Monday, July 6, 2020

තැටිය මැද්දෙ කලු කරාපු ...

තැටිය මැද්දෙ කලු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්තත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි උනාවු
මහ වැඩකට පෙලබුනාවු
අපි දැකල එයා හඩනවා

ඇයි කොහොද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ

ඉරට එලිය අඩු උනාට
සදට එලිය අඩු උනාට
අපිට මොටද කලාමැදිරියෝ

මදුරු තුඩට අහු උනාට
ඇගෙන් බිදක් අඩු උනා‍ට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ

තැටිය මැද්දෙ කලු කරාපු...

ඉසුරු අහුරු මලු පුරාපු
අමුතු ලොවක අප රදාපු
සිහින සිහින නොවේ සැමදිනේ

දිනක අපට අප පතාපු
ලොවක රජව නං දරාපු
පෑදේ පෑදේ වාසනාවේ

තැටිය මැද්දෙ කලු කරාපු...

ගායනය - එම්.එස්.ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල 
පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස් 
සංගීතය - 

මේ ගීතය ඇතුළත් වී තිබුණේ ටයිටස් තොටවත්ත මහතා අධ්‍යක්ෂණය කල මරුවා සමග වාසේ චිත්‍රපටියේ. ඒ වෙන කොට තොටවත්ත මහත්තයා කිසිම දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා දැන සිටියේ නැහැ. ඉතින් මේ ගීතයේ මේ අදාල රූප රාමු සඳහා ගීතයක් රචනා කරවා ගන්න කෙනෙක් හොයමින් ඉන්න කොට දවසක් තොටවත්ත මහතාගේ මිත්‍රයෙක් පුංචි මිටි මනුස්සයෙක්ව කැඳවා ගෙන ආවා. "මෙයා ලවා අපි අර සිංදුව ලියවා ගමු කියලා". මේ මිටි මනුස්සයා අන් කවරෙකුවත් නොව ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.

නමුත් ටයි මහත්තයාට නම් විශ්වාසයක් තිබුණේ නැහැ ගීතය ලියයි කියලා. ඒ වුණත් හරි ලියන්නකෝ කියලා එතුමා තේ එකක් එහෙම දීලා තම කාර්යයකට බැහැරට ගියා. "හරි වැඩේ නේ අර මනුස්සයාට සින්දුව ලියන්න කඩදාසි ටිකක් දෙන්න බැරි වුණානේ" කියා නැවත කඩදාසි ටිකක් අරගෙන ප්‍රේමකීර්ති මහතා මුණ ගැසෙන විට "අපෝ ඔය කඩදාසිවල මහා පතරංගෙත් ලියත හැකි නේ. මම සිංදුව ලියා ඉවරයි." කියමින් සාක්කුවෙන් ලියුම් කවරයක් දිග හැර ටයි මහත්තයා අතට දුන්නා. ඒ ගීතය තමා මේ. එදායින් පසුව ප්‍රේම්-ටයි සුසංයෝගයත් අපූරුවට හැදුණා.

මේ මරුවා සමග වාසේ චිත්‍රපටිය ඉතාමත් ජනප්‍රිය වුණ චිත්‍රපටියක්. ඊට ප්‍රධානම හේතුව එහි කතා පුවත අපේ රටේ ආන්දෝලනාත්මක චරිතයක් වුණ මරු සිරා එහෙම නැත්තන් දේද්දුව ජයතුංගලාගේ සිරිපාල පිළිබඳවයි.



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...