Tuesday, January 5, 2021

හිච්චි නඟේ ...

හිච්චි නඟේ

හිච්චි නඟේ ...


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා


හිච්චි නඟේ

හිච්චි නඟේ ...


කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ

ගං පියසේ මං හිටියේ විලංගුවේ ..//

රෑ යාමේ හමුවී මට දෙවොල් පොළේ

ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ

හිච්චි නඟේ ...


දුරස් වෙලා හිටියත් ඔබ කොළොම්පුරේ

හද සුවඳයි රැඳුණේ ළඟ නිරන්තරේ ...//

හරස් වෙලා හැම දෙනාම කිමද නඟේ

ඔබෙයි මගෙයි ආදර ලොව පලුදු කළේ


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා


හිච්චි නඟේ

හිච්චි නඟේ .....///


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි

පද රචනය - සුනිල් ගුණවර්ධන

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


කව්ද මේ හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා ගීතයේ එන හිච්චි නගා?


ගීපද රචක සුනිල් ගුණවර්ධන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් "දවසක් මල්කාන්ති මේ පද ටික දැකපු හැටියේ කිව්වා මේක සනත් අයියටයි මටයි දෙන්නටම හොඳයි කියලා. මේ ගීතය ලියද්දි නං මගේ අත්දැකීමකුත් එකතු වුණා. සරසවියේදි මගේ මාස අටක පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. ඒ පේ‍්‍රම සම්බන්ධය තිබුණු තැනැත්තිය මාතර කෙනෙක්. මාතර ප‍්‍රදේශයේ තියෙන යෙදුමක් තමයි හිච්චි කියන යෙදුම. ඒ හිච්චි කියන යෙදුම අරගෙන ගැමි වහරෙන් ගීතය ලියන්න ගත්ත උත්සහයක් තමයි ඔය ගීතයේ තියෙන්නේ. ගීතයේ අග ලියලා තිබුණේ ”හරස්වෙලා හැමදෙනාම ඔබේ පිලේ, ආදරයයි මා පමණයි මගේ පිලේ” කියලා. ඕක තනි ගීතයක් වශයෙන් සනත් අයියා ගායනා කළා නම් ඒ විදිහට ගායනා කරනවා. නමුත් මල්කාන්ති අක්කටත් සම්බන්ධ වෙන්න ඕනයි කියපු නිසා ඒක යුග ගීතයක් බවට හැරෙනකොට මම අග වෙනස් කළා ”හරස්වෙලා හැමදෙනාම කිමද නගේ - ඔබෙයි මගෙයි ආදර ලොව පලූදු කළේ” කියලා. මේ ගීතය මගේ ජීවිතේ තරුණ වියේ අත්දැකීමක්.


ඇය දන්නවද ඇය නිසා ලියවුණු ගීතයක් බව මේ?


දන්නවත් ඇති නොදන්නවත් ඇති. මට ඒක අදාළ වෙන්නෙත් නෑ. ඒ සම්බන්ධය අවසන් වුණායින් පස්සේ ඇතිවුණු කම්පනය තමයි ඔය නිර්මාණයක් බවට පත්වුණේ. හැම නිර්මාණයකම ඇතුළත අපේ අත්දැකීමක් තියෙනවා. අත්දැකීමක් නැතුව කිසිම ගීතයක් ලියවෙන්නේ නෑ, නිර්මාණයක් බිහිවෙන්නෙත් නෑ මගේ ආකල්පයට අනුව.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...