මේ සිංදුව අනුමත කරලා නෑ. මට මේ සිංදුවක් ලියලා දෙන්න කියලා. මගේ ගාවට ගීත ලියවා ගන්න ආවම මං කවදාවත් සල්ලි ගත්තේ නෑ, ලියලා දුන්නා ගීත. ඉතිං එදා ඔහුට ඒ ලියූ ගීතය තමයි මගේ දෑසේ කඳුළු. 

 * ඇයි මෙවැනි ගීතයක් ලිව්වේ? 

මං ආදරය කරපු ගෑනු ළමයෙක් හිටියා. මගේ නැන්දගේ දුව. මං ඉගෙනගෙන ඉවරත් නෑ එතකොට. දවසක් දා ඒ ගෙදරින් දොස් කිව්වා ඇයට මේ රස්සාවක් නැති එකෙක් එක්කද උඹ යන්න හිතං ඉන්නේ කියලා. ඒ කතාවට මට ටිකක් හිතට අමාරුයි. මටත් දවසක් එයිනේ කියලා හිතාගෙන හිටියා. පහුකාලයේ මං ගුවන්විදුලියේ රස්සාවට ගියා. ඒ ළමයා ලියුම් එවනවා කතා කරනවා. ඉතිං මට ඇති වැඩක් නෑනේ. මං බැලූවා මොකද මේ රස්සාවක් නැති මිනිහෙක් එක්ක හිඟා කන්න එයිද තරුණියක් කියලා. ඉතිං අර ටියුඩර් ජයශාන්ත ගීතයක් ලියලා ඉල්ලූව වෙලාවේ මට සිහියට ආවේ ඔය සිද්ධිය. ඒකයි මං ලිව්වේ ”මගේ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළ වේ, ඔහු නැඟ ඇත මට හිමි නැති මඟුල් පෝරුවේ, මට දුන් දුක් වේදනා ඇගේ දෑසින් තේරුණා, මිලින කළේ ඇයි මැණිකේ පරම චේතනා’ කියලා. ඉතිං ඒ ගීතය හොඳට ප‍්‍රසිද්ධ වුණා මට මතකයි.


(උපුටා ගැනීම - යුගාන්ති යශෝධරා / දිවයින)







No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...