Monday, July 6, 2020

ඔච්චර බලගතු ඔපිසර ගේ දුව ...

ඔච්චර බලගතු ඔපිසර ගේ දුව
එල්ලිලා මැරුණනෙ පොඩිනෝනෝ ...//

So much powerful officer’s daughter
hanged and died my small lady ...//

කැලේට දුවලා වැලක් කඩලා
එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ ....//

Ran to the jungle plucked a creeper
hanged and died my small lady ...//

හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ
එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ ...//

Tom tom beating funeral taking
hanged and died my small lady ....//

So much powerful officer’s daughter
hanged and died my small lady

ඔච්චර බලගතු ඔපිසර ගේ දුව
එල්ලිලා මැරුණනෙ පොඩිනෝනෝ

ගායනය - එරංගා සහ ප්‍රියංග

බටහිර සංගීත ආරට ගැයුණු ගීත එක්තරා කාලයක ගුවන් විදුලියේ ප්‍රචාරය තහනම් වුණා. බටහිර සංගීතයේ භාවිතා වන ගිටාර්, ක්ලැරිනට් වගේ භාණ්ඩ අපේ ගීත වලට යොදා නොගත යුතුයි කියා සමහර විද්වතුන් කීවා. ඒ වගේ තහනම් වූ එක ගීතයක් තමයි එරංගා සහ ප්‍රියංග ගායනා කරන ඔච්චර බලගතු ඔපිසරගේ දුව ගීතය. මේ ගීතය තහනම් වූ බව සහ ඒ පිලිබඳ කලකිරීමෙන් එරංගා සහ ප්‍රියංග රට අත්හැර ගිය බව ක්ලැරන්ස් විජේවර්ධන කියූ බව සඳහන් වෙනවා පරාක්‍රම කොඩිතුවක්කුගේ "ක්ලැරා" කෘතියේ. නමුත් මේ ගීතය තහනම් වීමට හේතුව එවකට පැවති රජයේ උසස් නිලධාරියෙකුගේ දියණියක් සිය දිවි නසාගැනීම සහ මේ ගීතයෙන් ඒ පිළිබඳව සඳහන් කරතැයි යන සැකය යන්න තවත් මතයක්.

එරංගා සහ ප්‍රියංග වෘත්තිය ගායනයට පිවිසෙන්නේ අහම්බෙන්. මෙරට සිට ආපසු යන එරංගාගේ පියාගේ විදේශීය හිතවතෙකුට රැගෙන යන්නට ගීත කිහිපයක් ගායනා කරන්නට 1965 දී ඔවුන් ලුවිස් බ්‍රවුන් ශබ්දාගාරයට යනවා. එතැනදී ඔවුන් ගීත ගායනා කරනවා අසා සිටි ජෙට්ලයිනර්ස් ගායක කණ්ඩායමේ කළමනාකරු ටෝනි ප්‍රනාන්දු ඔවුන් දෙදෙනාට ආරාධනා කරනවා ගාලු මුවදොර හෝටලයේ (Galle Face Hotel) "Coconut Grove" හි ගීත ගායනා කිරීමට ආරාධනා කර ඇත. එහිදී ඔවුන් බටහිර හා සිංහල ගීත ගයා ඇත. 

මේ ගීතය ජන ප්‍රවාදයක් ඇසුරෙන් නිර්මාණය වී තිබෙනවා. මේ ගීය මුලින් ගායනා කර තිබෙන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් වෙන වෙනම, ටවර් හෝල් යුගයේදී. ඒ එරංගා වීරසිංහ මහත්මියගේ පියා වන ලෙනාඩ් වීරසිංහ සහ ලක්ෂ්මී බායි විසින්.

එරංගා සහ ප්‍රියංග දෙපලම පැවත එන්නේ සංගීතය සමඟ ජිවත්වූ පවුල් පසුබිම් දෙකකිනි. එරංගාගේ පියා ලෙනාඩ් වීරසිංහ ප්‍රසිද්ධ වේදිකාවේ ගී ගැයූවෙකු වන අතර මව පියානෝ වාදනය කළාය. ඇගේ සොයුරු සොහාන් වීරසිංහද ප්‍රසිද්ධ සංගීඥයෙකි. කුඩා කල සිටම සංගීතයට නැඹුරු වූ එරංගා ගිටාර් වාදනය ප්‍රගුණ කළාය. 

එරංගා හා ප්‍රියංගගේ හමුවීම සිදුවන්නේ 60 දශකයේ වියළි කලාපයේ භූමි දර්ශන චිත්‍රයට නැගීම සඳහා හම්බන්තොට ගිය අවස්ථාවේදීය. දෙදෙනා තුල වූ සංගීතයට ඇති ඇල්ම ඔවුන් එක්කර ඇත. පසුව විවාහ වී මඩකලපුව රූගම් ප්‍රදේශයේ වාසය කර ඇත. එහිදී ඔවුන් සවස් කාලයේදී ගී ගයා ඇත. 

අනතුරුව ඔවුන් දෙපල එංගලන්තයට ගොස් ඇති අතර එහිදී ඉංග්‍රීසි, ග්‍රීක, ජර්මන් හා ප්‍රංශ භාෂාවලින් ගී ගයා ඇත. ඔවුන්ට භාෂා 15කින් ගීත ගැයීමට හැකිය. අනතුරුව ඔවුන් එංගලන්තයේ සිට ඇමරිකාවේ පදිංචියට ගොස් ඇත. වර්තමානයේ ඔවුන් නිව්‍ යෝර්ක් නුවර පදිංචි සිටිමින් සංගීත කටයුතු වල නිරතව සිටී.

  
                       
                                                  



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...