Tuesday, July 14, 2020

දෛවයෝගයකින් නොවේදෝ ...

මෙම ගීතයේ පද රචකයා වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී සිදුකෙරුණු විනෝද චාරිකාවක් අතර තුර තමන්ට වඩා ඉහල වසරේ සිසුවියකු සමග ආදර සම්බන්දතාවයක් ඇති කර ගන්නවා. එහෙත් මෙම සිසුවිය විවාහ ගිවිසගෙන සිටි තැනැත්තියක් වන අතර ඇය සුනිල් ආරියරත්න මහතාට ආදරය කරන බවත් කවදාවත් අපට විවාහ වීමට නොහැකි බවත් පවසනවා. “නමුත් සරසවි කාලයේදී අපි ආදරයෙන් ඉමු” යැයි ඇය පවසා තිබෙනවා…

ඔබ මට ආදරය කියාදී අඬන්නත් මට කියා දුන්නා… නොවිසිඳුණු තම ප්‍රේමය ගැන සුනිල් ආරියරත්නයන් විසින් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී රචනා කල, වික්ටර් රත්නායක මහතාගේ ස්වරයෙන් ගැයෙන “දෛවයෝගයකින් නොවේදෝ අප හමුවුනේ අප හමු වුනේ” ගීතය මෙලෙස නිර්මානය වෙනවා..

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

දෛවයෝගයකින්...

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

දෛවයෝගයකින්...

පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: වික්ටර් රත්නායක




No comments:

Post a Comment

නිදි නැති රැය පුරාවට ...

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ ඈතට පාවි පාවි ගිය හැටි මතකයි ජිවිත...