Tuesday, January 5, 2021

හිච්චි නඟේ ...

හිච්චි නඟේ

හිච්චි නඟේ ...


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා


හිච්චි නඟේ

හිච්චි නඟේ ...


කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ

ගං පියසේ මං හිටියේ විලංගුවේ ..//

රෑ යාමේ හමුවී මට දෙවොල් පොළේ

ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා

හිච්චි නඟේ

හිච්චි නඟේ ...


දුරස් වෙලා හිටියත් ඔබ කොළොම්පුරේ

හද සුවඳයි රැඳුණේ ළඟ නිරන්තරේ ...//

හරස් වෙලා හැම දෙනාම කිමද නඟේ

ඔබෙයි මගෙයි ආදර ලොව පලුදු කළේ


හිච්චි නඟේ බාලේ ඉඳ හැංගි හොරා

ළපටි හිතින් මට මතකයි විහිළු කළා

හිතට හොරා මල් පිපුණා ආල නුරා

අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා


හිච්චි නඟේ

හිච්චි නඟේ .....///


ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි

පද රචනය - සුනිල් ගුණවර්ධන

තනුව - මහාචාර්ය සනත් නන්දසිරි


කව්ද මේ හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා ගීතයේ එන හිච්චි නගා?


ගීපද රචක සුනිල් ගුණවර්ධන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් "දවසක් මල්කාන්ති මේ පද ටික දැකපු හැටියේ කිව්වා මේක සනත් අයියටයි මටයි දෙන්නටම හොඳයි කියලා. මේ ගීතය ලියද්දි නං මගේ අත්දැකීමකුත් එකතු වුණා. සරසවියේදි මගේ මාස අටක පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. ඒ පේ‍්‍රම සම්බන්ධය තිබුණු තැනැත්තිය මාතර කෙනෙක්. මාතර ප‍්‍රදේශයේ තියෙන යෙදුමක් තමයි හිච්චි කියන යෙදුම. ඒ හිච්චි කියන යෙදුම අරගෙන ගැමි වහරෙන් ගීතය ලියන්න ගත්ත උත්සහයක් තමයි ඔය ගීතයේ තියෙන්නේ. ගීතයේ අග ලියලා තිබුණේ ”හරස්වෙලා හැමදෙනාම ඔබේ පිලේ, ආදරයයි මා පමණයි මගේ පිලේ” කියලා. ඕක තනි ගීතයක් වශයෙන් සනත් අයියා ගායනා කළා නම් ඒ විදිහට ගායනා කරනවා. නමුත් මල්කාන්ති අක්කටත් සම්බන්ධ වෙන්න ඕනයි කියපු නිසා ඒක යුග ගීතයක් බවට හැරෙනකොට මම අග වෙනස් කළා ”හරස්වෙලා හැමදෙනාම කිමද නගේ - ඔබෙයි මගෙයි ආදර ලොව පලූදු කළේ” කියලා. මේ ගීතය මගේ ජීවිතේ තරුණ වියේ අත්දැකීමක්.


ඇය දන්නවද ඇය නිසා ලියවුණු ගීතයක් බව මේ?


දන්නවත් ඇති නොදන්නවත් ඇති. මට ඒක අදාළ වෙන්නෙත් නෑ. ඒ සම්බන්ධය අවසන් වුණායින් පස්සේ ඇතිවුණු කම්පනය තමයි ඔය නිර්මාණයක් බවට පත්වුණේ. හැම නිර්මාණයකම ඇතුළත අපේ අත්දැකීමක් තියෙනවා. අත්දැකීමක් නැතුව කිසිම ගීතයක් ලියවෙන්නේ නෑ, නිර්මාණයක් බිහිවෙන්නෙත් නෑ මගේ ආකල්පයට අනුව.


(උපුටා ගැනීම - යුගන්ති යශෝධරා / දිවයින)




මා අහසේ ලියූ දේ ...

මා අහසේ ලියූ දේ

පෙනුණේ නුඹට විතරමයි

මා සුළඟට කියූ දේ

ඇහුවේ

කවුද නුඹ තමයි...

එහෙව් නුඹට නොදැනුණේ...

නුඹට දුන්න හිත තමයි...

මගේ කියා මට තිබුණෙත්

ඒ එක හිත විතරමයි...

විතරමයි... විතරමයි...

ඒ එක හිත විතරමයි...

විතරමයි... විතරමයි...


ප්‍රාර්ථනා මහ කන්දේ

කළුවර පාමුල උන්නේ මං

නුඹේ නුරා තරු එළියේ

කඳු මුදුනට ගෙන

නොගියා නම්...

අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී

නුඹ ගැනම හිත හිතා ඉන්නට...

හිතවත් මට තියේවී... 


මා අහසේ ලියූ දේ

පෙනුණේ නුඹට විතරමයි

මා සුළඟට කියූ දේ ඇහුවේ

කවුද නුඹ තමයි...

එහෙව් නුඹට නොදැනුණේ...

නුඹට දුන්න හිත තමයි...

මගේ කියා මට තිබුණෙත්

ඒ එක හිත විතරමයි...

විතරමයි... විතරමයි...

ඒ එක හිත විතරමයි...

විතරමයි... විතරමයි...


පද: යමුනා මලිනී පෙරේරා

තනුව: කසුන් කල්හාර

ගායනය : ශෂිකා නිසංසලා


ශෂිකා ගයන ”මා අහසේ ලියූ දේ” කාගේ අත්දැකීමක්ද?


යමුනා මාලිනී පෙරේරා මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් "එක දවසක් මං වැඩ කරන කාර්යාලයට ආවා පාසල් ශිෂ්‍යාවක් නිල ඇඳුම පිටින්ම. කොළඹ උසස් බාලිකා විද්‍යාලයක උසස්පෙළ හදාරන ශිෂ්‍යාවක්. ඇවිල්ලා කිව්වා නැන්දේ මං ආසයි නැන්දගේ සිංදුවලට, මං ආවේ පොඞ්ඩක් කතා කරලා යන්න. මට පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා කමක් නැද්ද කිව්වට කියලා මගෙන් ඇහුවා. මං කිව්වා කමක් නෑ දුව ප‍්‍රශ්නයක් තියෙනවා නං කියන්න මට උදව් වෙන්න පුළුවන් දෙයක් නං මං උදව් වෙන්නං කියලා. ඊට පස්සේ කිව්වා මං පිරිමි ළමයෙක්ව ආශ‍්‍රය කළා ගෙවල්වල දන්නෙත් නැහැ. මං හොඳටම ආදරය කළා එයාට. අපි ලියුම් ලිව්වා එහෙම. නමුත් එයාගෙන් අයුතු යෝජනා එනවා කිව්වා එයත් එක්ක එහෙ මෙහෙ යන්න ඉතිං. ඒකට එයා කැමති නැහැ කියලා කිව්වා. ඉතිං ඊට පස්සේ මේ පෙම්වතා එයාව අතහැරල ගිහිල්ලා. ඒකෙ දුක කියන්න තමා එයා ආවේ. කතා කරලා අන්තිමට එයාත් හිත හදාගෙන මට වැඳලා එහෙම ගියා. ඉතිං ඔය සිද්ධිය මගේ ඔලූවේ ටිකක් වැඩ කළා. ඔය සිද්ධියත් එක්ක තමයි මා අහසේ ලියූ දේ කිව්වේ නුඹට විතරමයි ගීතය ලිව්වේ.


මේ තරුණ ගැහැනු ඔහුට ආදරය කර තිබෙන්නේ කායික ආසාවක් හිතේ තියාගෙන නෙමෙයි. නමුත් ඇයට වඩා මඳක් වැඩිමහල් තරුණයා ඇගෙන් කායික ආසාවන් මුදුන් පමුණුවාගන්න කටයුතු කොට තිබෙනවා. මෙන්න මේ පරිසරය තුළ තරුණ යුවතිය කළකිරීමට පත්ව තිබෙනවා. අවසානයේදී ඇය ආදරයට සමු දී පැත්තකට වෙලා."


"ප්‍රාර්ථනා මහ කන්දේ

කළුවර පාමුල උන්නේ මං

නුඹේ නුරා තරු එළියේ

කඳු මුදුනට ගෙන

නොගියා නම්...."


"මේ පද ටික හා ගීතයේ ඉතිරි පද ටිකත් ඔබ හොඳින් කියවා බැලුවොත් ගීතය ඔබට හොඳින් තේරුම් ගන්න පුලුවන් වේවි. ගැහැනු ළමයෙක් මුලින්ම ආදරය කරන්නේ මහමෙරක් තරම් උසට. ලෝකයක් තරම් බරට. ඒත් ඇතැම් පිරිමි අයට මේ ආදරේ තේරුම් ගන්න අමාරුයි. කායික ආසාවන් හැමදේකටම වඩා වැඩියෙන් ඉදිරියට ගෙනත් තියලා අර සුන්දර කුළුඳුල් ආදරය අවහිර කරනවා. අවසානෙයේදී සිදුවන්නේ පසුතැවිලි වෙන්න විතරයි." මේ ගීතය තුළ ඒ අදහස පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ගීතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින් ලැබෙන්නෙත් ඒ නිසයි.


(උපුටා ගැනීම - යුගාන්ති යශෝධරා / දිවයින)




මගෙ දෑසෙ කඳුළු ...

මගෙ දෑසෙ කඳුළු තව දෑසක

සතුටු කඳුළු වෙයි

අද ඇත ඇය මට හිමි නැති

මගුල් පෝරුවේ //


මට ඇය දුන් වේදනා

ඇගෙ දෑසින් තේරුණා //

මිලින කළේ ඇයි මැණිකේ

පරම චේතනා

පරම චේතනා


මගෙ දෑසෙ කඳුළු තව දෑසක...


නොඉඳුල් පෙම මා පැතූ

ඔබ කළ හැටි අන් සතූ //

මට දුන් දුක නොදෙනු මැනවි

ඔහුට මින් මතූ

ඔහුට මින් මතූ


මගෙ දෑසෙ කඳුළු තව දෑසක... //


ගායනය - ටියුඩර් ජයශාන්ත

පදරචනය - හේම ශ්‍රී ද අල්ව්ස් 

සංගීතය - රංජිත් පෙරේරා


මගේ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළ වේ’’ එකල ඔබේ ජනප‍්‍රිය ගීතයක්? 

ගීතයට පසුබිම් වූ කාරණය හේමශ්‍රී ද අල්විස් මහතා පවසමින් "ඉස්සර ගුවන්විදුලියේ ගීත අනුමත කරන මණ්ඩලයක් තිබුණණේ. ඒකෙ හිටියේ ඩෝල්ටන් අල්විස් වගේ මහා දැවැන්තයෝ. ගීත අනුමත නොවණම එයාලා කියනවා අර ඉන්නේ හේමශ‍්‍රී, ගිහිං කියලා ලියවාගෙන එන්න කියනවා. දවසක් ටියුඩර් ජයශාන්ත කියන ගායකයා මට ඇවිත් කිව්වා අනේ හේමෝ මේ සිංදුව අනුමත කරලා නෑ. මට මේ සිංදුවක් ලියලා දෙන්න කියලා. මගේ ගාවට ගීත ලියවා ගන්න ආවම මං කවදාවත් සල්ලි ගත්තේ නෑ, ලියලා දුන්නා ගීත. ඉතිං එදා ඔහුට ඒ ලියූ ගීතය තමයි මගේ දෑසේ කඳුළු. 

 * ඇයි මෙවැනි ගීතයක් ලිව්වේ? 

මං ආදරය කරපු ගෑනු ළමයෙක් හිටියා. මගේ නැන්දගේ දුව. මං ඉගෙනගෙන ඉවරත් නෑ එතකොට. දවසක් දා ඒ ගෙදරින් දොස් කිව්වා ඇයට මේ රස්සාවක් නැති එකෙක් එක්කද උඹ යන්න හිතං ඉන්නේ කියලා. ඒ කතාවට මට ටිකක් හිතට අමාරුයි. මටත් දවසක් එයිනේ කියලා හිතාගෙන හිටියා. පහුකාලයේ මං ගුවන්විදුලියේ රස්සාවට ගියා. ඒ ළමයා ලියුම් එවනවා කතා කරනවා. ඉතිං මට ඇති වැඩක් නෑනේ. මං බැලූවා මොකද මේ රස්සාවක් නැති මිනිහෙක් එක්ක හිඟා කන්න එයිද තරුණියක් කියලා. ඉතිං අර ටියුඩර් ජයශාන්ත ගීතයක් ලියලා ඉල්ලූව වෙලාවේ මට සිහියට ආවේ ඔය සිද්ධිය. ඒකයි මං ලිව්වේ ”මගේ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළ වේ, ඔහු නැඟ ඇත මට හිමි නැති මඟුල් පෝරුවේ, මට දුන් දුක් වේදනා ඇගේ දෑසින් තේරුණා, මිලින කළේ ඇයි මැණිකේ පරම චේතනා’ කියලා. ඉතිං ඒ ගීතය හොඳට ප‍්‍රසිද්ධ වුණා මට මතකයි.


(උපුටා ගැනීම - යුගාන්ති යශෝධරා / දිවයින)







කඳු අතරින් උදේ හවා ...

කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ..

සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ..

කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ..

එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ..


මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ..

ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ..

දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ..

මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ..


කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා..

කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා..

වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා..

අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා..


ගායනාය හා සංගීතය  - කුමා අත්තනායක 

පදරචනය - අශෝක කෝවිලගේ 


ගීත රචකයා වෙන අශෝක කෝවිලගේ ඒ කාලේ රැකියාවට ගිහින් තියෙන්නේ දහ අට වංගුව පාරේ. ඔහු හැමදාම එන එක්තරා පුද්ගලික බස් රථයක් තිබිලා තියෙනවා. ඒකෙ රියදුරු මහත්තයා බොහොම ප්‍රියමනාප පුද්ගලයෙක්. මේ බස් එක වංගුව අද්දනකොට එක්තරා වංගුවක් ළඟ පොඩි කඩේක හිටපු තරුණියක් කඩෙන් එළියට එනවා. රියදුරු තැනත් මේ දැරිවි දිහා බලලා මල් මල් හිනා දාලා තියෙනවා. කොහොමින් හරි කාලයක් යද්දී මේ තරුණිය කලින් වගේ දකින්න ලැබිලා නෑ. මේක රියදුරු තැනට දරාගන්න බැරි සිදුවීමක් වෙලා තියෙනවා. ඒක මගීන්ටත් තේරිලා තියෙන්නේ ඔහුගේ වෙනදා තිබුණු ප්‍රසන්න බව නැතිවීමෙන්. අන්තිමේ වෙනත් රියදුරෙක් බස් රථය පදවන තත්වයට පත්වෙනවා. මේ සිදුවීම දැකලා ඇතිවුණු සංවේදීකම මත තමයි මේ ගීතය ලියවෙන්නේ.


(උපුටා ගැනීම - lifie)




Monday, December 28, 2020

හොඳ හොඳම වේය ලොව ...

ධර්මදාස වල්පොල නම් අසහාය ගායකයාණන් අභාවප්‍රාප්ත වී දෙසැම්බර් 25 වන අද දිනට වසර 37 කි. එතුමා 1983 දෙසැම්බර් 25 වන නත්තල් දින අප අතරින් සමුගන්නා ලදී. එතුමා විසින් ගායනා කරන ලද පළමු චිත්‍රපට ගීතය ඔහුට උපහාර පිණිස අද දින ඉදිරිපත් කරමි.


හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ ...//


බොහො ප්‍රේමෙ පුෂ්ප වියළේ

මව් පියගෙ ප්‍රේමෙ සුදිලේ

ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම් ....//


හොඳ හොඳම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


මා ජීව අර්ධෙ ස්වාමී ස්වාමී 

මා ජීව අර්ධෙ ප්‍රේමී ප්‍රේමී ...//


මල්සරා මගේ ප්‍රේමා ප්‍රේමා

මා පතිනි පියුම් කාන්තා දේවී


ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම්


ලොව සැමට ශාන්ති සදනා

මධුර සුපිරිසිදු රම්‍යාවූ පෙම්


හොඳ හොඳ ම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


හොඳ හොඳ ම වේය ලොව

කිසිම තැනක නැහැ

නොහොඳ නරක දිණුවේ

සිත ඊර්ෂ්‍ය මාන ගති

නැති නිසාම අපි

ප්‍රේම තරඟෙ දිණුවේ


ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

පද - හියුගෝ ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි (සිංහල සිනමාවට මොහුගේ ප්‍රථම දායකත්වයයි)

1953 දී තිරගතවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගීයකි.


ලතා, ධර්මදාස වල්පොල සමගින් චිත්‍රපටි යුග ගී ගායනයකට එක්වූ ප්‍රථම අවස්ථාව "ප්‍රේම තරඟය" චිත්‍රපටිය වේ. එපමණක් නොව ධර්මදාස වල්පොලගේ ප්‍රථම සිනමා පසුබිම් ගායනය ද එක්වන්නේ "ප්‍රේම තරඟය" චිත්‍රපටියටයි. 

(ධර්මදාස වල්පොල ලතා සමඟ විවාහ වන්නේ පසු කලෙකයි. මේ අවධියේ ලතා, ලතා වල්පොල නොව, මාතරගේ රීටා ජෙනිවිව් ප්‍රනාන්දුය. කලා ක්ෂේත්‍රයට ඇගේ නම ලතා ලෙස යෝග්‍ය බව කියා ඒ නම ස්ථාපනය වන්නේ සුසිල් ප්‍රේමරත්නයන්ගේ යෝජනාවකිනි.)


ප්‍රේම තරඟය චිත්‍රපටියේ සංගීතය වෙනුවෙන්, ඉන්දීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, මුත්තුසාමි මහතා සම්මානයකින් පිදූ බව වාර්තාවේ. මෙම චිත්‍රපටියේ සියලු ගී තනු ස්වතන්ත්‍ර නිර්මාණ වේ.


මෙම ගීතය රචනා කර තිබුණේ හියුගෝ ප්‍රනාන්දුය. සංගීතය ආර්. මුත්තුසාමි මාස්‌ටර්ය. ඒ. බී. රාඡ්. අධ්‍යක්ෂණය කළ එස්‌. එම්. නායගම් නිපදවූ "ප්‍රේම තරඟය" චිත්‍රපටිය වෙනුවෙනි. මෙම ගීතය මුලින්ම ගායනා කරන්නට නියමිතව සිටියේ ධර්මදාස නොවීමද අපූරු කතාවකි. එය ගයන්නට සිටි අරුණ ශාන්ත නම් චිත්‍රපට නළුවා හදිසියේ අසනීප තත්ත්වයට පත්වීම නිසා චිත්‍රපට කණ්‌ඩායමට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය.

 

මුත්තුසාමි මාස්‌ටර්ගේ වාදක මණ්‌ඩලයේ තබ්ලා වාදනය කරමින් සිටි එම්. ආරියදාස ගැටලුවට විසඳුමක්‌ ලබා දුන්නේය. මාස්‌ටර් හොඳට සිංදු කියන්න පුළුවන් හාදයෙක්‌ ඉන්නවා. රේඩියෝ සිලෝන් එකෙත් "ලයිව් සෝන්ග්ස්‌" කියනවා.


කවුරු වුණත් කමක්‌ නැහැ. ඉක්‌මණට එක්‌ක එන්න. එවර කථා කළේ චිත්‍රපටියේ නිෂ්පාදක නායගම්ය. ආරියදාස හනි හනික කඳානේ සිට බස්‌රියක නැඟී මරදානේ සිටි ධර්මදාස සොයා ගියේය. වාසනාවකට ඔහු ගෙදර සිටියේය. "ධර්මෙ ඉක්‌මණට ඇඳ ගන්න. පොඩි වැඩකට කඳානට යන්න තියෙනවා." ආරියදාස කීවේය. මිතුරාගෙන් ආගිය කාරණා නොවිමසා කඳානට ගියේය. එදා ධර්මදාස චිත්‍රපටයකට ගීයක්‌ ගැයීය. එය යුග ගීතයකි. ඔහුගේ සහාය ගායිකාව වූයේ ලතා ජෙනට්‌ ප්‍රනාන්දුය. ඒ අපූරු ගීතය විය. ලතා ධර්මදාසගේ කටහඬ රන් රස සේ පෑහිණ. 1953 ධර්මදාස වල්පොල චිත්‍රපට ගීත ගායනයට අවතීර්ණ වන විට වයස අවුරුදු 26 කි. 


(උපුටා ගැනීම - දිවයින/ ගී අරණ)




සුභ ප්‍රාර්ථනා කියමන් ...

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

මා වටකර සතර දෙසින්

ගිලිහෙන මුත් මුවට මුවින්

ඔබේ මුවින් නැති පැතුමන්

මට නැත අගනේ

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


මා ඈ කර මාල බඳින්නේ

ඔබෙ නෙත් තරු සැලී දිළෙන්නේ

මා ඈ ගත සළු පළඳන්නේ

ඔබෙ නෙත් අග කඳුළු පිරෙන්නේ

ගිගුම් හඬින් මගුල් සිලෝ

පෝරුව දෙදරයි


සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


මධුසමයට මඟට බහින්නේ

ඔබෙ නෙත් පෙර මඟ හමුවන්නේ

රහසින් බැඳි පෙම සිහිවන්නේ

අප මින් මතු නැත හමුවන්නේ

ඔබ අන්සතු ළඳක් කියා

ඇයි මට කීවේ


සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා කියමන්

සුභ ප්‍රාර්ථනා


ගායනය - විශාරද ගුණදාස කපුගේ

පද රචනය - ලූෂන් බුලත්සිංහල

තනුව - විශාරද ගුණදාස කපුගේ


මෙම ගීතය පිළිබඳව පදරචක ලූෂන් බුලත්සිංහලයන් අදහස් දක්වමින් "මගේ සමීපතම මිත්‍රයෙක් හිටියා. එයා විවාහ වීමට පෙර විවාහක කාන්තාවක් සමඟ අනියම් ප්‍රේමයක් තිබුණා. ඔහුට ඇයව අයින් කරන්නම බැරි තැන වෙනත් කාන්තාවක් සමඟ විවාහ වුණා. එදා ඔහුගේ උත්සවයට පෙර කියූ අනියම් පෙම්වතියත් පැමිණියා.


මිත්‍රයාගේ අනියම් සම්බන්ධතාව දැනගෙන සිටි මමත් ඒ විවාහ මංගල උත්සවයට සහභාගි වුනා. ඒ මොහොතේ මගේ සිතේ ඇතිවුණ හැඟීම මං ‘සුබ ප්‍රාර්ථනා කියමන්’ කියන ගීතයෙන් ඉදිරිපත් කළා. මේ ගීතයේ තවත් විශේෂත්වයක් තියෙනවා. මගේ මිත්‍රයකු වුණ ගුණදාස කපුගේට මං ලියූ ප්‍රථම ගීතය වුණේ මේ ගීතයයි.


(උපුටා ගැනීමකි)




Tuesday, December 22, 2020

ඩැෆඩිල් මලේ ...

හිත මා සොරාගෙන

ගියේ ඇයි ද

ඩැෆඩිල් මලේ

හිම වාගෙ සුන්දර

හස කැන් රඳවා හදේ

මුමුනා කියන්නෙ

නල රැලින්

කඳු මානයේ

ඔබ තාම මාගෙමයි

වසත් කල යෞවනියේ

ඔබ තාම මාගෙමයි

වසත් කල යෞවනියේ


දුර ඈත ගං තෙරේ

සැඩ සීත මාරුතේ

වෙලී ගත ඈ

දෑත ගෙන මා

හීන් වැහි කෝඩයේ

මුව කමල ආදරෙන්

සිපගතිමි සීරුවෙන්

හැඟුම් සොඳුරුයි

රැඳුන නෙතගේ

එවන් සැන්දෑ කලේ


හිත මා සොරාගෙන....


විලෝ තුරු මං පෙතේ

සඳ උවන පිපි රැයේ

කෝල ලෙස ඈ

දෑත සැලුවේ

දෑල වැල් පාලමේ

හද විලම ආදරෙන්

සසල විය මුදු සරින්

හැඟුම් සොඳුරුයි

රැඳුණ මතකේ

එවන් සැන්දෑ කලේ


හිත මා සොරාගෙන...


ගායනය - දයාන් විතාරණ 

පදරචනය - චාමින්ද රත්නසූරිය 

සංගීතය - මහේන්ද්‍ර පැස්කුවල්


මේ ගීතයට පසුබිම් වූ හේතු පිළිබඳව චාමින්ද රත්නසූරිය අදහස් දක්වමින් "මට 1999 දී විතර දයාන් විතාරණ මුණගැහෙන්නේ. කිත්සිරිගේ මම ලියපු ‘නිසල සඳ කිරණේ‘ කියන ගීතය සංගීතවත් කළේ සමන්ත පෙරේරා. ඔහු තමයි මාව දයාන්ට අඳුන්වලා දෙන්නේ. කොහොම හරි අපි අතරේ ලොකු සම්බන්ධයක් හැදුණෙත් නෑ. ඒත් දවසක් දයාන් මට කැසට් කෑල්ලක් තියලා ගිහිං තිබුණා ස්ටුඩියෝ එකේ. දවසක් සුනන්ද මෙත්තසිංහ අපේ සවුන්ඩ් කරන මිත‍්‍රයා කතාකරලා අහනවා අර දයාන් අයියා උඹට දුන්න තනුවට සිංදුවක් ලිව්වාද කියලා. 


මම විලියම් වර්ඞ්ස්වර්ත්ගේ කවි රසිකයෙක්. වර්ඞ්ස්වර්ත්ගේ කවියක් තියෙනවා. ඩැෆර්ඩිල් මල මට අහුවෙන්නේ මේ කවියෙන්. ඒ එක්කම තමයි ‘ඩැෆර්ඩිල් මලේ‘ කියන ගීතය අර මෙලඩියට ලියවෙන්නේ. මේ කවියට අමතරව තව දේවල් ගොඩක් මේ ගීතය අස්සේ තියෙනවා. මගේ යාළුවෙක් හිටියා, ඔය බොස්නියා පැත්තෙන් ඉතාලියට පැන්න. බොස්නියා යුද්ධය එහෙම තියෙන කාලේ ඒ හරහා යනකොට ඔහුට බොස්නියාවලදි, හිතාගන්න බැරි විදිහේ ලස්සන කෙල්ලෙක් හමුවෙනවා. ඔහුට ලංකාවෙදි කෙල්ලෙක් හිටියේ නෑ. ඉතාලියට යන්න වෙනකොට ඔහුට මේ කෙල්ල දාලා තමයි යන්න වෙන්නේ. ඔහු ඒ දුක මට එහේ ඉඳලා ලියුමකින් ලියනවා. ඒකත් මගේ හිත අස්සේ කැරකි කැරකි තමයි තිබුණේ. 


තව මගේ මිත‍්‍රයේ හිටියා ටුවරිසම් කරපු, දවසක් එයා නුවරට ප්‍රංශ කෙල්ලෙක් එවනවා, මචං මෙයාව නුවරඑළියට ගිහිං අරලවපං කියලා. මම මේ කෙල්ල කැන්ඩි ස්ටේෂමෙන් අරගෙන නුවරඑළියේ යනවා. මේ යන අස්සේ අපි දෙන්නා අතර ආදරයක් ගොඩනැගෙනවා. නුවරඑළියේ විලෝ ගස් ගොමුවක් අස්සේදී ඇය මට කිස් එකක් දෙනවා. ඒ කාලේ ප්‍රංශ හාද්දක් කියන්නේ ලේසිද? කොහොම වුණත් මම අමාරුවෙන් එයාව නුවරඑළියේ නතර කරලා කොළඹ එනවා. මේ සේරම කතාවල එකතුවක් තමයි, ‘සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ‘ කියන සිංදුව අස්සේ තියෙන්නේ. මේ සිංදුවට දැන් අවුරුදු 20ක් වෙනවා. ඒත් තාමත් මට මේක දැනෙනවා.

(උපුටා ගැනීම - anidda.lk) 




නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...