Tuesday, July 14, 2020

මලක් වුනේ ඇයි නුඹ මට ...

මලක් උණේ ඇයි නුඹ මට සමන් අතාවුදහෙට්ටි මහත‍ා අතින් ලියවෙන මේ ගීතය ඔහුගේ මිතුරෙකුගේ සත්‍ය අත්දැකීමක් පිලිබඳ කියවෙන ගීයකි.

කාලයක් විදේශ රටක සේවය කරන සමන් මහතාගේ මිතුරෙක් ලංකාවට එන්නේ ඔහු විදේශගතව සිටියදී දැන හදුනාගත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුනින්.

ලංකාවට ආපු මොහු තරුණියගේ පවුලේ අයත් දැනුවත් කරලා විවාහය සදහා දින වෙන් කරගන්නවා. ඔහොම ටික කාලයක් ඉන්නකොට මොහු හදිස්සියේම ඒ තරුණිය විවාහ නොකරගන්න තීරනය කරනවා.

ඒකට හේතුව වෙලා තියෙන්නේ දෙදෙනාගේ අදහස් නොගැලපීමලු. ඇය ගොඩක් සාම්ප්‍රදායික විදිහේ තරුණියක්ලු. කොටින්ම කියනවානම් ඇය අතකින් වත් අල්ලනවට කැමති වෙලා නැහැලු. ඉතින් සමන් මහත්මයාගේ මිතුරට ලොකු දුකක් කලකිරීමක් ඇතිවෙලා තියෙනවා මේ ගැන. ඉතින් ඔහු ආපහු තමන් හිටපු රටටම යන්න තීරනය කරලා, ලංකාව අතහැරලා ආපහු හිටපු රටටම ගියාලු. මේ කතාව අහපු දැකපු සමන් අතාවුදහෙට්ටි මහතා අතින් "මලක් උනේ ඇයි නුඹ මට" ගීතය ලියවී ඇත.

මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

විලක් වුනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන දල්වනු කෙලෙසින්

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්

මලක් වුනේ ඇයි නුඹ මට...

ගායනය - අමරසිරි පීරිස්.
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
සංගීතය - කලණි පෙරේරා



No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...